ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ මූල්‍ය හා රක්ෂණ විසඳුම් ලබාදීමේ අරමුණින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
මෙම හවුල්කාරිත්වය මඟින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ පුළුල් මූල්‍ය සේවා ජාලය සහ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගමේ සුවිශේෂී රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය එකට ඒකාබද්ධ කරමින්, පාරිභෝගිකයින් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට පියවර ගෙන ඇත. මේ හරහා ඒෂියා ඇසට් ෆිනෑන්ස් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කළ පුළුල් රක්ෂණ විසඳුම් වෙත ඉතා පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවේ.
මෙම ගිවිසුම යටතේ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම විසින් රක්ෂණ ඔප්පු ලබාදීම, රක්ෂණ උපදෙස්, හිමිකම් ඉල්ලීම් සහාය සහ පාරිභෝගිකයාට ගැළපෙන පරිදි සකස් කළ අවදානම් කළමනාකරණ විසඳුම් ඇතුළු සමස්ත රක්ෂණ සේවාවන්ම ඒෂියා ඇසට් ෆිනෑන්ස් පාරිභෝගිකයින් වෙත ලබාදෙනු ඇත. මෙම සහයෝගීතාවය තුළින් රක්ෂණ සේවා ලබා ගැනීම සරල වන අතර, සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම වෘත්තීයමය ප්‍රවීණත්වය සහ ශක්තිමත් රක්ෂණ සමාගම් සබඳතාවල සහාය ඇතිව වඩාත් තරඟකාරී රක්ෂණාවරණවල ප්‍රතිලාභ පාරිභෝගිකයින්ට හිමිකර දීමට අපේක්ෂා කෙරේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කළමනාකාරීත්වය ප්‍රකාශ කළේ, තාක්ෂණික ප්‍රවීණත්වය, විශ්වාසදායක රක්ෂණ සබඳතා සහ උසස් සේවා ප්‍රමිතීන් මත පදනම් වූ පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ විසඳුම් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ තම සමාගමේ පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමේ උපායමාර්ගික දැක්ම සමඟ මෙම සහයෝගීතාවය මනාව බද්ධ වන බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී, සිය උපායමාර්ගික ව්‍යාප්තිය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් හරහා වෙළඳපොළ තුළ සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින් සිටියි. දැනට ක්‍රියාත්මක වන 115ක දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය සහ පළමු කාර්තුව තුළ අතිරේක ශාඛා 10ක් පිහිටුවීමේ සැලසුම් සමඟින්, නාගරික මෙන්ම ග්‍රාමීය වෙළඳපොළවල් පුරා විශ්වාසදායක මූල්‍ය විසඳුම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් අඛණ්ඩව කැපවී සිටියි.
සිය පාරිභෝගික අගය ඉහළ නැංවීමේ පුළුල් පියවරක් ලෙස, පාරිභෝගික පහසුව සහ ප්‍රවේශය වැඩි දියුණු කරන අගය එකතු කළ සේවාවන් ඒකාබද්ධ කරමින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම සිය කල්බදු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි. ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, කල්බදු පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයින්ට රක්ෂණ සේවාවන් වෙත කඩිනම් සහ සරල ප්‍රවේශයක් හිමිවන අතර එමඟින් වඩාත් කාර්යක්ෂම පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය වේ. මෙම මුලපිරීම පාරිභෝගිකයින් වෙත ඒකාබද්ධ මූල්‍ය විසඳුම්, මෙහෙයුම් පහසුව සහ ඉහළ වටිනාකමක් ලබා දීම සඳහා ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම දක්වන අඛණ්ඩ අවධානයට මනා සහායක් වනු ඇත.
මෙම හවුල්කාරිත්වය තුළින් නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයීම සඳහා ආයතන දෙකෙහිම ඇති පොදු කැපවීම මනාව පිළිබිඹු වේ. තමන් සතු සුවිශේෂී ශක්තීන් උපයෝගී කර ගනිමින්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම පාරිභෝගිකයින්ට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ මූල්‍ය හා රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටත් බලාපොරොත්තු වේ.
ඡායාරූප සටහන
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා සහ ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොෂාන් ගුණසේකර මහතා විසින් හවුල්කාරිත්ව ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සභාපති ධනික ද සිල්වා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රධාන නිලධාරී නිහාල් හඳුන්ගේ, අධ්‍යක්ෂ (විකුණුම්) මහේෂ් ද අල්විස්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුරාධ හෙට්ටිගේ, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන මෙහෙයුම්) ජයන්ත වීරප්පුලිගේ, සාමාන්‍යාධිකාරී (ශාඛා මෙහෙයුම්) සජිත් අතපත්තු, සහකාර සාමාන්‍යාධිකාරී (කල්බදු අලෙවිකරණ) අයන්ත සම්පත් සහ ප්‍රධාන කළමනාකාර (කල්බදු මෙහෙයුම්) ප්‍රියන්ත විජේසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.