IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්,  පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් ඒකරාශි  කරන ලදී.  ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට  පැවැති මෙම සුවිශේෂී  අවස්ථාවේ දී, මෙරට වේගයෙන්  වර්ධනය වන ස්මාර්ට් ආරක්ෂණ ක්ෂේත්‍රයේ පවතින නව අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, IMOU සන්නාමයේහි නවතම නිෂ්පාදන ද එළිදැක්විණි.

IMOU ආයතනය විසින් දක්වන පරිදි, එම සමාගම ගෘහස්ථ කැමරා අපනයනය (home-camera shipments) සම්බන්ධව ලොව තෙවන ස්ථානයේ සිටින අතර ශ්‍රී මෙරට Wi-Fi කැමරා වෙළෙඳපලේ දෙවන ස්ථානය දිනා සිටියි. මෙම උත්සව අවස්ථාව දේශීය  හවුල්කරුවන් වෙත IMOU හි නිෂ්පාදන එකතුව සහ සබඳතා ආරක්ෂණ තාක්ෂණයේ (connected security technologies) විවිධ භාවිතයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට කදිම අවකාශයක් විය.

 DARSKO සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ IMOU සන්නාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සිදුකළ ප්‍රයත්නයන්හි සාර්ථක පළමු වසර ද මෙම අවස්ථාව ඔස්සේ සනිටුහන් කිරීම විශේෂත්වයකී. මෙරට  තාක්ෂණික ක්ෂේත්‍රයේ වසර 20කට අධික  පළපුරුද්දක් සහිත ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  IT Gallery සමාගමේ අනුබද්ධිත සමාගමක් වන DARSKO විසින් IMOU සන්නාමයේහි දේශීය බෙදාහැරීමේ ජාලය ගොඩනැංවීමට මෙන්ම  ආරක්ෂණ හා තාක්ෂණික ක්ෂේත්‍රයේ සිටින ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් නිර්මාණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

Wi-Fi කැමරා, 4G සූර්ය බලශක්ති කැමරා සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහිත කැමරා (AI) මෙන්ම ක්ලවුඩ් (cloud connectivity) තාක්ෂණය සහිත කැමරා ආදී නවතම ආරක්ෂණ විසඳුම්   මෙම SMART LIFE 2026 හිදී ප්‍රදර්ශනය කරන ලදී. මෙම නිෂ්පාදන පෙළ මඟින් නිවසේ සහ වාණිජ පරිශ්‍රයන්හි සිට ස්ථාවර විදුලිය හෝ Wi-Fi පහසුකම් සීමිත ස්ථාන දක්වා වූ විවිධ පරිසරයන් සඳහා සුදුසු විසඳුම් පිරිනමයි.

දෛනිකව විවිධ ස්ථානයන්හි   ආරක්ෂාව සන්නිවේදන ජාල හරහා නිරීක්ෂණය කිරීමට Wi-Fi කැමරා මගින්  පහසුකම් සපයයි.එමෙන්ම, 4G සූර්ය බලශක්ති කැමරා මගින් සෙලියුලර් සන්නිවේදනය සහ සූර්ය බලශක්තිය ඒකබද්ධ  කරමින් සාම්ප්‍රදායික විදුලිය හෝ ජාල යටිතල පහසුකම් නොමැති ස්ථාන සඳහා ගැළපෙන ප්‍රායෝගික විසඳුමක් ලබා දෙයි. මීට අමතරව, AI සහ ක්ලවුඩ් තාක්ෂණය සහිත කැමරා තුළින් තෝරාගන්නා මාදිලිය සහ සේවාව අනුව, දුරස්ථව ආරක්ෂිත පද්ධති නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට අමතර පහසුකම් පිරිනමයි.

මෙහිදී DARSKO  (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “IMOU සඳහා අපට පළමු වසර තුළ දී  ලැබුණු ඉහළ ප්‍රතිචාරයන් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණය සඳහා පවතින ඉහළ ඉල්ලුම මැනවින් පැහැදිලි වෙනවා.මෙරට වෙළෙඳපලට වඩාත් ගැළපෙන නිෂ්පාදන, සහාය සහ අවස්ථාවන් අපගේ හවුල්කරුවන් වෙත ලබා දෙමින් මෙම සන්නාමය සඳහා ස්ථාවර  පැවැත්මක් ගොඩනැගීම අපගේ අරමුණයි. SMART LIFE 2026 හරහා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රජාව සහ IMOU සපයන නවතම විසඳුම් එකිනෙකට සම්බන්ධ කරමින් අපගේ එම අභිප්‍රායන් සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා,”

සාම්ප්‍රදායික CCTV පද්ධතිවලින්  ඔබ්බට ගමන් කරමින්  තම ව්‍යාපාරික සේවාවන් පුළුල් කරගැනීමට මෙම අවස්ථාව ඔස්සේ අලෙවිකරුවන්ට, නැවත අලෙවිකරුවන්ට සහ පද්ධති ඒකාබද්ධ කරන්නන් වෙත මාර්ගෝපදේශය සලසන ලදී. IMOU හි පවතින විවිධ නිෂ්පාදන හරහා පාරිභෝගිකයන්ගේ සහ අදාළ ස්ථානයවල අවශ්‍යතාවලට සරිලන පරිදි සන්නිවේදනය, බලශක්තිය, AI පහසුකම් සහ දුරස්ථ නිරීක්ෂණ හැකියාවන් තෝරාගැනීමට හවුල්කරුවන්ට අවස්ථාව හිමිවේ.

IMOU හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ලයින් ජියා (Layne Jia ) මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය.”ශ්‍රී ලංකාව IMOU සඳහා ඉතා වැදගත් වෙළෙඳපලක්. ඒ වගේම DARSKO  සමාගම සහ අපගේ දේශීය හවුල්කරුවන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපි  බෙහෙවින් සතුටු වෙනවා. පාරිභෝගිකයින්ගේ සහ ව්‍යාපාරවල වෙනස් වන අවශ්‍යතාවලට සරිලන විසඳුම් නිර්මාණය කරමින් ස්මාර්ට් තාක්ෂණය සියලු දෙනාට  පහසුවෙන් ලබාගත හැකි පහසුකමක් ලෙස සමීප කිරීම අපගේ අරමුණයි. දේශීය තාක්ෂණික ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීම ඔස්සේ,  ස්මාර්ට් ජීවන රටාවක සහ සුරක්ෂිතභාවයේ ප්‍රතිලාභ වැඩි පිරිසක් වෙත ලබා දීමට අවස්ථාව සැලසෙන අතර නව ව්‍යාපාරික අවස්ථා ද එමඟින් නිර්මාණය වෙනවා.”

 ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණය යනු තවදුරටත්  තනි කැමරාවක් හෝ නිරීක්ෂණ පද්ධතියක් පමණක් නොවේ.එය අදාළ ස්ථානයේ සන්නිවේදනය, විදුලි බලය සහ නිරීක්ෂණ අවශ්‍යතාවලට අනුව තෝරාගත හැකි බහුකාර්ය විසඳුමක් බවට පත්වෙමින් තිබෙන අතර ඒ පිළිබඳව  මෙම අවස්ථාවේ දී  මැනවින් පසක් කෙරිණි.  පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට තම ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම සඳහා මෙමඟින් වඩාත්  නම්‍යශීලී පහසුකම් පිරිනමන අතර, තාක්ෂණික හවුල්කරුවන්ට පුළුල් පරාසයක ව්‍යාපෘති සඳහා  ද මෙය දායක කර ගැනීමට හැකිය.

DARSKO සහ IMOU සමාගම් එක්ව SMART LIFE 2026 හරහා, මෙරට තාක්ෂණික සහ අලෙවි ප්‍රජාව ඒකරාශී කරමින් මෙම නව තාක්ෂණික දියුණුව සහ ශ්‍රී ලාංකේය වෙළෙඳපලට එහි ඇති වැදගත්කම පිළිබඳව පුළුල් අවබෝධයක් පිරිනමන ලදී. මෙරට  IMOU සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ දෙවන වසරට පා තබන DARSKO සමාගම විසින් මෙරට තුළ සන්නාමයේ ව්‍යාප්තිය   තවදුරටත් පුළුල් කිරීමටත්, අලෙවිකරුවන්, නැවත අලෙවිකරුවන් සහ පද්ධති ඒකාබද්ධ කරන්නන්ගේ ජාලය වැඩිදියුණු කිරීමටත් අනාගතයේ දී බලාපොරොත්තු වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *