ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන WhatsApp චැට්බොට් සේවාව වන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දී ඇත. මෙම නව සේවාව, ඩයපර් සනීපාරක්ෂාව පිළිබඳව විශේෂඥ උපදෙස් අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණිකව ලබා දෙමින් දෙමාපියන්ගේ විශ්වාසදායක සහකරුවෙකු ලෙස Baby Cheramy Diapers හි භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි. මෙය, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබාදෙන බැවින් දිවයින පුරා සිටින ඕනෑම අයෙකුට ගුණාත්මක තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සලසයි. හුදු නිෂ්පාදනවලට වඩා වැඩි යමක් පිරිනමන Baby Cheramy, නවතම ඩිජිටල් විසඳුම් හරහා එදිනෙදා දෙමාපිය කටයුතු පහසු කිරීමට මෙන්ම ඔවුන්ට සහයෝගය, මඟ පෙන්වීම සහ රැකවරණය ලබා දීමට අඛණ්ඩව කැපවී සිටී.
විශේෂඥ වෛද්‍ය දැනුම සහ AI තාක්ෂණය පදනම් කරගත් මෙම සේවාව තුළින් ශ්‍රී ලංකාවේ ළදරු සත්කාරක ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට Baby Cheramy කටයුතු කරයි. ‘Baby Cheramy Diaper Helpdesk’ සේවාව, දෙමාපියන්ගේ ප්‍රශ්නවලට ඉක්මන් හා නිවැරදි පිළිතුරු ලබාදීම සඳහා ස්වභාවික භාෂා සැකසුම් (Natural Language Processing) සහ යන්ත්‍ර ඉගෙනුම් ඇල්ගොරිතම (Machine Learning Algorithms) වැනි අති නවීන තාක්ෂණයන් භාවිත කරයි. මෙහි සියලුම නිවැරදි තොරතුරු දත්ත පද්ධතියක ගබඩා වන අතර එමගින් විශේෂඥන් විසින් අනුමත කළ තොරතුරු ගොනුවක් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දෙයි. තවද, Ayubo Health හි විශේෂඥ මණ්ඩලයක් විසින් සෑම පිළිතුරකම නිරවද්‍යතාව පරීක්ෂා කරන බැවින්, දෙමාපියන්ගේ දේශීය අවශ්‍යතාවලට ගැළපෙන විශ්වාසනීය උපදෙස් ලැබෙන බව එමගින් සහතික කෙරේ. මෙහි, සාවද්‍ය තොරතුරු වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂණ විධිවිධාන ද ක්‍රියාත්මක කර ඇත.
Baby Cheramy Diaper Helpdesk හරහා, දෙමාපියන්ට ඩයපර් සනීපාරක්ෂක ගැටළු සඳහා පැය 24 පුරාම ක්ෂණිකව සහාය ලබා ගත හැකිය. එය රාත්‍රියේ දී හෝ කාර්යබහුල වෙලාවක වුවද, විශේෂඥයින් විසින් අනුමත කළ උපදෙස් Chatbot හරහා ක්ෂණිකව ලබාදෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළදරු සන්නාමය වන Baby Cheramy, දෙමාපියන්ගේ කටයුතු පහසු කරන විශ්වාසනීය සහකරුවෙකු බවට පත්වීම උදෙසා මෙම සේවාව දියත් කරන ලදී. කාලයත් සමඟ වෙනස් වන දෙමාපිය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගනිමින්, ඔවුන්ට සහාය වීම මෙම නව වැඩසටහනේ අරමුණයි.
හේමාස් කන්සියුමර් ක්ලස්ටර් හි කළමනාකරණ අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “Baby Cheramy සැමවිටම විශ්වාසය, රැකවරණය සහ නවෝත්පාදන වෙනුවෙන් පෙනී සිටියා. Baby Cheramy Diaper Helpdesk හඳුන්වාදීමත් සමඟ, අපි නිෂ්පාදනවලින් ඔබ්බට ගොස් දෙමාපියන්ට සැබෑ සහයෝගයක් ලබා දෙනවා. විශ්වාසවන්ත සහ විශේෂඥ උපදෙස් ලබා දීමෙන් ශ්‍රී ලාංකේය පවුල් ශක්තිමත් කිරීමත්, සෑම දරුවෙකුගේම ආරක්ෂාව සහ ගුණාත්මක රැකවරණය වෙනුවෙන් අපේ කැපවීම තහවුරු කිරීමත් මෙහි අරමුණයි. මෙම වැඩසටහනෙන් අපගේ කැපවීම දෙමාපියන්ට තහවුරු කරනවා වගේම, අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ හොඳ සම්බන්ධතාවක් ගොඩනඟනවා. එවිට, සෑම දෙමාපියෙකුටම තම දරුවන් ඇති දැඩි කිරීමේ ගමන විශ්වාසයෙන් හා දැනුවත්ව යා හැකි බවට හැඟීමක් ඇති කරනවා.”යනුවෙන් පැවසීය.
අලෙවි අධ්‍යක්ෂ ෂියාන් ජයවීර මහතා තවදුරටත් මෙලෙස පවසා සිටියේය. “Baby Cheramy Diaper Helpdesk සේවාව දෙමාපියන්ගේ කටයුතු තවදුරටත් පහසු කරනවා. මෙය ශ්‍රී ලංකාවේ පළමු Generative AI තාක්ෂණය සහිත ඩයපර් සත්කාරක වේදිකාවයි. මෙය දවසේ පැය 24 පුරාම ලබා ගත හැකි, වෛද්‍යමය වශයෙන් පරීක්ෂා කර දේශීය අවශ්‍යතා අනුව සකස් කළ සේවාවක්. දෙමාපියන්ට තම ගැටළු සඳහා විශ්වාසනීය පිළිතුරු ඉක්මනින් ලබා ගත හැකි අතර, ඕනෑම භාෂාවකින් වටිනා උපදෙස් සියලු දෙනාටම එකලෙස ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයයි.”
Baby Cheramy Diaper Helpdesk සේවාව හඳුන්වා දීම, Baby Cheramy සන්නාමයකට වඩා සැබෑ දෙමාපිය සහකරුවෙක් බවට පත්වන ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දෙමාපියන්ට Baby Cheramy ඩයපර් ඇසුරුම්වල ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ 077 144 3636 අංකයට WhatsApp පණිවිඩයක් යැවීමෙන් ක්ෂණිකව මෙම සේවාව හා සම්බන්ධ විය හැකිය.
Baby Cheramy ඩයපර් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ මඟින්, සමට කිසිදු ආසාදනයක් ඇති නොකරන බව සායනිකව සනාථ කර ඇත. සාමාන්‍ය රෙදි ඩයපරයක් මෙන් මෘදු නමුත් වැඩි අවශෝෂණ හැකියාවකින් යුත් මෙම ඩයපර්, දරුවාට දවස පුරා වියළි බව, සුවපහසුව සහ සතුට ලබා දෙයි. Baby Cheramy දැන් ළදරුවෙකුගේ වර්ධනයේ සෑම අදියරකටම ගැළපෙන සම්පූර්ණ ඩයපර් පරාසයක් හඳුන්වා දී ඇති අතර, උපරිම ආරක්ෂාව සලසන Newborn Diapers සහ පහසු භාවිතය හා සුවපහසුව වෙනුවෙන් නිර්මාණය කළ Baby Pants ද ඊට ඇතුළත් වේ.
Baby Cheramy, වසර 15කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් කැපවී සිටී. එහි ‘Safe World for Children’ වැඩසටහන මඟින් සමාජ වගකීම සඳහා සන්නාමයේ නොසැලෙන කැපවීම මනාව පෙන්නුම් කරයි. Baby Cheramy Diaper Helpdesk සේවාව හඳුන්වාදීම තුළින්, Baby Cheramy දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා වූ සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පිළිබඳව:
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.