
ගෝලීය ක්‍රිප්ටෝකරන්සි හුවමාරු නියෝජිතයන් ලෙස ප්‍රකට Binance සිය 8වැනි සංවත්සරය ඉතාම උත්කර්ෂවත් අන්දමින් 2025 ජුලි 14වැනිදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී සමරණු ලැබීය. මෙම උත්සවයට Binance සමග කටයුතු කරන 300කට වැඩි පිරිසක් සහභාගී වු අතර තමන් සහ Binance අතර තිබෙන යහපත් සබඳතාවය වර්ධනය සහ Binance සමග ගනුදෙනු කරන කණ්ඩායම් හඳුනාගැනීම මෙහිදී සිදුවිය.
2017 වසරේ ජුලි 14වැනිදා ස්ථාපිත කළ Binance ප්‍රකට Web3 සහ Blockchain වේදිකාවල ලෝකයම පිළිගත් නාමයක් බවට පත්වී ඇත. අදවන විට ඔවුන්ගේ කැපවීම වෙළඳ ධාරිතාව ඉක්මවා ගොස් නව සබඳතා ගොඩනංවා තිබේ. මෙම 8වැනි සංවත්සරයේ දී මූලිකව අරමුණු වූයේ ජනතාව, භාවිතාකරන්නන් සහ විශ්වාසකරන්නන් මෙන්ම ගොඩනංවන්නන්ගෙන් යුතු Binance ප්‍රජාවගේ කැපවීමයි.
වර්තමානයේ දී ලෝකයේ රටවල් 100කට අධික භාවිතාකරන්නන් 280කට වැඩි ප්‍රමාණයක් Binance සංකල්පය විශ්වාස කරයි. එහි සමුච්චිත වෙළඳ පරිමාව ඩොලර් ට්‍රිලියන 125ක් පමණ වෙයි. ඩොලර් බිලියන 50ක් ඉපැයීම් ලෙස ද Binance උපයාගත් ඉතුරු කිරීම් ලෙස ද Binance Pay හරහා සිදුකරන ගනුදෙනු ලෙස ඩොලර් බිලියන 230ක් ලෙස ද එහි අගය වටිනාකම් ගණනය කරන කරන අතර මෙවා හුදු සංඛ්‍යා පමණක් නොව මෙම දත්ත මගින් අපට අවබෝධවන්නේ ගෝලීය ප්‍රජාව Binance කෙරෙහි ඇති විශ්වාසය සහ එයට සහභාගී වීමේ කැමැත්තයි.
අපගේ මිත්‍රතත්වය තවත් වර්ධනය කරගැනීමට සහ සහභාගී වුවන් අතර අන්තර්සම්බන්ධතාවය ගොඩනැගීම වෙනුවෙන් මෙහි දී ආකර්ෂණීය ක්‍රීඩා සහ ත්‍යාග ප්‍රදානය ද සිදුවිය. මෙම උත්සවය සාර්ථක කරගැනීමට පූර්ණ දායකත්වය දැක්වූයේ ‘Binance Angels’ වන අතර ඔවුන් පහළ මට්ටමේ සිට Binance යොමුවන සියලු දෙනාව එකතු කරගැනීමටත් ඒ පිළිබඳ දැනුවත් කිරීමටත් ස්වේච්ඡාවෙන්ම කැපවෙන කණ්ඩයමක් වන අතර ඔවුන්ගෙන් මෙම උළෙල සාර්ථක කරගැනීමට අප්‍රමාණ සහයක් ලැබිණි.
Binance හී දකුණු ආසියානු කලාපීය වර්ධන සහ මෙහෙයුම් ප්‍රධානී කුෂාල් මනුපති මහතා මෙහිදී පැවසූයේ, “අපි විශ්වාස කරන ආකාරයට වර්ධනය ඉලක්මක්වලින් පමණක් පෙන්වන දෙයක් නෙමෙයි, වර්ධනය පෙන්වන්නේ ශක්තියෙන් සහ අපේ සමීප ප්‍රජාව සමග ආත්මීය සබඳතා ගොඩනගා ගැනීමෙන්. ඒ නිසාමයි අපි මිනිස්සුන්ට එකට එකතුවෙන්න අවස්ථාව ලබාදෙන්නේ එතනින් ඉගෙනගන්න වගේම අනෙක් අයගෙන් ආදර්ශ අරගන්න අපට අවස්ථාව ලැබෙනවා. මේ ගමනේ විශ්වාසනීය කොටස්කරුවෙක් වීමට ලැබීම අපිට ආඩම්බරයක්.”
මෙවැනි උත්සවයකින් Binance හී විශ්වාසයන් සහ ඉලක්කම් පමණක් වර්ධනය කිරීමට නොව අනෙකා සමග සැබෑ සබඳකම් නිර්මාණය කරගන්නට ඇති කැපවීම නැවත නැවත තහවුරු වෙයි. අගනාකම් බෙදාහදා ගැනීම, සැබෑ සබඳතා ගොඩනංවා ගැනීම සහ දිගු කාලීන ඒකාබද්ධතාවය වැනි වටිනා ගුණාංග මෙයින් වර්ධනය වෙන්න අවස්ථාව උදාවෙයි. වෙළඳපොල, සංඛ්‍යා රූපවලට වඩා මිනිසුන් එකට එකතුවීමෙන් අනාගත මුල්‍ය ලෝකය සහ තාක්ෂණය හැඩගන්වන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීමට මෙවන් ප්‍රජා සහභාගීත්ව උත්සව වැදගත් වෙනු ඇත.