2025 SLIM ජාතිකවිකුණුම්සම්මානඅවසන් මහා රාත්‍රිය Monarch Imperial හිදී සාර්ථකව පැවැත් වේ

ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගිය ඔක්තෝබර් 28 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර එහි තේමාව වූයේ “Ambassadors of Sales – The Force Behind the Figure” හෙවත් “විකුණුම් තානාපතිවරු – සංඛ්‍යාවන් පිටුපස ඇති බලවේගය” යන්නයි. විකුණුම් වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ වෘත්තීයභාවය ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණයි. මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් යටතේ සිදු කරනු ලබන අවසන් ඇගයීම් ක්‍රියාවලිය මඟින් විකුණුම් වෘත්තිකයන්ට කර්මාන්තයේ ස්ථාවරව රැඳී සිටීමට අවශ්‍ය දිරිගැන්වීම ලබා දෙයි. එසේම ඔවුන්ගේ විශිෂ්ට හැකියාවන් ද ඉතා ඉහළින් ඇගයීමට ලක් කරනු ලබයි.

මේ පිළිබඳව SLIM ආයතනයේ සභාපති, මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේ‍ය. “SLIM ජාතික විකුණුම් සම්මාන 2025 අවසන් ඇගයීම සාර්ථකව අවසන් කිරීමත්, එය සාර්ථක උත්සවයක් ලෙස නිමා කිරීමත්, ශ්‍රී ලංකාව තුළ විකුණුම් උරුමය නිර්මාණය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙමඟින් ජාතික විකුණුම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට SLIM ආයතනය දරන අඛණ්ඩ උත්සාහය තවදුරටත් පිළිබිඹු කරනවා.”

විකුණුම් යනු වාර්තාගත සංඛ්‍යා ජනනය කිරීම පමණක් නොවන බව මෙවර උළෙලේ තේමාව ඔස්සේ අවධාරණය කරයි. එහිදී විශිෂ්ටත්වය, වෘත්තීයභාවය මෙන්ම නායකත්වය ද වෘත්තිකයා තුළින් ඉස්මතු වේ. විනිවිදභාවය සහ විශිෂ්ටත්වය සහිතව ඇගයීම් ක්‍රියාවලිය සිදුවීම මෙම සම්මාන උළෙලේ විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරනු ලබයි.

මෙම සම්මාන රාත්‍රිය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ සංවිධාන හා තිරසාරභාවය පිළිබඳ උප සභාපති ඉනෝක් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, “ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අලෙවිකරණ සහ විකුණුම් වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීමේ එකම වේදිකාව ලෙස, SLIM ආයතනය දශක පහකට අධික දීර්ඝ කාලයක සිට ඉහළ කීර්ති නාමයක් දිනාගෙන තිබෙනවා. විශිෂ්ටත්වයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරන ඇගයීම් ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා අපි නිරන්තරයෙන් කැපවී සිටින අතරමේ වන විට ජාතික වශයෙන් එවැනි පිළිගැනීමක් සඳහා පවතින එකම වේදිකාව ද මෙයයි.” යනුවෙනි.

තවද, “අපගේ ඉලක්කය වන්නේ රට පුරා සිටින විකුණුම් වෘත්තිකයන් අතර වෘත්තීයභාවය, නවෝත්පාදනය මෙන්ම විශිෂ්ටත්වය ඇති කිරීමයි. අපි තනි පුද්ගල ජයග්‍රහණ සැමරීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ වෙනස්වන ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ විකුණුම් ක්ෂේත්‍රය ගෞරවනීය වෘත්තියක් ලෙස ඔසවා තැබීමට ද ක්‍රියා කරනවා.” යනුවෙන් අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ උප සභාපති, ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා පැවසුවේය.

එසේම, ව්‍යාපෘති සභාපති චන්න ජයසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය. “ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ශක්තිමත් කිරීමට සහ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමට SLIM ආයතනය දරන කැපවීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව SLIM ජාතික විකුණුම් සම්මාන සඳහා ඇති ඉහළ පිළිගැනීම තවදුරටත් තහවුරු වෙනවා.”

SLIM ජාතික විකුණුම් සම්මාන රාත්‍රිය පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වුයේ, “ජාතික විකුණුම් පිළිගැනීම සහ සංවර්ධනය පිළිබඳ වන අධිකාරිය ලෙස SLIM ආයතනයෙහි ස්ථාවරයත් සමඟ, රට පුරා සිටින විකුණුම් වෘත්තිකයන් සඳහා මෙම උත්සවයේ වෘත්තීයභාවය සහ පරිමාණය, ඔස්සේ මනා අත්දැකීමක් පිරිනමනවා.” යන්නයි.

විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානී අනිල් කුමාර මීගහගේ මහතා ද මේ පිළිබඳව තම අදහස් ඉදිපත් කළේ‍ය. “මෙවර සම්මාන උළෙල සඳහා අයදුම්පත් 1200කට අධික සංඛ්‍යාවක් අප වෙත යොමු වී තිබීම කැපී පෙනෙන කරුණක්. එය පෙර වසරවලට සාපේක්ෂව වැඩිම අයදුම්පත් සංඛ්‍යාව වන අතර, විකුණුම් ක්ෂේත්‍රයේ පෙරමුණේ සිටින වෘත්තිකයන්ගේ පිළිගැනීම මෙන්ම කාන්තා වෘත්තිකයන්ගේ සහභාගීත්වය ඉහළ යාම ද විශේෂත්වයක් වෙනවා. මෙමඟින් මෙම වැඩසටහනේ සමබරතාව තවදුරටත් තහවුරු වී තිබෙනවා.”

SLIM ආයතනයේ විශිෂ්ටත්වය සහ වෘත්තීයභාවය පිළිබඳ දශක 5ක ඉතිහාසයක් ඇත. ඒ අනුව කර්මාන්තයේ ඉහළම ආයතනය ලෙස ගෞරවනීය කර්මාන්ත නායකයින් විසින් මෙහෙයවනු ලබන විනිවිද බාවයෙන් යුතු, ව්‍යුහගත විනිශ්චය ක්‍රියාවලියක් සහිත, වසර 24ක් අඛණ්ඩව මෙම වැඩසටහන සංවිධානය කිරීමේ දීර්ඝ උරුමයක් SLIM ආයතනය සතු වීම විශේෂ කරුණකි.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න. http://www.slim.lk/

සමාජ මාධ්‍ය ජාලා – Facebook, LinkedIn and Instagram.

වැඩිදුරටත් සම්බන්ධවීම සඳහා අමතන්න.  ගංඟානි – 070 326 6988/ අවිශ්ක – 071 841 7591

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *