දරුවාගේ යහපැවැත්ම සඳහා දෙමාපිය දායකත්වය පිළිබඳ දැනුවත් කරමින් බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව මාතර දිස්ත්‍රික්කය ආවරණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, පූර්ව ළමා විය සංවර්ධනය හා ඒ සඳහා දෙමාපියන්ගේ කාර්‍යභාරය පිළිබඳව දෙමාපියන් දැනුවත් කෙරුණු අතර, වර්තමානයේ පවතින ආර්ථික අභියෝග හමුවේ දරුවන්ගේ කායික, මානසික හා චර්යාත්මක සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය ලබා දෙන ආකාරය පිළිබඳව ද එහි දී සාකච්ඡා කෙරිණි.

මෙම අධ්‍යාපනික වැඩසටහන අවසානයේ දී, මව්වරුන්ට වටිනා බේබි ෂෙරමි ත්‍යාග පාර්සලයක්, පෝෂණීය උදෑසන ආහාර අතිරේකයක්, නැවුම් කිරි පැකට්ටුවක් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ගැබ් ගැනීම් සහ ළදරු රැකවරණය පිළිබඳව සම්පාදිත පොත් පිංචක් ද පරිත්‍යාග කෙරිණි. මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සුවිශේෂී  වැඩසටහනට සහභාගි වූ දෙමාපියන් අමතනු ලැබූ අතර, මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය ළදරු රැකවරණය හා ළදරු පෝෂණය  පිළිබඳව සභාව ඇමතුවාය. එමෙන්ම, මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී, පුෂ්පා වල්පිට මහත්මිය විසින් මුල් ළමාවිය සංවර්ධනය  සහ එහි වැදගත්කම පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන ලදී. එහි දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත අධ්‍යක්ෂක ජගත් වටවල මහතා සහ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය විසින් සංගීත චිකිත්සක සැසියක් ද පැවැත්විණි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේ දී ප්‍රාදේශීය වෛද්‍ය කාර්‍යාලයේ  වෛද්‍යවරුන් ද දෙමාපිය සායනය ඇමතූ අතර, සහභාගී වූ දෙමාපියන්  එම වැඩසටහනට ඉතා හොඳ ඇගයීමක් ලැබිණි.

‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ බේබි ෂෙරමි විසින් දියත් කරන මෙම වැඩසටහන් මාලාව යටතේ සායන 30ක්  බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැළසුම් කර තිබේ. දංකොටුවේ දී සිදු කෙරුණු එහි පළමු වැඩසටහනේ දී බේබි ෂෙරමි විසින් දංකොටුව රෝහලේ ළමා වාට්ටුවට නිෂ්පාදන ඇතුළත් කැබිනට්ටුවක් පරිත්‍යාග කෙරිණි. එහිදී මවුවරුන්ට ඕනෑම නිෂ්පාදනයක්, ඔනෑම වෙලාවක අපහසුවකින් තොරව ලබා ගැනීමට සහ රෝහල තුළදී හෝ නිවසට රැගෙන ගොස් හෝ භාවිතා කිරීමට පහසුකම් සලසයි.

ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, මෙරට වඩාත් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වෙමින් සිය 60 වැනි සංවත්සරය සමරන බේබි ෂෙරමි, දෙමාපිය සායන දියත් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යයි. බේබි ෂෙරමි නිෂ්පාදන හා මෙම යන මාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට www.babycheramy.lk වෙබ් අඩවියට හෝ https://www.facebook.com/BabyCheramy/ මගින් බේබි ෂෙරමි Facebook පිටුවට පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *