DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් බිහිකිරීමෙහිලා DIMO Academy තබන ලද තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
WOLT පාඨමාලා සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා ලබාදීම උදෙසා DIMO Academy විසින් ජර්මනියේ ප්‍රමුඛතම සමාගමක් වන Mosecker GmbH & Co. KG සමඟ ගිවිසුමකට පැමිණ ඇත. මෙම සමාගමේ, logistics සහ warehouse ක්‍රියාකාරකම් සඳහා පවතින සේවක අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීමට මෙම සහයෝගිතාව මඟින් ඉඩ සලසයි.
WOLT පාඨමාලාවේ විශේෂත්වය වන්නේ එය German Chamber of Industry & Commerce (AHK) හි පාඨමාලා පද්ධතිය මත පදනම්ව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ලෙස නිර්මාණය කර තිබීමයි. බොහෝ ඩිප්ලෝමා පාඨමාලා න්‍යායාත්මක හෝ කළමනාකරණමය දැනුමට පමණක් සීමා වන අතර, මෙම වැඩසටහන හරහා ආයතන විසින් පිළිගත් ප්‍රායෝගික පුහුණුවක් මත පදනම්ව සිසුන්ට රැකියා සූදානම ලබාදීමට කටයුතු කරයි. එසේම, වැඩ කරන අතරතුර උසස් අධ්‍යාපනයට ද යොමු වීම සඳහා විවිධ අවස්ථා ලබාදෙයි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්‍ෂිකා, ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ සඳහන් කළාය. “මෙම ඩිප්ලෝමාවේ සුවිශේෂීත්වය වන්නේ එය සමාගම්වල අවශ්‍යතාවයන් මත පදනම්ව සැලසුම් කර තිබීමයි. මෙහිදී සිසුන්ව සැබෑ සේවා පරිසරයක කටයුතු කිරීමට අවශ්‍ය දක්ෂතාවලින් පෝෂණය කරනු ලබනවා. සමාගම්වල පිළිගැනීම සහ රැකියා අවස්ථා සහතික වීම තුළින්, මෙය සාම්ප්‍රදායික වෘත්තීය පාඨමාලාවලින් වෙනස් කොට දැක්විය හැකියි.”
මෙම පාඨමාලාවේ ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර ලෙස Logistics සහ Supply Chain, Warehouse Operations, German Language, Logistics Processes Optimization, Procurement, Advanced Inventory Management, Strategic Supply Chain Management සහ Communication & Professional Conduct දැක්විය හැකිය. තවද මෙම වැඩසටහන German Chamber of Industry & Commerce මගින් අනුමත කර ඇති අතර, ජර්මනියේ dual vocational education and training ප්‍රමිතීන් සමඟ සම්පූර්ණව අනුකූල වේ. ශ්‍රී ලංකාව තුළ Tertiary & Vocational Education Commission (TVEC) මගින් ද නිල වශයෙන් පිළිගත් වැඩසටහනකි. මෙහිදී පුහුණුව ලබාදීම competency-based ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වන අතර, ප්‍රායෝගික ඇගයීම්, සම්මත පුහුණු ක්‍රියාවලි, තත්ත්ව පාලනය සහ යුරෝපීය සේවා පරිසරයට අනුකූල job-readiness ප්‍රමිතීන් මත පදනම්ව සිසුන් සූදානම් කරනු ලැබේ.
WOLT වැඩසටහන සඳහා පළමු කණ්ඩායම 2026 අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි හෝ විද්‍යාව වැනි ප්‍රධාන විෂයන් තුනක B සාමාර්ථ හෝ ඕනෑම විෂය ධාරාවක් යටතේ අ.පො.ස. උසස් පෙළ සුදුසුකම් සහිත සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කළ හැක.