ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගනුදෙනුව සඳහා, Ceylon Tea Brokers PLC වෙත රුපියල් මිලියන 635.3 ක මුදලක් ගෙවීම මෙන්ම බැංකු හා අනෙකුත් අදාළ පාර්ශවීය ණය භාර ගැනීමද ඇතුළත් වේ. මෙම කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම 2025 ඔක්තෝබර් 30 වන දින ක්‍රියාත්මක කර තිබේ. එහිදී, ඊට අදාළ නිශ්චිත කොන්දේසි සපුරාලීමෙන් පසු ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් නිකුත් කරන ලද කොටස්වලින් 100% ක් අත්පත් කර ගැනීමේ හකියාව ලැබී ඇත.
ඩී පී ලොජිස්ටික්ස් වර්තමානය වන විට දිවයිනේ ගබඩාකරණය සහ තෙවන පාර්ශවීය ලොජිස්ටික්ස් (3PL) මෙහෙයුම් අතින් ඉහළම සමාගම් දහය තුළ ශ්‍රේණිගත වී සිටින අතර මෙරට ලොජිස්ටික්ස් සමාගම් අතර විශාලතම කන්ටේනර් බලඇණියේ හිමිකාරීත්වයද උසුලනු ලබයි. ගෝලීය භාණ්ඩ ප්‍රවාහන වෙළෙඳ පොළේ දැඩි තරඟකාරීත්වයක් පැවතියද ඩී පී ලොජිස්ටික්ස් සිය වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු ලොජිස්ටික්ස් විෂයයන් පිළිබඳ ප්‍රවීණත්වයක් සහිත දේශීය සමාගම් අතලොස්සෙන් එකක් ලෙස සිය කීර්තිය තහවුරු කර ගැනීමට ඩී පී ලොජිස්ටික්ස් වෙත අවස්ථාව ලැබී ඇත.
ඩේවිඩ් පීරිස් සමූහය සිය ලොජිස්ටික්ස් සහ නාවික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන අත. ඒ අනුව නෞකා නියෝජිතායතන, නඩත්තු සේවා සහ සමුද්‍රීය ලොජිස්ටික්ස් දක්වා මෙම ක්‍රියාවලිය ව්‍යාප්ත කිරීමේ පියවරක් ලෙස 2022 වසරේදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි නාවික අංශය වූ පල්සර් ෂිපිංග් ඒජන්සීස් (ප්‍රයිවට්) ලිමිටඩ් ද මිලදී ගැනීමට සමත් විය.
මෙම මිලදී ගැනීම මඟින් ඩී පී ලොජිස්ටික්ස්හි ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් අංශය තුළ සමස්ත ක්‍රියාවලියේ ප්‍රමුඛතම අවසාන සැපයුම් දාම සේවා සපයන්නෙකු ලෙස ශක්තිමත් කර ඇත. එය මෙහෙයුම් කන්ටේනර්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති ලොජිස්ටික්ස් ආශ්‍රිත ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, රේගු නිෂ්කාශනය, 3PL/ ගබඩාකරණය සහ සැපයුම් දාම කළමනාකරණය දක්වා විහිදී පවතී. ලොජිකෙයාහි නවීන ලොජිස්ටික්ස් හා ගබඩාකරණ හැකියාවන් ඒකාබද්ධ කරමින් ලොජිස්ටික්ස් විසඳුම් සඳහා රටේ වර්ධනය වන ඉල්ලුමට අනුකූලව සිය ධාරිතාව පුළුල් කර සිය සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම මේ හරහා ඩී පී ලොජිස්ටික්ස් විසින් අරමුණු කරමු ලබයි.
2017 වසරේදී Ceylon Tea Brokers PLC විසින් පිහිටුවන ලද ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් හරහා අති නවීන ගබඩාකරණ සහ ලොජිස්ටික්ස් සේවාවන් සපයා ඇත. මෙම විකිණීමත් සමඟ Ceylon Tea Brokers සිය ලොජිස්ටික්ස් අනුබද්ධිත සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබේ. ඒ තම මූලික තේ තැරැව්කාර සේවා සහ ඊට අදාළ සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස මෙම විකිණීම සනිටුහන් කරමිනි.
ව්‍යාපාරික විශිෂ්ටත්වය අතින් දශක හතරකට අධික කාලයක් පුරාවට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය සතුව අත්දැකීම් පවතී. මෝටර් රථ, මූල්‍ය සේවා, ලොජිස්ටික්ස්, නාවික හා සමුද්‍රීය සේවා, රේසිං සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්, දේපළ වෙළඳාම් සහ පුනර්ජනනීය බලශක්ති වැනි අංශයන්ට අදාළව සමාගම් 30කට වැඩි ප්‍රමාණයක් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම, වඩාත්ම විවිධාංගීකරණය වූ සහ මූල්‍යමය වශයෙන් වඩාත්ම ස්ථාවර සමූහ ව්‍යාපාරයන්ගෙන් එකක් ලෙස ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය කැපී පෙනේ.