තම දීපව්‍යාප්ත අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සිය නවතම DPMC Workshop Express සේවා මධ්‍යස්ථානය අම්බලන්ගොඩදී විවෘත කළේය.
අම්බලන්ගොඩ, ඌරාවත්ත, ගාලු පාරේ අංක 24 යන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය, ප්‍රදේශයේ බජාජ් (Bajaj) පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි උපායමාර්ගිකව ස්ථාපනය කර ඇත. අම්බලන්ගොඩ නගරයට ආසන්නව ගාලු පාරේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය හරහා බජාජ් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කියුට් (QUTE) රථ ඇතුළු සියලුම බජාජ් වාහන සඳහා සේවා සැපයීම, නඩත්තුව සහ අලුත්වැඩියාවන් ඇතුළු පුළුල් පරාසයක සේවාවන් ඉතා නිවැරදිව සහ සැලකිලිමත්ව සිදු කරනු ලබයි.
මෙහිදී බජාජ් ජෙනුයින් අමතර කොටස් (Bajaj Genuine Spare Parts) සහ බජාජ් ජෙනුයින් ඔයිල් (Bajaj Genuine Oil) පමණක් භාවිතා කරමින් උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් සහතික කරයි. එම පරිශ්‍රයේම පිහිටි DPMC අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානය මගින් පාරිභෝගිකයන්ට ජෙනුයින් කොටස් මෙන්ම DPMC-MRF, Atlas සහ Orion වැනි ප්රමුඛ පෙළේ ටයර් වර්ගද මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.



මෙම සමාරම්භක උත්සවයට සමගාමීව, තාක්ෂණික අධ්‍යාපනය සහ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව නංවාලීම සඳහා අම්බලන්ගොඩ, බලපිටිය සහ නියාගම යන කාර්මික විද්‍යාල වෙත බජාජ් ත්‍රිරෝද රථ එන්ජින් තුනක් පරිත්‍යාග කිරීමටද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කටයුතු කළේය. මෙම අවස්ථාවට එම විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ සිසුන් සහභාගී වූ අතර එය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ වෘත්තීය අධ්‍යාපන ආයතන අතර පවතින ශක්තිමත් සබඳතාවය මැනවින් පෙන්නුම් කළේය.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම දිවයින පුරා පවතින කාර්මික විද්‍යාල සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කරන අතර එමඟින් සිසුන්ට ප්‍රායෝගික පුහුණුව මෙන්ම මෝටර් රථ ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට ද මග පෙන්වයි.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ වාහන සේවා සහ නඩත්තු අංශය ලෙස DPMC Workshop දැනටමත් මඩපාත (පිළියන්දල), මාතර සහ යාපනය යන ප්‍රදේශවල සිය ශක්තිමත් පැවැත්ම තහවුරු කර ඇත. මෙම DPMC Workshop Express ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් හයිඩ් පාර්ක් කෝනර්, මීගමුව, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර, ගාල්ල, බදුල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රධාන නගර රැසක සිය මෙහෙයුම් සිදු කරයි.
නිෂ්පාදකයාගේ ප්රමිතීන් සහ උපදෙස් වලට අනුකූලව ගුණාත්මක සහ විශ්වාසනීය සේවාවක් සැපයීම සඳහා DPMC වර්ක්ෂොප් නවීන තාක්ෂණයෙන් හා උපකරණවලින් සමන්විතය. පාරිභෝගික පහසුව සහ ගුණාත්මකභාවය පිළිබඳ ඔවුන්ගේ කැපවීම ක්ෂේත්රයේ නව ප්රමිතීන් බිහිකිරීමට සමත් වී ඇත.
011 4700630 හෝ 077 235 6695 දුරකතන අංක හරහා අම්බලන්ගොඩ DPMC Workshop Express ඇමතීමෙන් සේවා වෙන්කිරීම් හෝ වැඩිදුර තොරතුරුපාරිභෝගිකයන්ට ලබාගත හැකිය.