Nissan විසින් නවතම Almera මෝටර්රථය ශ්‍රීලංකාවේ දී එළි දක්වයි

ශ්‍රී ලංකාවේ Nissan සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), සිය නවතම Nissan Almera මෝටර් රථය, කොළඹ යුනියන් පෙදෙසේ Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති විශේෂ උත්සවයක දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට ගනුදෙනුකරුවන්, AMW හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම, Nissan නියෝජිතයින් සහ මාධ්‍ය සාමාජිකයින් එක් වූ අතර, මෙම මාදිලිය කෙරෙහි ඇති ශක්තිමත් වෙළඳපල උනන්දුව සහ විශ්වාසය ඉස්මතු කළේය.

වර්තමාන මෝටර් රථ හිමියන්ගේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති Nissan Almera, Nissan Intelligent Mobility විශේෂාංග සුවපහසුව, උසස් ආරක්ෂාව සහ කැපී පෙනෙන ඉන්ධන කාර්යක්ෂමතාව සමඟින් ස්මාර්ට් සෙඩාන් රථයක් ලෙස දේශීය වෙළඳපොළට පිවිසෙයි. VE Turbo CVT සහ VL Turbo CVT ශ්‍රේණිවලින් AMW විසින් පිරිනමනු ලබන Almera, තරුණ වෘත්තිකයන්, විධායකයින් සහ දිගු කාලීන වටිනාකමක් ලබා දෙන,  ප්‍රායෝගික වාහනයක් සොයන සැමට සුදුසු මෝටර් රථයක් ලෙස ස්ථානගත කර ඇත.

ඔබට අවශ්‍ය වේගයෙන්රිය පැදවීම

Nissan හි විශේෂ HRA0 1.0-ලීටර් ටර්බෝ එන්ජිම, රියදුරන්ට ප්‍රතිචාරාත්මක බව, බලය සහ overtake කිරීමේ දී විශ්වාසය ලබා දෙයි. මෙම එන්ජිම උපරිම අශ්වබල 100ක් (Ps) සහ 152 Nm ටෝර්ක් බලයක් ජනනය කරමින්, සමාන්තර ටෝර්ක් (flat torque) හේතුවෙන් ශක්තිමත් හා ඉක්මන් වේග වර්ධනයක් සපයයි. “ඔබට අවශ්‍ය සියල්ල, ඔබට අවශ්‍ය වේගයෙන්” ලබාදෙන වාහනයක් ලෙස Nissan Almera වෙළඳපොළ තුළ ඉතා හොඳ ප්‍රතිචාරයක් ලබා ඇත. එන්ජිමට ඉන්ධන ඉතිරි කිරීම සඳහා වාහනය නවතා ඇති අවස්ථාවල ස්වයංක්‍රීයව එන්ජිම නවත්වන Idling Stop විශේෂාංගය ද එන්ජිමට ඇතුළත් වේ.

Quole Modure ආසන, ස්වයංක්‍රීයව අගුළු දැමීම සහ විවෘත කිරීම කළ හැකි Intelligent Key පද්ධතිය, “ඔබට අවශ්‍ය සියල්ල” ලබා දෙයි.

පාරිභෝගික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කරමින්, Nissan විසින් VE Turbo CVT සහ VL Turbo CVT ශ්‍රේණි සඳහා Quole Modure ආසන හඳුන්වා දී ඇත. මෙම ආසන තාපය අඩු කර  දිගු ගමන්වල දී පවා රියදුරන්ට සහ මගීන්ට වැඩි දියුණු කළ සුවපහසුව සහතික කරයි. මෙම වැඩිදියුණු කිරීම සහ ස්වයංක්‍රීය අගුළු ඇරීමේ සහ අගුළු ලෑමේ ක්‍රියාකාරීත්වය සහිත යතුර ශ්‍රේණි දෙකටම එකතු කර ඇති අතර එය එදිනෙදා පහසුව සහ ආරක්ෂාව වැඩි දියුණු කරයි.

Nissan Almera රථය නවීන ජීවන රටාවට ගැළපෙන, සුවපහසු විශේෂාංග රැසකින් සමන්විත වේ. එහි පුළුල් මගී කැබින් එකක්, ඉදිරි සහ පසු ආසන සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සපයයි. සමබර ලෙස සැලසුම් කළ කැබින් ප්‍රදේශය (trunk), කෲස් පාලනය (cruise control), වයර්ලස් චාජරයක්, සහ අඟල් 8ක ටච්ස්ක්‍රීන් තිරයක් සහිත නවීකරණය කළ ඉන්ෆොටේන්මන්ට් පද්ධතිය ද මෙයට ඇතුළත් වේ. Android Auto සහ Apple CarPlay හරහා ස්මාර්ට්ෆෝන් සම්බන්ධතාවය භාවිතා කිරීමේ පහසුව සහ වාහනය තුළ විනෝදාස්වාදය තවත් වැඩි දියුණු කරයි.

බාහිරව, Almera රථයෙහිවැඩිදියුණු කළ V-Motion ග්‍රිල් එක සහ නව Nissan සන්නාම ලාංඡනය Nissan හි නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරයි. මෙහි Nissan හි සුප්‍රසිද්ධ Zero Gravity ඉදිරිපස ආසන, තෙහෙට්ටුව අඩු කිරීමට සහ දිගු රිය පැදවීම් සඳහා ස්වාභාවික ආසන ඉරියව්වකින්  නිර්මාණය කර ඇත.

නව තාක්ෂණය සහ 360° Safety Shield සමඟ වඩාත් ආරක්ෂිත ගමනක්

Nissan Almera හි ආරක්ෂාව සෑමවිටම ප්‍රමුඛත්වයක් ලෙස පවතී. මෙම සෙඩාන් මෝටර් රථය Tire Pressure Monitoring System, High Beam Assist සහ Lane Departure Warning ඇතුළු විශේෂාංගවලින් සන්නද්ධ වේ. Nissan හි 360° Safety Shield තාක්ෂණය මඟින් Intelligent Around View Monitor, Moving Object Detection, Rear Cross Traffic Alert, Blind Spot Warning, Intelligent Forward Collision Warning සහ Hill Start Assist වැනි තාක්ෂණික පද්ධති හරහා   ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි. සියලුම ශ්‍රේණි සඳහා SRS Air Bag 6ක්, ABS, EBD, Brake Assist, Vehicle Dynamic Control, සහ pretensioner හා load limiter seatbelts සමඟ සම්පූර්ණ ආරක්ෂාව සහතික කර ඇත.

මෙම හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් AMW හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා මෙසේ පැවසීය. “අද ශ්‍රී ලාංකික පාරිභෝගිකයා සැබවින්ම අගය කරන දේ වන, කාර්යක්ෂමතාව, ආරක්ෂාව,  සහ සුවපහසුව ලබා දීම සඳහා නවතම Nissan Almera නිර්මාණය කර ඇත. Nissan හි ගෝලීය විශේෂඥතාව සහ Al-Futtaim සමූහයේ නායකත්වය සමග AMW, ලෝක මට්ටමේ, වෙළඳපොළට අදාළ මෝටර් රථ විසඳුම් ශ්‍රී ලංකාවට ගෙන ඒම දිගටම කරගෙන යනු ලබයි.”

“ශ්‍රී ලංකාවේ අපගේ බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම හරහා Nissan Almera මිලදී ගන්නා පාරිභෝගිකයින්ට Nissan වෙතින් ප්‍රතිලාභ ලැබේ. එයට වසර තුනක හෝ කිලෝමීටර් 100,000ක Nissan වගකීමක්, නියම Nissan අමතර කොටස් සහ AMW හි රටපුරා සේවා ජාලය පුරා නිසාන් පුහුණුව ලත් කාර්මික ශිල්පීන්ගෙන් අලෙවියෙන් පසු සහාය ඇතුළත් පුළුල් හිමිකාරිත්ව යෝජනාවක් ඇතුළත් වේ. නව Nissan Almera අපගේ Nissan Magnite මෙන්ම ශ්‍රී ලංකාවේ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට මනාව ගැලපෙනු ඇතැයි අපි විශ්වාස කරමු” යනුවෙන් නිසාන් මෝටර් කෝපරේෂන් හි අලෙවියෙන් පසු සහ දකුණු ආසියානු ව්‍යාපාර ඒකකයේ අධ්‍යක්ෂ අතුල් අගර්වාල් මහතා පැවසීය.

මීට අමතරව, AMW Capital Leasing and Finance හරහා අවශ්‍යතාවයට ගැලපෙන නම්‍යශීලී ලීසිං පහසුකම් ලබා ගත හැක.

Nissan Almera ශ්‍රේණිය අනුව ඒකවර්ණ සහ ද්විවර්ණ විකල්ප රාශියක් තෝරා ගත හැකි අතර, වාහන තොග ඇති බැවින් දැන් ක්ෂණිකව මිල දී ගත හැකිය. නවතම Almera අත්දැකීමට සහ නවීන ශ්‍රී ලාංකික ජීවන රටාවන් සඳහා නිර්මාණය කර ඇති ස්මාර්ට්,  සෙඩාන් රථයක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ළඟම ඇති නිසාන් ප්‍රදර්ශනාගාරයට පැමිණෙන ලෙස ආරාධනා කරයි.

Photo Caption:

වමේ සිට දකුණට: Nissan දකුණු ආසියානු ව්‍යාපාර ඒකකයේ ප්‍රධානී රඝුනාත් නයාර් මහතා, AMW කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා, සහ AMW අලෙවි අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා, කොළඹ යුනියන් පෙදෙසෙ හි Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති නවතම Nissan Almera මෝටර් රථයේ නිල එළිදැක්වීමේ අවස්ථාවේ දී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *