Ocean Lanka ආයතනය විසින් අනාගතයට සූදානම් වූ ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද OCL Academy of Textile and Apparel හි දෙවන පුහුණු කණ්ඩායම සාර්ථකව සිය පාඨමාලාව අවසන් කිරීම පසුගියදා සිදු විය. සේවකයන් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහනෙන් උපාධිය ලබා ගත්හ. රෙදිපිළි හා ඇඟලුම් අංශයේ කාර්මික දැනුම, ප්‍රයෝගික කුසලතා සහ තාක්ෂණික විශේෂඥතාව ක්‍රමවත්ව වැඩිදියුණු කිරීමේ අරමුණින් OCL Academy of Textile and Apparel, 2023 දී ආරම්භ කරනු ලැබීය.
2023 සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ ඇකඩමියේ පළමු කණ්ඩායම 2024 දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව සේවකයින් 32 දෙනෙකු සාර්ථකව සහතික ලබා ගත්හ. මෙම සාර්ථකත්වය, ඇකඩමියේ ඉගෙනුම් ආකෘතියේ කාර්යක්ෂමතාවය පැහැදිලිව පෙන්වා දෙනු ලැබීය. එම සාර්ථකත්වය මත දෙවන කණ්ඩායම 2025 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලදී. මෙම කාලය තුළ, Tertiary and Vocational Education Commission (TVEC) සමඟ ඇකඩමියේ ලියාපදිංචි වීම, විශේෂ සාර්ථක සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
ඇකඩමියේ ප්‍රධාන පාඨමාලාව වන Certificate in Textile and Apparel Manufacturing (PT – Skills Upgrading), TVEC විසින් නිල වශයෙන් අනුමත කර ඇත. මෙය, ජාතික වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතා සමඟ අනුකූලතාවය තහවුරු කරමින් ඇකඩමියේ කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් කරයි. 2025 දෙසැම්බර් මාසයේ දී, දෙවන කණ්ඩායම විසින් TVEC සම්පූර්ණ අනුමැතිය සමඟ පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලැබීය.
මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Ocean Lanka හි ප්‍රධාන මානව සම්පත් හා පරිපාලන නිලධාරිනී වන ඉන්ද්‍රාණි නාරම්පනාව මහත්මිය මෙසේ පැවසීය.“අප ආයතනය තුළ ව්‍යුහගත අධ්‍යාපන හා කුසලතා වර්ධනය සඳහා අප විසින් දිගු කාලීනව දක්වන කැපවීම, OCL Academy of Textile and Apparel හරහා පැහැදිලිව පිළිබිඹු වෙනවා. අත්දැකීම් මත පදනම් වූ, කර්මාන්තයට අනුකූල පුහුණුව සමඟ අනුමත සහතික ඒකාබද්ධ කිරීමෙන්, අප විසින් අපගේ සේවකයින්ට වෙනස් වෙමින් පවතින කර්මාන්ත අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙන අතර, ශ්‍රී ලංකා ඇඟළුම් කර්මාන්තයේ සමස්ත තරඟකාරීත්වය ද ශක්තිමත් කරනවා.”
“මෙම ඇකඩමිය සැලසුම් කර ඇත්තේ න්‍යායාත්මක දැනුම සහ සැබෑ ලෝකයේ නිෂ්පාදන අභියෝග අතර පරතරය පියවා ගැනීම සඳහා යි. TVEC අනුමැතිය ලැබීමත් සමඟ, අපගේ විෂය නිර්දේශය සම්පූර්ණ රෙදිපිළි වටිනාකම් දාමයම ආවරණය කරමින් කර්මාන්තයට අදාළ ව්‍යුහගත ඉගෙනුම ලබා දෙනවා. එමඟින් සහභාගීවන්නන් තාක්ෂණිකව දක්ෂ වීම පමණක් නොව, අනාගත ඇඟළුම් නිෂ්පාදනය සඳහා නවෝත්පාදනයන්ට සූදානම් පුද්ගලයන් බවට පත් කරනවා.” OCL Academy of Textile & Apparel හි ප්‍රධානි සහ රෙදිපිළි සංවර්ධන හා නවෝත්පාදන අධ්‍යක්‍ෂ චතුමධුර ලියනගම මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ අධ්‍යාපනික ඉගැන්වීම් සහ ප්‍රායෝගික පුහුණුව හොඳින් සමතුලිතව ලබා දීම සඳහා වන අතර එමඟින් සහභාගිවන්නන්ට මූලික දැනුම මෙන්ම සැබෑ කර්මාන්ත ඉල්ලුමට අනුකූලව ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම සහතික කරයි. ෆයිබර් විද්‍යාව, නූල් නිෂ්පාදන පද්ධති, රෙදි ව්‍යුහයන්, ගෙතීම, වර්ණ කිරීම, අවසන් කිරීම, මුද්‍රණය, රෙදි පරීක්ෂාව, ඇඟළුම් තාක්ෂණය, රෙදිපිළි නවෝත්පාදන සහ නව කර්මාන්ත ප්‍රවණතා ඇතුළු සම්පූර්ණ රෙදිපිළි හා ඇඟළුම් වටිනාකම් දාමය ආවරණය වන පුහුණු මොඩියුල මෙහි අඩංගු වේ.
ඇකඩමියේ මෙහෙයුම් සඳහා පදනම ලෙස එහි පැහැදිලි දැක්ම සහ මෙහෙවර මූලික වේ. එහි දැක්ම වන්නේ රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තය තුළ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ වෘත්තීය වර්ධනය දිරිගන්වන ප්‍රමුඛතම ආයතනික ඉගෙනුම් මධ්‍යස්ථානය බවට පත්වීමයි. එහි මෙහෙවර වන්නේ Ocean Lanka සහ පුළුල් ඇඟළුම් කර්මාන්තයේ තිරසාර වර්ධනයට දායක වන දක්ෂ, දැනුමැති සහ අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා උසස් තත්ත්වයේ න්‍යායාත්මක, තාක්ෂණික සහ ප්‍රායෝගික අධ්‍යාපනය හරහා සේවකයින් ශක්තිමත් කිරීමයි.
කණ්ඩායම් දෙකක් සාර්ථකව අවසන් කිරීම සහ TVEC අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, OCL Academy of Textile and Apparel, 2026 පෙබරවාරි මාසයේ දී තෙවන කණ්ඩායම ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය තුළ ශ්‍රම බලකාය සංවර්ධනය, හැකියාවන් ගොඩනැගීම සහ කර්මාන්තීය ප්‍රගතිය සඳහා තම දිගුකාලීන කැපවීම නැවතත් තහවුරු කරයි.