දකුණු ආසියානු කලාපය තුළ බෙදාහැරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් Xiaomi හි ඉහළම ගෞරවය GNEXT Sri Lanka වෙත හිමි වේ

චීනයේ, බීජිං නුවර පැවති Xiaomi ගෝලීය හවුල්කාර සමුළුවේදී “දකුණු ආසියානු කලාපයේ හොඳම බෙදාහැරීම් නියෝජිතයා” (Best Distributor in the South Asian Region) ලෙස GNEXT Sri Lanka පසුගියදා සම්මානයට පාත්‍ර විය. ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සහ තාක්ෂණික සන්නාමයක් වන Xiaomi හි ගෝලීය ආයතනයෙන් ලැබුණු මෙම පිළිගැනීම, ආසියානු කලාපය තුළ GNEXT සන්නාමයෙහි විශිෂ්ට කාර්ය සාධනය, බෙදාහැරීමේ විශිෂ්ටත්වය සහ ශක්තිමත් උපායමාර්ගික සම්බන්ධතාවය ඉස්මතු කරනු ලබයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් GNEXT Sri Lanka හි සාමාන්‍යාධිකාරී ස්ටෙෆන් ද රොසාරියෝ මහතා මෙසේ පැවසුවේය. “Xiaomi ගෝලීය ආයතනයෙන් මෙම සම්මානය ලැබීම අපට සැබවින්ම ගෞරවයක්. මෙම සන්ධිස්ථානය අපගේ සමස්ත කණ්ඩායමේ කැපවීම සහ අපගේ හවුල්කරුවන්ගේ නොසැලෙන සහයෝගය පෙන්නුම් කරනවා. එමෙන්ම ගෝලීය වේදිකාවක විශිෂ්ට ලෙස කටයුතු කිරීමට සහ නායකත්වය දීමට අපට ඇති හැකියාව සනාථ කරමින්, මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කර දෙනවා.”

මෙම සම්මානය තුළින් ශක්තිමත් හවුල්කරුවන්ගෙන් යුත් ජාලයක් සහිත විශ්වාසනීය බෙදාහරින්නෙකු ලෙස GNEXT හි කැපවීම තවදුරටත් තහවුරු කරනු ලබයි. එමෙන්ම සුවිශේෂී මෙහෙයුම් ප්‍රමිතීන් ඇති, වෙළඳපල වර්ධනය හා පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීමක් සහිත විශ්වාසනීය බෙදාහරින්නෙකු ලෙස ද GNEXT හි භූමිකාව මේ හරහා ඇගයීමට පාත්‍රකර ඇත.

තවද, මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව තම අගය කිරීම පළ කරමින් GNEXT Sri Lanka හි ඇන්ඩ්‍රොයිඩ් අලෙවි ප්‍රධානී විද්‍යා සාගර් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “ශ්‍රී ලංකාවට මෙම ගෝලීය පිළිගැනීම ලබා දීමට දායක වූ සියලුම හවුල්කරුවන්ට අපගේ අවංක ස්තුතිය පුද කරනවා.” යනුවෙනි.

මෙම ගෞරවනීය සම්මානය, GNEXT Sri Lanka ගමන් මගෙහි තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර, එය ගෝලීය වශයෙන් පිළිගත් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස ද GNEXT Sri Lanka හි කාර්යක්ෂමතාවය පිළිබිඹු කරනු ලබයි. එසේම, ආසියානු කලාපීය තාක්ෂණික වපසරිය තුළ ශ්‍රී ලාංකීය සමාගම්වල බලපෑම් සහගත වර්ධනය ද ඉස්මතු කරනු ලබයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *