ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය වෙනුවෙන් Signal සිය අනුග්‍රහකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමය වන Signal විසින් 2024 ජූනි 28 වන දිනෙන් අවසන් වූ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. “නවතාව, නවෝත්පාදනය සහ තාක්ෂණය” මෙහි ප්‍රධාන තේමාපාඨය විය.  පුරා දින තුනක් තුළ දැනුම හුවමාරු කරගැනීම  සහ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දැනුම  ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ප්‍රමුඛ පෙළේ දන්ත වෛද්‍ය වෘත්තිකයන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

මෙහි සමාරම්භක උත්සවය සඳහා ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” Signal වෙතින් ශ්‍රී ලංකාව තුළ මුඛ සෞඛ්‍ය අධ්‍යාපනය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය වෙත ලබාදෙන අඛණ්ඩ සහයෝගය හා කැපවීම අපි බෙහෙවින් අගය කරනු ලබනවා. මෙවර තේමාව හරහා මුඛ සත්කාර වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණික භාවිතයන්හි වැදගත්කම පිළිඹිබු කරනූ ලබනවා.”

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ රූපලාවණ්‍ය යහපැවැත්ම සහ පුද්ගල රැකවරණ පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ෂමාරා සිල්වා මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” Signal ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය ප්‍රමිතිය ඉහළ නංවාලීමට බෙහෙවින් කැපවී කටයුතු කරනවා. මෙම කැපවීම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අප සිදුකරනු ලබනවා. අපි ඵලදායී මුඛ නිෂ්පාදන නිර්මාණය කිරීමට අමතරව හොඳ මුඛ සෞඛ්‍ය පුරුදු   පිළිබඳව අධ්‍යාපනය ලබාදීම, විද්‍යාත්මක සහයෝගීතා  ඇති කරගැනීම සහ තවත් බොහොමයක් දෑ සමඟින් ශ්‍රී ලාංකීක ප්‍රජාවට සෞඛ්‍ය සම්පන්න සිනහවක් ලබාදීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වනු ලබනවා. SLDA වැනි ගෞරවනීය සංවිධාන සමඟින් එක්වෙමින් මෙබඳු වාර්ෂික විද්‍යාත්මක සැසි සඳහා සහාය ලබාදෙමින් සියලුදෙනා වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදෙන නවෝත්පාදනයන් වෙනුවෙන් අපි සහයෝගය දක්වනු ලබනවා.”

මෙම සම්මන්ත්‍රණයේදී ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව, මුඛ සෞඛ්‍ය පිළිබඳව නැගී එන තාක්ෂණයන් සහ දත්ත වෛද්‍ය ද්‍රව්‍යවල දියුණුව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා පිළිබඳ ඉදිරිපත්කිරීම් , වැඩමුළු සහ සැසි ඇතුළත් විය. මෙම සම්මන්ත්‍රණය නවීනතම දන්ත උපකරණ සහ තාක්ෂණයන් ප්‍රදර්ශනය කිරීමේ වේදකාවක් ලෙස ද ක්‍රියා කළේය. මෙම 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සාර්ථකව අවසන් කිරීම තුළින් ශ්‍රී ලංකාව පුරා මුඛ සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩ ප්‍රගතියට මඟ පාදනූ ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *