නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර්කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද  රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හරහා කැපවෙනු ඇත.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා විසින් පළමු පාරිභෝගිකයාට බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයේ යතුර බාරදුන් අවස්ථාව. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ, සාමාණ්‍යාධිකාරී – වාහන විකුණුම් නාලක කුමාරසිහං, අංශභාර කළමනාකරු – වාහන විකුණුම් අකිල ඇලබොඩගේ, කළමනාකරු – වාහන විකුණුම් නිමේෂ් ජයවර්ධන සහ සහකාර කළමනාකරු දුෂාන් වීරසූරිය යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හදුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ බත්තරමුල්ලේ පිහිටි මූලස්ථානයේදී සිදු කෙරුණි.

මෙම නව හඳුන්වාදීම ඔස්සේ පාරිසරික ගැටලු හමුවේ මුහුණදීමට සිදුවන අභියෝග මගහරවමින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් කරා යන ගමනට සිය දායකයත්වය සැපයීම සමාගමේ අරමුණ වේ. අවම මෙහෙයුම් පිරිවැයක් මෙන්ම මනා කල්පැවැත්මක් සහ කාර්ය සාධනයක් සහිත පරිසර හිතකාමී වාණිජ වාහනයක් වෙනුවෙන් මෙරට පවතින ඉල්ලුම සපුරාලීම  සඳහා මෙය කදිම විසඳුමක් සපයනු ඇත.

වෙළෙඳපලේ පවතින අනෙකුත් ත්‍රීරෝද රථවලට සාපේක්ෂව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය එක් ආරෝපණයක් (Single Charge) මඟින් කිලෝමීටර් 176ක ඉහළම සහතික ලත් ධාවන පරාසයක් පිරිනැමීම විශේෂත්වයකී. 9.2 kWh ධාරිතාවයකින් මෙම රථය බලගැන්වේ.

පාරිභෝගික පහසුව සඳහා මෙම රථය ඕනෑම ස්ථානයක සිට ආරෝපණය කළ හැකි පරිදි ‘On-board Charger’ පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. ඒ අනුව සම්පූර්ණ ආරෝපණය පැය 4.5ක් වැනි කෙටි කාලයකින් ලබා ගත හැකි අතර ආරෝපණ ධාරිතාවයෙන් 80%ක් පැය 03කට අඩු ආරෝපණ කාලයකින් ලබා ගත හැකිය. මෙහි බැටරි පද්ධතිය IP67 ජල ප්‍රතිරෝධී (Water Resistance) ප්‍රමිතියෙන් නිමවා ඇති අතර එමඟින් ඕනෑම කාලගුණික තත්ත්වයකදී එහි ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සහතික කරයි.

මෙම ත්‍රීරෝද රථයේ සියලුම විදුලි ලාම්පු LED තාක්ෂණයෙන් බලගැන්වෙන අතර රථය පැදවීමේ ආකාර කිහිපයක් (Multiple Drive Modes), කඳු සහිත මාර්ගවල පහසුවෙන් හැසිරවිය හැකි Hill-hold Assist පද්ධතියක් සහ පූර්ණ ඩිජිටල් තොරතුරු පුවරුවක් (Digital Instrument Cluster) වැනි නවීන විශේෂාංග රැසක් මෙහි අන්තර්ගත වේ. ශක්තිමත් ලෝහමය බඳකින් සහ පුළුල් අවකාශයක් සහිත සුවපහසු ආසනවලින් සමන්විත මෙම රථය දිගුකාලීන වාණිජ භාවිතය සඳහා ඉතා යෝග්‍ය වේ.

දශක ගණනාවක  ඉහළ පාරිභෝගික  විශ්වාසයක්  දිනූ බජාජ් ඉංජිනේරු තාක්ෂණය සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සතු දිවයින පුරා විහිදුණු අසමසම සේවා ජාලය මඟින් නවීන විද්‍යුත් ප්‍රවාහන විසඳුම් වෙත උනන්දුවක් දක්වන  පාරිභෝගිකයන් වෙත ඉහළම විශ්වාසයක් සහ වටිනාකමක් පිරිනමයි.

එමෙන්ම පාරිභෝගිකයන් වෙනුවෙන් ඉහළම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ සහය සේවාව (Roadside Assistance) ද 011 4 700551 දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ.

ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (David Pieris E-Mobility) ක්ෂණික ඇමතුම් අංක 011 470 0550 ඔස්සේ හෝ www.davidpierisemobility.lk/ වෙත පිවිසීමෙන් මෙම නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

ඡායාරූප

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ, ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් සභාපති ජයන්ත රත්නායක සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රධාන අලෙවි නිළධාරී – වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා යන මහත්වරුන් අලුතින් හදුන්වාදුන් බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *