ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාරික විසඳුම් සපයන ආයතනය වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited), ගෝලීය වශයෙන් පිළිගත් Evonik සමාගමේ විශේෂ පෝෂණ නිෂ්පාදන බෙදාහැරීමේ අවසර ලත් ශ්‍රී ලංකාවේ එකම සමාගම බවට පත්ව ඇත. උසස් තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ක්ෂේත්‍රය තුළ ලබා ගත හැකි පළමු අවස්ථාව මෙයයි. Evonik යනු රටවල් 110කට වැඩි ගණනක ක්‍රියාත්මක වන දැවැන්ත ජර්මානු සමාගමකි. එය ලෝකයේ ඉහළම සත්ත්ව පෝෂණ සමාගම් පහෙන් එකක් වන අතර ප්‍රධාන සුවිශේෂි පෝෂක සංඝඨක නිෂ්පාදකයෙකි. ඔවුන්ගේ සත්ත්ව පෝෂණ නිෂ්පාදන ශක්තිමත් විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වීම, සත්ත්ව සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වීම, ආහාර භාවිතය ප්‍රශස්ත කිරීම සහ සමස්ත ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රසිද්ධයක් උසුලයි.
ශ්‍රී ලංකාවේ සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගම් සහ කුකුළු පාලන ක්ෂේත්‍රය නවීනතම පෝෂණ නිෂ්පාදන වලින් සන්නද්ධ කිරීමේ අරමුණින්, Evonik ආයතනයේ උසස් ප්‍රමිතියෙන් යුත් නව නිෂ්පාදන පෙළ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමේ උත්සවය 2025 නොවැම්බර් මස 25 වන දින කොළඹ කිංස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ Evonik ආයතනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඒ අනුව, Evonik ආයතනය නියෝජනය කරමින් එහි සත්ත්ව පෝෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය මේරියන් හැක්ස්, ගෝලීය පෝර්ට්ෆෝලියෝ සංවර්ධන කළමනාකරු ආචාර්ය ලූකස් බවර්, ආසියානු කලාපයේ විශේෂ පෝෂණ අංශයේ තාක්ෂණික ප්‍රධානී ආචාර්ය ගිරිෂ් චන්නරායපටානා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය සඳහා ව්‍යාපාර කළමනාකරු ලෙස කටයුතු කරන වෛද්‍ය යුව්රාජ් පටීල් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම නිල සමාරම්භය සඳහා එක් වූහ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ හා සත්ව සෞඛ්‍ය අංශයේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි මහතා මෙසේ සඳහන් කළේය. “ජාත්‍යන්තර තාක්ෂණයන් සමඟින් ශ්‍රී ලංකාවේ සත්ව පාලන අංශය නඟා සිටුවීමට හේලීස් ඇග්‍රිකල්ච ආයතනය කැපවී සිටිනවා. සත්ත්ව පෝෂණය පිළිබඳ වඩාත්ම විශ්වාසදායක සමාගමක් වන Evonik සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීමෙන් කුකුළු ගොවිපල නිෂ්පාදකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා සෘජුවම සපුරාලීමට උපකාරී වන විද්‍යාත්මකව සනාථ කරන ලද, උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා. එපමණක් නොව, හේලීස් හි ශක්තිමත් දේශීය දැනුම සහ බෙදාහැරීමේ ජාලය සමඟ ඒකාබද්ධ වූ Evonik හි ගෝලීය විද්‍යාත්මක විශේෂඥතාව, ශ්‍රී ලංකාවට වඩාත් නවීන, කාර්යක්ෂම කුකුළු පෝෂණ පිළිවෙත් කරා යාමට උපකාරී වනු ඇත. තවද මෙම හවුල්කාරිත්වය මගින් ඵලදායිතාව වැඩිදියුණු කර අනාගතය සඳහා කර්මාන්තය ශක්තිමත් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
මෙම නව නිෂ්පාදන අතර ආහාර මාර්ගයේ සෞඛ්‍යය වැඩි දියුණු කරන, ආතතිය අඩු කරන සහ කුකුලන් නිරෝගීව තබා ගන්නා විශේෂ ප්‍රෝබියොටික් වර්ගයක් වන GUTCARE®, විශේෂයෙන් ආහාර මාර්ගයේ සෛල ආරක්ෂා කරන සහ පෝෂ්‍ය පදාර්ථ වඩා හොඳින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වන ට්‍රයිබියුටිරින් නිෂ්පාදනයක් වන SPEOCARE® T60 සහ මාංශ පේශි වර්ධනය සහ ප්‍රජනන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන, සත්ත්වයින්ගේ ශරීරයට ඉතා පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ශක්ති ප්‍රභවයක් වන ගුවානිඩිනොඇසිටික් අම්ලය (GAA) අඩංගු ඉතා ඵලදායී අතිරේකයක් වන GUANAMINO® අන්තර්ගත වේ. ගොවීන්ට ඔවුන්ගේ ආහාර වලින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට, කුකුලන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට උපකාර කිරීම සඳහා මෙම විසඳුම් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන අතර වෙළඳපල තත්ත්වයන් වෙනස් වන විට පවා කුකුළු නිෂ්පාදකයින්ට තරඟකාරී සහ තිරසාරව සිටීමට මෙමඟින් හැකියාව ලබා දෙයි.
හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්, මෙරට දහස් ගණනක් ගොවීන්, වගාකරුවන් සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදකයින්ට, ගෝලීය වෙළඳපොළට පිවිසීමට අවස්ථා විවර කරදීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, වඩා හොඳ ක්‍රමවේද ඉගැන්වීමෙන් සහ සිය ක්ෂේත්‍ර නිලධාරීන් හරහා අඛණ්ඩ සහාය ලබා දීමෙන් ගොවීන් ශක්තිමත් කිරීම ඇතුළු අසමසම ආර්ථික වටිනාකමක් ජනිත කරයි. ඔවුන්ගේ ශක්තිමත් ගෝලීය හවුල්කාරිත්වයන්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සෑම පාර්ශවයක් සමඟම ඇති ගැඹුරු සබඳතා, විශේෂඥ දැනුම සහ උසස් පර්යේෂණ හැකියාවන් යන සියල්ල කර්මාන්තයේ දිගුකාලීන වර්ධනය සහ ස්ථාවරත්වය සහතික කිරීමට උපකාරී වේ.