තම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, Hilton Residences හි පැවැති උත්සවයකදී සිය ‘යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව’ මහත් අභිමානයෙන් යුතුව හඳුන්වාදුන්නේ එහි ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඔස්සේ ඇති කරන ලද සුවිසල් බලපෑම විදහා දක්වමිනි. වර්ෂ 2024 දී ආරම්භ කරන ලද යූනියන් ඇෂුවරන්ස් සුවමඟ යනු ශ්‍රී ලංකාව පුරා දියවැඩියා ව්‍යාප්තිය අනතුරුදායක ලෙස ඉහළ යෑම පාලනය කිරීමේ අරමුණ ඇතිව රට පුරා ක්‍රියාත්මක වූ නව වැඩසටහනකි. මෙම වැඩසටහන ගොඩ නැඟෙන්නේ දියවැඩියාව සහ එහි අවදානම් තත්ත්වයන් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, අධ්‍යාපනය සහ සහභාගිත්ව ක්‍රියාකාරකම් ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා ප්‍රවර්ධනය කිරීම, කල්තියා රෝග හඳුනාගැනීම සහ අවදානම් කළමනාකරණය සඳහා සහාය වීම මෙන්ම, ප්‍රජා සහභාගිත්වය ඉහළ නැංවීම යන උපායමාර්ගික පදනම් මාර්ග හතරක් ඔස්සේය.
ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව හඳුන්වාදෙන ලද පූර්ණ පහසුකම් සපිරි වෛද්‍ය රථයක් වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය මෙම වැඩසටහනේ කේන්ද්‍රීය අංගය ලෙස ක්‍රියාත්මක වේ. සහතිකලාභී සුවසේවා වෘත්තිකයින්ගෙන් සමන්විත මෙම ඒකකය මඟින් අවදානම් සාධක අඩුකර ගැනීමට සහාය වීම පිණිස මහජනතාවට නොමිලේ දියවැඩියා තිරපරීක්ෂා සමඟ සවිස්තරාත්මක සෞඛ්‍ය වාර්තා සහ පුද්ගලබද්ධව ජීවන රටා වෙනස්කර ගැනීම සඳහා උපදෙස් පිරිනැමෙයි. ජංගම තිරපරීක්ෂා ඒකකයට අමතර වශයෙන්, දුරබැහැර ප්‍රදේශවල සිදුකෙරෙන මෙම වැඩ කටයුතු වඩාත් සවිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ සම්පත් සපයා ගනිමින් දිවයින පුරා තෝරාගත් ස්ථානවල තිරපරීක්ෂාවන් සිදුකිරීමට යූනියන් ඇෂුවරන්ස් සිය උපායමාර්ගික සහකරුවන් සහ පෞද්ගලික සුවසේවා සැපයුම්කරුවන් සමඟ එක්ව කටයුතු කළේය.
යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව මඟින් 2024 ජූනි මාසයේ සිට 2025 අගෝස්තු දක්වා වූ මාස 15ක කාලපරිච්ඡේදය පුරා මෙම වැඩසටහන අත්පත් කරගත් ජයග්‍රහණ විවරණයට ලක් කරයි. අදාළ කාලය තුළ සමාගම විසින් 23,000කට අධික පිරිසකට දියවැඩියාවට අදාළ තිරපරීක්ෂාවන් නොමිලේ පිරිනමමින්, දිස්ත්‍රික්ක 25 පුරාම විහිදෙමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාන 263කදී තිරපරීක්ෂාවන් සිදුකරනු ලැබිණි. මෙම වාර්තාව මඟින් සමස්ත ප්‍රතිදේහ ස්කන්ධ දර්ශකය (BMI)” අහඹු රුධිර සීනි/නිරාහාර රුධිර සීනි, HbA1c පරීක්ෂාව, පවතින සෞඛ්‍ය තත්ත්වය සහ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය මත පදනම්ව, මෙරට ජනගහනයේ වඩාත්ම බලපෑමට ලක් වූ පිරිස අතර දියවැඩියාව ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළිබඳ වැදගත් අදහස් රැසක් සැපයෙයි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සෑම නව වැඩසටහනකින්ම රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතිය උදා කිරීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹු වන අතර, මෙහිදී විශේෂ අවධානයක් යොමු වන වැදගත් කාර්යභාරයක් වන්නේ සැමගේ සෞඛ්‍යය සුරැකීමයි. මේ සන්නාම දැක්ම අනුව කටයුතු කරමින්, අපගේ ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහනේ ව්‍යාප්තිය සහ සාර්ථකත්වය විදහා දක්වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව ඉදිරිපත් කරන්නට ලැබීම අප ලැබූ ගෞරවයක්. අපගේ මූලික අරමුණ වුණේ පුද්ගල මට්ටමෙන් ප්‍රායෝගිකව සිදු කෙරෙන තිරපරීක්ෂාවන් හරහා 15,000ක පිරිසක් වෙත ළඟා වීම වුවත්, අප ඉතා සාර්ථක අයුරින් 23,000කට අධික පිරිසකට ඵලදායී ප්‍රතිඵල ලබා දී ඇත්තේ අපගේ බලපෑම් ඉලක්කය 155%කින් සපුරාලමින්. මේ ජයග්‍රහණය විශේෂයෙන්ම බොහෝවිට සුවසේවා ලබාගැනීමේ පහසුව නොලැබෙන බිම් මට්ටමේ පිරිස් අතර අපගේ ව්‍යාප්තියේ පරිමාණය පමණක් නොව, අප විසින් ඇති කරන ලද බලපෑමේ ප්‍රබලත්වයද පිළිබඳ සහතිකයක්.”
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය: “මේ තොරතුරු සැලකිල්ලට ගනිමින් සාමූහිකව කටයුතු කරන්නට තීරණාත්මක පියවර ගැනීම සඳහා විශේෂයෙන්ම, රක්ෂණ ඔප්පුහිමියන් සහ ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට අප ආරාධනා කර සිටිනවා. ජාතික මට්ටමෙන් දියවැඩියාව ජයගැනීම සඳහා රෝග වැළැක්වීමේ උපායමාර්ග ෂවිමත් කිරීම සහ පුළුල් දැනුවත් කිරීම් ගොඩනැඟීමේ නව වැඩසටහන් ඉදිරියට ගෙන යෑම යනාදිය මෙයට ඇතුළත් වෙනවා. අප සැමට එක්ව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් සුවැති හෙට දවසක් නිර්මාණය කළ හැකියි.”



යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මේ පිළිබඳව අදහස් පළ කළේ මෙසේය: “යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව හරහා අප ලබාගත් තොරතුරුවලින් ඉතා වැදගත් කතාවක් කියැවෙනවා. වැඩිදුරටත් HbA1c පරීක්ෂාව සඳහා යොමු කරන ලද ප්‍රතිලාභීන් පිරිසෙන් 13%ක් අතරින් 76%ක් දියවැඩියා අවධියේ සිටින බව හෙළිදරව් වුණා. රෝගයේ පුළුල් ව්‍යාප්ති ස්වභාවය සහ නොපමාව නිසි පියවර ගැනීමෙ අවශ්‍යතාව මෙම බරපතළ තොරතුරුවලින් අවධාරණය වෙනවා. එසේම, ප්‍රතිලාභීන්ගෙන් ආසන්න වශයෙන් 3%කට දියවැඩියාව ඇති බව ප්‍රථම වරට හඳුනා ගනු ලැබුවේ යූනියන් ඇෂුවරන්ස් සුවමඟ හරහා වන අතර, එසේ නොවුවා නම් ඔවුන් හඳුනාගැනීමක් සහ ප්‍රතිකාර කිරීමක් සිදු නොවන්නට ඉඩ තිබුණා.”
“රෝග ශඳුනා ගැනීමෙන් ඔබ්බට යමින්, මෙම වැඩසටහන මඟින් අර්ථවත් චර්යාත්මක වෙනස්කම් ඇති කර ඇති අතර, ප්‍රතිලාභීන්ගෙන් 71%ක් සෞඛ්‍යය සම්බන්ධයෙන් වඩාත් ඉහළ තත්ත්වයන් ඇති කිරීමට හේතු වූ යහපත් චර්යාත්මක වෙනස්කම් වාර්තා කර තිබෙනවා. මෙය සුවිසල් ජයග්‍රහණයක් වන්නේ යූනියන් ඇෂුවරන්ස් සුවමඟ හරහා ගැටලු හඳුනාගැනීම පමණක් නොව, නිසි පියවර ගනිමින් තමන්ගේ ජීවිත වෙනස් කර ගැනීමට ජනතාව පෙළඹවීමත් සිදු වන නිසයි. හෙට දවසේදී අපගේ කැපවීම පෙරටත් වඩා සවිමත්ව පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ව්‍යාප්තිය පුළුල් කරමින්, එයින් ඇති කළ හැකි ඵලදායී බලපෑම ඉහළ නංවන අතරම, සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතිය සවිබල ගැන්වීම සඳහා වන අපගේ දැක්ම අඛණ්ඩව ඉදිරියට රැගෙන යෑමට අප කැප වන්නේ මහත් සතුටින්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ බලපෑම් වාර්තාව ලබාගැනීමට සහ යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ගැන වැඩිදුරටත් දැනගැනීමට https://unionassurance.com/suwamaga/ වෙත පිවිසෙන්න.