ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් සමුළුව සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල්කරණයේ සංවර්ධනය සහ කාර්බන් සමතුලිතාවය පවත්වාගෙන යාම පිළිබඳ විද්වත් සාකච්චා පවත්වයි

පසුගියදා අවසන් වූ ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් කොන්ග්‍රසය තුළ, දේශීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා සෑම අංශයකම ක්‍රියාකාරී සහභාගීත්වය සහ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කර සිටින ලදී.  ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික පරිවර්තනය උදෙසා අවශ්‍ය සාධක සහ එහි අනාගතය පිළිබඳ සිය අදහස් සහ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම අවස්ථාවට, සියයකට අධික සමාගම් සහ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.

මෙහිදී Huawei විසින්, දේශීය තාක්ෂණික පද්ධතියේ සංවර්ධනය උදෙසා සිදුකරන ලද දිගුකාලින සංවර්ධනයන් පිළිබඳ සාකච්චා සිදු කරන ලද අතර, ඩිජිටල්කරණය, තාක්ෂණික බුද්ධිය සහ අවම කාබන් මුදාහැරීමක් තුළින් මෙම කර්මාන්තය ඉදිරියට සංවර්ධනය කළ හැකි බව Huawei විසින් පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම රටේ තිරසර සංවර්ධනය උදෙසා Huawei හි ව්‍යාපාර අංශ වන Carrier businesses, Enterprise solutions, සහ ස්මාර්ට් විසඳුම් අතරට, Digital Power සහ Cloud services හඳුන්වා දුන් බවද ඔවුන් මෙහිදී අවධාරණය කර සිටියි. 

මෙම සමුළුව තුළදී, Huawei විසින් 5G, AI, IoT, AR, සහ VR තාක්ෂණයන් ඒකාබද්ධ කළ නවීනතම විසඳුම් ඉදිරිපත් කරන ලද අතර, මෙම විසඳුම් 5G Tourism, Port digitalization සහ Smart Agriculture වැනි ක්ෂේත්‍රයන් හා ඒකාබද්ධ කළහැකි ආකාරයන් ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. සංචාරක සහ ප්‍රවාහන ව්‍යාපාර අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා Huawei විසින් ඩිජිටල් සම්මේලනය තුළදී DilanGo Taxi සමඟ එක්ව සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර, මේ හරහා සංචාරක අත්දැකීම වේගවත්, බුද්ධිමත් සහ ආරක්ෂිත බවට පත් කිරීමට සමාගම් ද්විත්වය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.තවද, Huawei විසින් Mercantile Cricket Association (MCA) සහ Sports Intel සමඟ ද අත්වැල් බැඳගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඩිජිටල් දියුණුව සඳහා big data සහ ක්ලවුඩ් කම්පියුටින් ප්‍රවර්ධනය කිරීම සඳහා අනුග්‍රාහක ගිවිසුමක් ඇති කර ගත්තේය.

Huawei විසින් ශ්‍රී ලාංකිකයින් හට වඩාත් සම්බන්ධිත සහ බුද්ධිමත් ලෝකයකට සමීප කරවීම සඳහා සියලුම කර්මාන්තවල හවුල්කරුවන් සහ ගණුදෙනුකරුවන්  සමඟ එක්ව කටයුතු කරනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *