ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වමින්, PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවයි

OR

PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වයි

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම සාඩම්බරයෙන් සමරයි. PAYable සමාගම ලැබූ මෙම ජයග්‍රහණය, ඔවුන්ගේ ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. ශ්‍රී ලංකාව පුරා පවතින ව්‍යාපාරයන් සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගෙවීම් කිරීමට සහය ලබා දෙමින්, ඔවුන්ගේ ආදායම ඉහළ නංවමින්, මූල්‍ය අනාගතය සවිමත් කිරීම සඳහා ව්‍යාපාර සවිබල ගැන්වීමට සහය වීම තුළින් PAYable හි සාර්ථකත්වය මනාව කැපී පෙනෙයි.

ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන් හි සිදු කරන මූල්‍ය ගනුදෙනු, ඩිජිටල් මූල්‍ය ගනුදෙනු බවට පරිවර්තනය කිරීමේ ප්‍රමුඛත්වය දරන PAYable සමාගම, ආරම්භයේ පටන්, ඩිජිටල් ආර්ථිකය තුළ ගනුදෙනු කිරීම සඳහා කුඩා පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් 40,000කට පමණ අවශ්‍ය කරන ඩිජිටල් ගෙවුම් ක්‍රම ලබා දී ඇත. සමාගමේ සම-නිර්මාතෘවරුන් වන දිවංගත සුජිත් සුබසිංහ සහ යොහාන් විජේසිරිවර්ධන යන මහත්වරුන්ගේ දැක්ම අනුව ගමන් කිරීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කුඩා හෝ මහා පරිමාණ යන සෑම ප්‍රමාණයකම ව්‍යාපාරිකයන් සඳහා වාසි දායක, ලාබදායී හා පහසු ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් සැකසීම ඔවුන් දෙපළගේ අරමුණ විය. මූල්‍ය කටයුතු සඳහා ඩිජිටල්කරණය ඔස්සේ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි PAYable හි කැපවීම, වර්තමානය වන විට මෙරට විශාලතම බැංකු නොවන ඩිජිටල් ගෙවීම් සම්පාදකයෙක් ලෙස පත්වීමට හේතු වී ඇත.

PAYable හි සභාපති සහ සම-නිර්මාතෘ වන රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා අදහස් දක්වමින් පැවසුවේ, “හුදෙක් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් පමණක් නොවන PAYable, ව්‍යාපාරිකයන්ගේ දියුණුවට පවා මඟ පෙන්වනවා. සිය පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කර ගනිමින් සිටින කුඩා ව්‍යාපාරිකයෙකු හෝ  සිය ව්‍යාපාරය පුළුල් කරන ව්‍යවසායකයෙකු තෙක් සියලු දෙනාගේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට හා ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීමට අවශ්‍ය තාක්‍ෂණික සහය සහ ප්‍රවේශය PAYable වෙතින් ලබා දී තිබෙනවා. ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා ඇති බාධක ඉවත් කරමින්, මුදල් නෝට්ටු (cash) ගනුදෙනුවලට පමණක් සීමා වෙමින් ව්‍යාපාර කළ සියලු දෙනා හට PAYable ඩිජිටල් ගෙවුම් ක්‍රම හඳුන්වා දෙමින්, නව ආදායම් අවස්ථා විවෘත කර දීම, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර දීම හා ව්‍යාපාරයන්හි දී සිදු කළ ගනුදෙනුවල දත්ත ඩිජිටල්ව ගබඩා කර තැබීම සඳහා අවස්ථාව ලබා දෙයි. මුදල් මගින් ගනුදෙනු කිරීමට වඩා ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු සිදු කිරීම පාරිභෝගිකයන්ගේ වඩාත් ප්‍රියතම ක්‍රමවේදය බවට පත්ව ඇති බැවින්, PAYable භාවිතා කරන බොහෝ ව්‍යාපාරිකයන්, සිය ව්‍යාපාර ගනුදෙනුවල ඉහළ ප්‍රගතියක් අත්විඳ තිබෙනවා”.

වර්තමාන තරුණ පරපුර  ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත යොමුව ඇති බැවින්  තාක්ෂණික දැනුමක් ඇති පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ. PAYable වෙතින් සිදු කරන සුරක්ෂිත ගනුදෙනු ඔස්සේ ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ පාරිභෝගිකයන් අතර විශ්වාසය ගොඩ නගා ගැනීමට හැකියාව ලැබී ඇත. ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ඩිජිටල් ගමනේ දී ඒ සඳහා මග පෙන්වීමක් අවශ්‍ය බව හඳුනා ගන්නා PAYable, විශේෂඥ දැනුම හා විසඳුම් සපයන පැය 24 පුරාම ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා සහාය ලබා දෙයි. ඒ සමඟම   ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත යොමු වීමේ පහසුව ව්‍යාපාරිකයන්ට සහතික කරමින්, ඔවුන් හට අවශ්‍ය උපදේශන හා සහය නිරතුරුවම ලබා දීමට PAYable ඇප කැප වී සිටියි.

PAYable හි සම නිර්මාතෘ යොහාන් විජේසිරිවර්ධන මහතා පැවසූවේ, “PAYable හඳුන්වා දීමට පෙර, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන්ට ප්‍රවේශ වීමට නොහැකි වීමේ ගැටලුව පාරිභෝගිකයන්ට ඇති වූ නිසා ඔවුන්ට ඩිජිටල් ආර්ථිකයේ පසුපසින් සිටින්නට සිදු වුණා. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරන්නට පමණක් නොව, ඔවුන්ගේ ජීවිත වෙනස් කිරීමටත් අපි උපකාර කළා. මෙසේ රුපියල් බිලියන 100ක විකුණුම් උත්පාදනයක් සිදු කිරීම අපගේ මූල්‍යමය සන්ධිස්ථානයක් පමණක් නොව, ව්‍යවසායකයින්ගේ අපේක්ෂා, සිහින මල් ඵල ගන්වන, වඩාත් යහපත් අනාගතයන් සාක්ෂාත් කිරීම සඳහා අපගේ පොරොන්දුවක් ද වෙනවා. මෙම ව්‍යාපාරිකයන්ගේ  දියුණුව හා ඔවුන් සිය  ව්‍යාපාර නව මානයකට රැගෙන යනු දැකීම  PAYable හි සාර්ථකත්වයේ සැබෑම සංකේතයක් ලෙස හැඳින්විය හැකියි” යනුවෙනි.

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද සවිබල ගැන්වීමේ PAYable හි ගමන්මග, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු වන කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන බැංකු සමඟ ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරීත්වය සමඟ ශක්තිමත් වී ඇත. මෙම සහයෝගිතාවය ඔස්සේ ව්‍යාපාරිකයන්ට, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සමඟ සෘජුවම සම්බන්ධ වී, බාධාවකින් තොර ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදන දශකය තුළ  PAYable ලැබූ මෙම ජයග්‍රහණය ඉතාමත් සුවිශේෂී වෙනවා. අපගේ වටිනා පාර්ශවකරුවකු ලෙස PAYable අත්වැල් බැඳ ගැනීම පිළිබඳව මාස්ටර්කාඩ් හි අප සතුටට පත් වෙනවා. ව්‍යාපාර හා ප්‍රජාව අතර සිදු කරන මුල්‍යමය ගනුදෙනු ඩිජිටල්කරණය කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සවිමත් කිරීමේ ඒකායන අරමුණ වෙනුවෙන් මාස්ටර්කාඩ් සහ PAYable ආයතනයන් කැප වී කටයුතු කරනවා” යනුවෙන් මාස්ටර්කාඩ් ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටෙහි දේශීය කළමනාකරු වන සඳුන් හපුගොඩ මහතා පැවසුවේය.

වීසා ආයතනයේ හි, ශ්‍රී ලංකා හා මාලදිවයින් දේශීය කළමණාකාරිණි, අවන්ති කොළඹගේ මහත්මිය, “PAYable විසින් සිය ගනුදෙනුවල වටිනාකම රුපියල්  බිලියන 100 ඉක්මවමින් ලබාගත් මෙම ජයග්‍රහණය  බෙහෙවින් සතුටු විය හැකි කාරණයක්. PAYable හි පාර්ෂවකරුවකු ලෙස වීසා හි අප මේ පිළිබඳව ආඩම්බර වෙනවා. නවෝත්පාදනය සහ සහයෝගී සබඳතා මත අවදානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ඩිජිටල්කරණයේ අභිවෘද්ධිය  වෙනුවෙන් PAYable සිදු කරන මෙහෙවරට මෙම ජයග්‍රහණය සාක්ෂි දරනවා. ව්‍යාපාරයන් සහ ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවකගේ සිහින හා අපේක්ෂාවන් සපුරාලීම වෙනුවෙන් PAYable  කටයුතු කර තිබෙනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ PAYable හි ගමන සවිමත් කිරීම සඳහා ඔවුන්ට ශක්තියක් වෙමින්, එකට එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සඳහන් කළාය.

මූල්‍ය ඩිජිටල්කරණය තුළ හුදෙක් ගනුදෙනුවලට සීමා වීම නොව, ඒ තුළින් කුඩා හෝ විශාල යන සෑම පරිමාණයකම ව්‍යාපාර දියුණුව කරා රැගෙන යාම සඳහා ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට PAYable කැප වී සිටියි. පරිශීලනයේ ඇති පහසුව, ආරක්ෂිතබව හා පහසු ප්‍රවේශය තුළින් මෙසේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින්ගේ දිගු කාලීන දියුණුව සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් ඔවුන්ට විශ්වාසදායී ඩිජිටල් සහකරුවෙකු ලෙස PAYable කටයුතු කරයි. මෙසේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමය සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරයන්ට, +94 11 777 6 777 දුරකථන අංකය ඔස්සේ PAYable හි පාරිභෝගික සේවා සහය ලබා ගත හැකිය. මෙසේ සිය ගමන්මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සමරන PAYable, ව්‍යාපාර සවිබලගැන්වීම, ව්‍යාපාර දියුණුව සමඟින් ඩිජිටල් මූල්‍ය ගනුදෙනු සිදු කරන ශ්‍රී ලංකාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇති කැපවීම තවදුරටත් තහවුරු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *