Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලද මෙම උපාංගයන් අද වන විට තාක්ෂණික ලෝකයේ වඩාත් කතා බහට ලක්වී ඇත. 

මෙලෙස දේශීය වෙළද පොළට හඳුන්වා දුන් උපාංග අතරට 4 GB RAM + 64GB මතක ධාරිතාවයක් ඇති Huawei Y6P සහ තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei Y5p ස්මාර්ට් දුරකථන ද්විත්වය ඇතුළත් වේ.  තවද මෙම නිෂ්පාදන පෙළ අතරට නවතම Huawei MatePad T 8, Huawei MateBook 13 සහ  MateBook D 15  ඇතුළත් වේ.  ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත මෙම උපාංගයන්හි පවතින අසමසම විශේෂාංග හේතුවෙන් දේශීය වෙළද පොළ තුළ දැඩි ඉල්ලුමක් නිර්මාණය වනු ඇතැයි කිව හැකිය. 

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p හි ප්‍රධාන විශේෂත්වයක් වනුයේ එහි ත්‍රිත්ව කැමරා පද්ධතියයි. 13mp ප්‍රධාන කැමරාවකින්,  5mp wide-angle කැමරාවකින්  සහ  2mp depth කැමරාවකින් සමන්විත Huawei Y6p  ජංගම දුරකථන ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන්නන් සඳහාම නිපදවා ඇති බව කිව හැකිය.  Huawei Y6p හි 5000 mAh සහිත අධි බලැති බැට්‍රිය දවස පුරාම ස්මාර්ට් දුරකතනය සමග ක්‍රියා කරන පරිශීලකයින්ට සිය දුරකතනය විටින් විට චාර්ජ් කිරීමේ අවශ්‍යතාවයට කදිම පිළිතුරක් ලබා දී ඇත.  phantom purple, emerald green සහ midnight black ඇතුළු අලංකාර වර්ණ ත්‍රිත්වයකින් ඔබ වෙත එන Huawei Y6p, රුපියල්  30,499 ක් වැනි ඉතා අඩු මිලකට දැන් මිලදී ගැනීමේ හැකියාව පවතී. 

ආකර්ෂණීය නිමාවකින් වෙළද පොළට එන Huawei Y5p, 2GB RAM සහ 32GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් යුක්තව පැමිණේ. 3020 mAh අධි බලැති බැට්‍රියකින් සමන්විත Huawei Y5p ද පරිශිලකින්ගේ තාක්ෂණික ගැටළු රැසක් සඳහා කදිම පිළිතුරක් ලබා දී ඇත. midnight black, phantom blue සහ  mint green ඇතුළු මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොලට එන Huawei Y5p හි 5.45-inch HD display, පරිශීලකයින්ට පුළුල් නැරඹීමේ අත්දැකීමක් හිමි කර දෙයි.  රුපියල් 18,999 ක් වැනි ඉතා අඩු මුදලකට Huawei Y5p මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ. 

මෙම නවතම හඳුන්වා දීම පිළිබඳ සිය අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පවසා සිටී.  “පසුගියදා අප සමාගම විසින් දේශීය වෙළද පොළ වෙත උපාංග 5ක් නිකුත් කිරීම online වැඩසටහනක් ආකාරයෙන් සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා විශාල පාරිභෝගික ආකර්ෂණයක් දැක ගත හැකි විය. නිරන්තරයෙන්ම පාරිභෝගිකයා වෙතට උසස්ම තාක්ෂණික අත්දැකීමක් හිමි කර දීමේ අරමුණින් ක්‍රියා කරන Huawei සෑම නිෂ්පාදනයක්ම නිර්මාණය කිරීමේදී වෙළද පොළ අවශ්‍යතා පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වනවා. එලෙස වෙළද පොළ අවශ්‍යතා නිරීක්ෂණය කිරීමෙන් පසු නිර්මාණය කරන සියලුම උපාංගයන් වෙළඳ පොළ තුළ ඉහළම ඉල්ලුමකට ලක් වන බව සතුටින් කිව හැකිය”

