සාහිත්‍ය මාසය වර්ණවත් කරමින් සදාහරිත සමූහ ව්‍යාපාරය දියත් කල ග්‍රන්ථාකල්පන වැඩසටහන අති සාර්ථක වෙයි.

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන “ග්‍රන්ථාකල්පන” ෆේස් බුක් සමාජ මාධ්‍ය  ප්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. සැප්තැම්බර් 01 වනදා සිට 31 වනදා දක්වා වූ මාසයක කාලය පුරා ෆේස් බුක් පරිහරණය කරන තරුණ වැඩිහිටි සියලු දෙනාටම  “ග්‍රන්ථාකල්පන” ප්‍රවර්ධන වැඩසටහන හා එක්ව තෑගි දිනා ගැනීමේ අවස්ථාව මෙහිදී උදා කර දී තිබුණේය. එහිදී තමන් කැමතිම නව කතාව සදාහරිත ෆේස් බුක් පිටුවේ සඳහන් කිරීම තුළින් තරඟයට ඇතුල් වීමේ අවස්ථාව පරිශීලකයන්ට හිමි විය.

කොවිඩ් 19 හේතුවෙන් පාසල් යන දරුවන්ගේ සිට බොහෝ දෙනා සැප්තැම්බර් මාසය පුරාම සිටියේ නිවෙස්වලටම වීය. වසර දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාව ද මෙම ගෝලීය සෞඛ්‍ය, ආර්ථික, සමාජ අර්බුදයෙන් පිඩාවට පත්ව සිටි. ගෝලීය අගාවුඩ් ව්‍යාපාරයේ දේශීය සලකුණ වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය මෙම තත්ත්වය වඩාත් අවබෝධ කරගෙන සිටි. රටේ ආර්ථිකයට ශක්තිය සැපයීම මෙන්ම ආයතනික සමාජ වගකීම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන දේශීය සමාගමක් ලෙස රටේ ජනතාවගේ මානසික සුවය පිළිබඳව ද කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව දරුවන්ගේ සිට වයස් භේදයකින් තොරව කියවීමේ රුචිය වර්ධනය කිරීම සදහා මෙම වැඩසටහන දියත් කෙරිණි. සැප්තැම්බර් මාසය මුලදීම සදාහරිත නිල ෆේස් බුක් පිටුව හරහා කියවීමේ වැදගත්කම සහ දරුවන් කියවීමට යොමුකරවීම මගින් විචාරශීලි, නිර්මාණාත්මක මිනිසුන් බිහිකර ගැනීමේ ශක්‍යතාවය පෙන්වා දෙමින් වීඩියෝ නිර්මාණ ජනතාව අතර ප්‍රචලිත කළේය. අනතුරුව පරිශීලකයන්ට තමන් වඩාත් කැමතිම නවකතාව සදාහරිත නිල ෆේස් බුක් පිටුවේ කියවීමේ මාසය වෙනුවෙන් පල කරන ලද පොස්ටුවට කොමෙන්ට් කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. එහිදී තරඟ කොන්දේසි ලෙස සදාහරිත නිල ෆේස් බුක් පිටුවට Like කර එම පොස්ටුව ද Like හා  Share කිරීම අනිවාර්ය කෙරිණි. මේ හරහා ග්‍රන්ථාකල්පන ප්‍රවර්ධන වැඩසටහන ෆේස් බුක් සමාජ මාධ්‍යයෙහි අතිශය ජනප්‍රිය වූ අතර තරගය සඳහා විශාල පිරිසක් සහභාගී වුහ. එහිදී තරඟකරුවන් අතරින් අහඹු ලෙස සතිපතා තෝරා ගන්නා ජයග්‍රාහකයින් වෙනුවෙන් සරසවි පොත් මැදුර වෙතින් පොත් ලබා ගැනීමට තෑගි වව්චර ප්‍රදානය කෙරිණි. 

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “වර්තමානය වන විට අපගේ තරුණ පරම්පරාව පමණක් නොවෙයි දරුවන් සහ වැඩිහිටියන් පවා විශාල ලෙස ඩිජිටල්කරණය වූ ලෝකයක සැරිසරමින් ඉන්නවා. ඔවුන් බොහෝ විට දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඩිජිටල් තිර සමඟ. තාක්ෂණික ලෝකයේ අභියෝග ජය ගනිමින් අපි ඉදිරියට යායුතුව තිබෙනවා වගේම ශිෂ්ඨ සම්පන්න, විචාරශීලි, නිර්මාණාත්මක සහ මානවහිතවාදී ජිවිත අනාගතය උදෙසාත් බොහෝ පරිස්සමෙන් ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. ලෝකය වඩාත් යහපත් ස්ථානයක් වන්නේ එවිට පමණයි. ගෝලීය වශයෙන් සියලු සත්වයන්ට සහ පරිසරයට හිතකාමී හරිත වන වගා ව්‍යාපාරයේ නියෙලෙන දේශීය ප්‍රමුඛයා ලෙස අපි අනාගත පරපුර මෙන්ම වර්තමානයේ සාහිත්‍යයෙන් කලාවෙන් විතැන් වී සිටින පිරිසට නැවත ජිවය ලබා දීමට අවශ්‍ය බව අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ආයතනික සමාජ වගකීම් හරහා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් දියත් කිරීමට බලාපොරොත්තු වනවා. මේ හරහා සාහිත්‍ය කෙරෙහි ඇල්මක් දක්වන විශාල පිරිසකගේ අවධානය අප වෙත යොමු වී තිබෙනවා. අපගේ ව්‍යාපාරය වටා එවැනි පිරිසක් ඒකරාශී වීම පිළිබඳව ම බෙහෙවින්ම සතුටට පත්වනවා.”

සදාහරිත සමුහ ව්‍යාපාරය මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකික ජනතාව බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනුවත් කිරීමට සහ පෙළඹවීමටද බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උල්පතක් බඳු අගාවුඩ් වන වගාව මෙරටට හදුන්වා දීමේ පුරෝගාමියා වන්නේ සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාය. ඔහුගේ නායත්වය සහ අධීක්ෂණය යටතේ  සදාහරිත සමූහ ව්‍යාපාරය හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගම සහ දශක දෙකක අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරමින් ඇත. ඒ අනුව 2021 වසර මුල් භාගයේදී අයෝජකයින් වෙත විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් ද පිරිනැමිය.

සිය ආයතනික සමාජ වගකීම් කොටස නොපිරිහෙලා ඉටු කරන සදාහරිත සමූහ ව්‍යාපාරය ඒ සඳහා ඉදිරියටද කැපවී සිටි. “ග්‍රන්ථාකල්පන” ජයග්‍රාහකයින් සදාහරිත නිල ෆේස් බුක් පිටුව මගින් නිවේදනය කර ඇති අතර, එවැනි තවත් වැඩසටහන් පිළිබඳව දැනුවත් වීමට සහ බුද්ධිමත් ආයෝජනයක් සඳහා වැඩි විස්තර දැන ගැනීමට https://sadaharitha.com/ හෝ  https://www.facebook.com/399984753349783/ සදාහරිත නිල ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *