මෙරට අපනයනකරුවන් උදෙසා පිරිනමනු ලබන ඉහළම ජාතික ගෞරවය වන ‘ජනාධිපති අපනයන සම්මාන’ උළෙලේ දී, 2024/2025 වර්ෂය සඳහා, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය ව්‍යාපාරික ඒකක තුනක් වෙනුවෙන් සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙහිදී HJS Condiments Limited, Quality Seed Company Limited සහ Hayleys Agro Biotech (Pvt) Ltd යන සමාගම් සතු විශිෂ්ට අපනයන කාර්යසාධනය ඇගයීමට ලක් වූ අතර, එමඟින් කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සමූහය සතු විවිධත්වය, වෙනස් වන වෙළඳපොළ තත්වයන්ට ධනාත්මකව අනුගත වීමට ඇති හැකියාව සහ ගෝලීය තරඟකාරීත්වය මැනවින් පිළිබිඹු විය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය, කෘෂිකාර්මික නවෝත්පාදන සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ විශිෂ්ටත්වය සම්බන්ධයෙන් හේලීස් ඇග්‍රිකල්ච සතු නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන අතරම, ශ්‍රී ලාංකීය ගොවි ජනතාව සහ වගාකරුවන් ඇතුළු සමස්ත කෘෂිකාර්මික පද්ධතියම නගාසිටුවීම සඳහා සමාගම දක්වන නොසැලෙන කැපවීම ද ඉස්මතු කරයි.
ගෝලීය වෙළෙඳපොළ වෙත උසස් තත්ත්වයේ අගය එක් කළ සැකසූ පළතුරු සහ එළවළු නිපදවා අපනයනය කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් HJS Condiments Limited සමාගම “Best Exporter – Processed Fruits & Vegetables” ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. අපනයන ආදායම, ශ්‍රී ලංකාවට විදේශ ඉපැයීම් කාලෝචිත ලෙස ආපසු ලබා දීම, ශුද්ධ විදේශ විනිමය ඉපැයීම්, වෙළඳපල සහ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමේ හැකියාව, අගය එකතු කිරීමේ මට්ටම, නවෝත්පාදනය සහ තිරසාර අපනයන පිළිවෙත් වැනි වැදගත් නිර්ණායක කිහිපයක් භාවිතා කරමින් සිදු කළ ඇගයීම්වලදී HJS Condiments Limited සමාගම දැක්වූ සුවිශේෂී දක්ෂතා මෙම ජයග්‍රහණයට පදනම විය.
ගෝලීය මල් වගා කිරීමේ කර්මාන්තයේ සිය නායකත්වය සනාථ කරමින් Quality Seed Company Limited සමාගම “Best Exporter – Floriculture” සම්මානය දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ එකම ‘F1 දෙමුහුන් මල් බීජ’ අපනයනකරු ලෙස, ඉතා සූක්ෂ්ම හා නිරවද්‍ය තාක්ෂණයෙන් යුත් බීජ අපනයනය හරහා විදේශ විනිමය උපයා දීමට මෙම සමාගම සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. එමෙන්ම, උසස් තත්ත්වයේ මල් වගා නිෂ්පාදන සඳහා වූ විශ්වසනීය සැපයුම්කරුවෙකු ලෙස ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ශක්තිමත් කිරීමට ද මෙම ජයග්‍රහණය මඟින් විශාල පිටුවහලක් ලැබේ.
සමූහයේ ජයග්‍රහණයන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශාක පටක රෝපණ ක්ෂේත්‍රය උදෙසා සිදුකළ නවෝත්පාදන දායකත්වය වෙනුවෙන් Hayleys Agro Biotech (Pvt) Ltd සමාගම “Merit Award – Floriculture” සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගම සතු උසස් පටක රෝපණ තාක්ෂණය සහ ඉහළ වටිනාකමකින් යුතු රෝපණ ද්‍රව්‍ය ජාත්‍යන්තරයට අපනයනය කිරීමේ සාර්ථකත්වය මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කෙරිණි. සෙසු සමාගම් මෙන්ම දැඩි ඇගයීම් නිර්ණායකයන්ට යටත්ව, නවෝත්පාදනය, අගය එකතු කිරීම සහ තිරසාර අපනයන පිළිවෙත් සම්බන්ධයෙන් Hayleys Agro Biotech සමාගම විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළේය. නවීන තාක්ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට ගෙන ඒමට සමාගම දක්වන සුවිශේෂී දායකත්වය ද මෙහිදී මැනවින් පිළිබිඹු විය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය මෙසේ පැවසීය. “මෙම සම්මාන අපගේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ ගෝලීය විශිෂ්ටත්වය සඳහා වන දිගුකාලීන කැපවීම පෙන්නුම් කරන ප්‍රබල සාක්ෂියක් ලෙස සැළකිය හැක. ඒ වගේම මෙම ජයග්‍රහණ අපේ කණ්ඩායම්වල වෙහෙස මහන්සියේ සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයේ ප්‍රතිඵලයකි. තවද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන, තරඟකාරී සහ ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වූ ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ අරමුණ මේ හරහා යළිත් තහවුරු විය. මෙම ජයග්‍රහණ ලබා ගැනීමට අප සමඟ අත්වැල් බැඳගත් දිවයින පුරා සිටින ගොවිමහතුන්, වගාකරුවන් සහ සැපයුම්කරුවන් සමඟ මෙම සතුට බෙදාහදා ගැනීමට අපි කැමැත්ත පළ කරමු.
නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ලුෂාන් අබේසේකර මහතා මෙසේ අදහස් එක් කළේය. “නව්‍ය සහ ඉහළ වටිනාකමක් ඇති කෘෂිකාර්මික නිපදවීම මෙන්ම, ජාත්‍යන්තර ප්‍රමිතීන් අඛණ්ඩව සපුරාලීමට සමාගමට ඇති හැකියාව මෙම සම්මාන වලින් පෙන්නුම් කරනවා. උසස් රෝපණ ද්‍රව්‍යවල සිට සකස් කළ පළතුරු සහ එළවළු අපනයනය දක්වා වූ සෑම අංශයකදීම අපගේ මූලික අවධානය යොමුවන්නේ විශිෂ්ටත්වය, විශ්වාසනීයත්වය සහ දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම සඳහායි. ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට මෙන්ම දේශීය ගොවි ජනතාවට ද එකලෙස ප්‍රතිලාභ සැලසෙන පරිදි නවීන තාක්ෂණය, කුසලතා සංවර්ධනය සහ තිරසාර භාවිතයන් සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට මෙම සම්මාන අපව දිරිමත් කරනවා.”
2024/2025 ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී හිමිකරගත් මෙම ගෞරවයන් මඟින් ගෝලීය වෙළෙඳපොළ තුළ හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි වර්ධනය සහ ජාතික ආර්ථික සංවර්ධනයට ඔවුන් ලබා දෙන දායකත්වය මැනවින් පිළිබිඹු වේ. ප්‍රබල අපනයන කාර්යසාධනය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සහ ගොවි ජනතාව සවිබල ගැන්වීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඔරොත්තු දීමේ හැකියාව සහ දිගුකාලීන ආර්ථික තිරසාරත්වය ශක්තිමත් කිරීමට හේලීස් ඇග්‍රිකල්ච සමූහය නිරන්තරයෙන් කැපවී සිටී.