පසුගියදා හඳුන්වා දුන් නිෂ්පාදන පෙළ අතර තවත් ප්‍රමුඛත්වයක් ගන්නා නිෂ්පාදනයක් ලෙස Huawei MatePad T 8 හැඳින්විය හැකිය.  පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි,  සිහින් නිමාවකින් සහ 80% screen-to-body-ratio සහ  8 inch display සහිත Huawei MatePad T 8 වෙළද පොළ තුළ තිබෙන අනෙකුත් තරඟකාරී නිෂ්පාදන සඳහා විශාල අභියෝගයක් එක් කරනු ඇත. Octa-core chipset මඟින් බල ගන්වා ඇති Huawei MatePad T 8 හි කාර්යක්ෂමතාවය ඉතා ඉහළ වන අතර, එහි 5100 mAh තරම් වූ විශාල බැට්රි ධාරිතාවය පැය 12කට අධික වෙලාවක් එක දිගට වීඩියෝ නැරඹීම, සංගීතයට සවන් දීම ඇතුළු විවිධ තාක්ෂණික කාර්යන් සිදු කිරීමේ හැකියාව ලබා දෙයි. රුපියල් 28,999 ක් වැනි අදහාගත නොහැකි මිලකට Huawei MatePad T 8 දැන් මිලදී ගත හැකිය. 

Huawei ලැප්ටොප් මාදිලි පෙළ අතරට නවතම හඳුන්වාදීම් ලෙස සිදු කෙරුණු Huawei MateBook 13 සහ Huawei MateBook D 15 ද ලැප්ටොප් වෙළද පොළ තුළ විශිෂ්ට නිෂ්පාදන ද්විත්වයක් ලෙස හැඳින්විය හැකිය. 

Huawei MateBook 13 යනු නවීන තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත,  වෘත්තීය ජිවිතයේ කාර්යන් රැසක් පහසු කරන ලැප්ටොප් මාදිලියකි. අඟල් 13ක සිහින් නිමාවකින් යුත් MateBook 13 හි 88% screen-to-body-ratio පරිශීලකයාට පුළුල් නැරඹීමේ අත්දැකීමක් හිමි කර දෙයි.  තවද MateBook  13 හි multi-screen collaboration  විශේෂාංගය හරහා ස්මාර්ට් දුරකතනයේ තිරය, ලැප්ටොප් තිරය තුලින් මෙහෙයවිය හැකි වීම සහ ස්මාර්ට් දුරකතනය තුල තිබෙන දත්ත ලැප්ටොප් පරිඝනකය වෙතත්, පරිඝනකය තුල තිබෙන දත්ත ස්මාර්ට් දුරකථනය වෙතත් පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් හුවමාරු කල හැකි වීම එදි නෙදා කාර්යන් රැසක් පහසු කර ඇත.මෙම multi-screen collaboration විශේෂාංගය ක්‍රියාත්මක කිරීම සඳහා ලැප්ටොප් පරිඝනකයේ PC Manager, Version 10 හෝ පසු version එකක් සඳහා අප්ඩේට් කල යුතු අතර, ඒ සඳහා ගැළපෙන  NFC feature සහ  EMUI 10 සමගින් එන ස්මාර්ට් දුරකතනයක් හා ඒකාබද්ධ කළ යුතුය.  Huawei Matebook 13, Intel සහ AMD යන මාදීලීන් ද්විත්වයකින් වෙළද පොළේ මිලදී ගත හැකිය. මෙම මාදිලීන් ද්විත්වයේ මිල පිලිවෙලින් රුපියල් 224,999 සහ 179,999 ක් වේ. 

MateBook D 15 හි 87% screen to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම් 1.62ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර් 16.95 ක් තරම් වූ ඝනකම (thickness) හේතුවෙන් ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.  MateBook D 15 හි keyboard මත වූ pop up වෙබ් කැමරාව ශ්‍රී ලංකික පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක්, පෞද්ගලීකරණයක් හා ආරක්ෂාවක් ලබා දෙන අතර,  smooth touch pad සහ key board වැඩි වෙලාවක් typing වැනි ක්‍රියාවල  නිරතව සිටින්නන්ට ඉතා පහසු අත්දැකීමක් හිමි කර දී ඇත. තවද මෙහි power button, fingerprint තාක්ෂණය හරහා බලගන්වා ඇති හෙයින් පරිඝනකයේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් හිමි වේ.  මෙම අද්විතීය විශේෂාංග රැසකින් පැමිණෙන MateBook D 15 හි මිල රුපියල් 149,999 කි. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *