ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ  ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකරනු ලැබුවා. DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා දිවයින පුරා සිටින ව්‍යවසායක කාන්තාවන් සවිබල ගන්වන අතර මෙම Online වෙළඳපොළ ඒ යටතේ දියත් කළ ප්‍රධාන මුලපිරීමකි. මෙම Online වෙළඳපොළ දියත් කිරීම වෙනුවෙන් විශේෂිත උත්සව අවස්ථාවක් පැවැත්වුණු අතර ඒ හරහා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක් කිරීමද සිදු කෙරුණි. එසේම ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රාදේශීය, ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණි.

.Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා මේ වන විටත් වයඹ, මධ්‍යම, ඌව, උතුරු, දකුණු සහ උතුරු මැද යන පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ පළාත් හයක ව්‍යවසායක කාන්තාවන් 400 කට අධික ප්‍රමාණයකගේ ජීවිත පරිවර්තනය කර ඇත. Women in Management ආයතනය (WIM) සමඟ එක්ව පවත්වනු ලැබූ පුළුල් පුහුණු සැසි හරහා මෙම ව්‍යවසායිකාවන්ට අවශ්‍ය ව්‍යවසායක කුසලතා, මූල්‍ය දැනුම සහ ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය හැකියාව වැඩි දියුණු කිරීම ආදී දෑ පිළිබඳ දැනුම සහ කුසලතා ලබා දී තිබේ. සෑම පළාතකම හොඳම ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා මූල්‍ය ප්‍රධාන ලබා දීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

Diva මෙම සාර්ථකත්වය මත පදනම්ව, Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළඳපොළ දියත්කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඊ-වාණිජ විසඳුම් සපයන්නෙකු වන Daraz Sri Lanka ආයතනය සමඟ සහයෝගීතාවයෙන් ඇරඹුණු මෙම ඩිජිටල් අවකාශය හරහා මෙම දක්‍ෂ කාන්තා ව්‍යවසායිකාවන්ට සිය නිෂ්පාදන පුළුල් පිරිසක් වෙත ගෙනයාමට සහ නව වෙළඳපළවල් වෙත පිවිසීමට දොරටු විවර කරයි. මෙම Online වෙළඳපොළ කාන්තාවන්ට ගෝලීය වෙළඳපොළ තුළ සමෘද්ධිමත් වීමට අවස්ථා නිර්මාණය කිරීම උදෙසා Diva හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.

Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළඳපොළ දියත් කිරීමට අමතරව මෙම උත්සව අවස්ථාවේදී සාකච්ඡා වටයක් පැවැත්වුණු අතර එහිදී කාන්තා ව්‍යවසායකත්වය උදෙසා Diva සන්නාමය, Women in Management සහ Daraz Sri Lanka යන පාර්ශවයන් තුනෙහිම දායකත්වය පිළිබඳව සහ Diva දෑතට දිරියක් ව්‍යවසායිකවන්ගේ සාර්ථකත්වය ද ඉදිරිපත් කෙරුණි. මෙම සාකච්ඡාවට Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්‍ෂ ශියාන් ජයවීර මහතා, Women in Management (WIM) හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය, Daraz Sri Lanka හි ප්‍රධාන වාණිජ නිලධාරී ඔෂාන් රණතුංග මහතා ඇතුළුව Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායිකාවන් තිදෙනෙකු සහභාගී විය. මෙම සාකච්ඡාවේදී Diva දෑතට දිරියක් වැඩසටහනේ වැදගත්කම, එය Diva හි සන්නාම අරමුණ සමඟ ඒකාබද්ධ වීම සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා සහයෝගය ලබාදීම පිළිබඳව අවධානය යොමු විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය. “Diva සන්නාමය විදිහට අපි, කාන්තාවන් සතු අසීමිත හැකියාව පිළිබඳව විශ්වාස කරනවා. Diva දෑතට දිරියක් Online වෙළඳපොළ දියත් කිරීම ඔස්සේ අපි ඔවුන්ව ලෝකයට විවෘත කරනවා. මෙය තවත් එක් ක්‍රියාකාරකමක් පමණක් නොවන අතර කාන්තාවන් සඳහා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් වනවා.”

ඉහත ප්‍රකාශය තහවුරු කරමින් GTS Products හි හිමිකාරිනිය වන ආර්. කේ. ලක්මාලි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “Online වෙළඳපොළ මගේ නිෂ්පාදන දිවයින පුරා පමණක් නොව අපනයන වෙළඳපොළට පවා ගෙන යාමට මට උපකාරී වූවා. මම කවදාවත් හිතුවේ නෑ මගේ ව්‍යාපාරය මෙතරම් කෙටි කාලයකින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත යයි කියා. මම Diva ඇතුළුව මෙයට සම්බන්ධ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.” Sufisen Grinding Mills හි හිමිකාරිනිය වන එච්.කේ. ශානිකා ප්‍රභාෂිනි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “මම මගේ නිෂ්පාදන බෙදාහරින්නේ දන්කොටුව සහ ඒ අවට ප්‍රදේශවල පමණක් වූ නමුත් නව Online වෙළඳපොළ මඟින් මගේ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමට අවස්ථාව ලැබුණා. මේ තුළින් මට මගේ ආදායම පෙරට වඩා වැඩි කරගැනීමට හැකියාව ලැබුණා.”

ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය විසින් මෙම වැඩසටහන හරහා ලබාදෙන පුහුණුව හා උපදේශනය මගින් ඇතිවන පරිවර්තනීය බලපෑම පිළිබඳව සහ ඒ තුළින් අනාගත අභියෝග සඳහා කාන්තාවන් සූදානම් කර ඇති ආකාරය පිළිබඳව සඳහන් කරන ලදී. ඔෂාන් රණතුංග මහතා විසින්  ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල් අවකාශයේ භූමිකාව පිළිබඳව සහ මෙම වැඩසටහන  සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් කාන්තා ව්‍යවසායිකාවන්ට ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට, නව වෙළඳපොළ  වෙත පිවිසීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර ඵලදායී ලෙස පුළුල් කිරීමට හැකි වූ ආකාරය පැහැදිලි කළේය.

Diva දෑතට දිරියක් වැඩසටහනට සහභාගී වූ කාන්තා ව්‍යවසායිකවන්ගේ සාර්ථකත්වයන් මෙම අවස්ථාවේ  තවත් විශේෂ අංගයක් විය. ඔවුන් සිය ගමන්මඟ ගැන අදහස් බෙදාහදා ගනිමින්, Diva හි සහයෝගය තුළින් ඔවුන්ට අභියෝග ජය ගැනීමට, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ මූල්‍ය  ස්වාධීනත්වය ලබා ගැනීමට උපකාරී වී ඇති ආකාරය පිළිබිඹු කළහ.

ලෝකය, ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙම මොහොතේ දී, Diva දෑතට දිරියක් වැඩසටහන තවත් පුළුල් කිරීමට සහ කාන්තාවන් සවිබලගැන්වීම තුළින් ආර්ථික ප්‍රගතිය ඇති කිරීමේ සිය කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව Diva නැවතත් තහවුරු කළේය.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *