නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, 2024/25 වසරේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම නැවත වරක් පිදුම් ලබයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති අපනයන සම්මාන උළෙල, අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන, ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට පිරිනමනු ලබන ඉහළම ජාතික ඇගයීමයි. ශාකසාර සහ ආයුර්වේද අංශයෙන් ලින්ක් නැචුරල් සමාගම ලැබූ මෙම ජයග්‍රහණය තුළින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය, අගය එකතු කිරීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම මෙන්ම ගෝලීය වෙළඳපොළ තුළ සමාගමේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සමාගමේ කැපවීම හා දක්ෂතාවය පෙන්නුම් කරයි.
සාම්ප්‍රදායික ආයුර්වේදීය දැනුම, නවෝත්පාදන සමඟ මුසු කරමින්, ලින්ක් නැචුරල් සමාගම දශක හතරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා ශාකසාර නිෂ්පාදන මෙන්ම ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් සිටියි. පරම්පරා ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනා ගත් සහ පාරිභෝගිකයාට පූර්ණ සේවාවක් ලබා දෙන, ලින්ක් සමහන්, සුදන්ත, ස්වස්ථ අමෘත, ස්වස්ථ ත්‍රිපලා, මසල්ගාඩ්, SP බාම් සහ කේෂා වැනි නිෂ්පාදන රැසක් මෙම සමාගම සතු වේ. එහි ප්‍රමුඛතම නිෂ්පාදනය වන ලින්ක් සමහන් මේ වන විට යුරෝපය, ඇමරිකාව, ජපානය, ඉන්දියාව, කැනඩාව, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රධාන වෙළඳපොළවල් ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එමෙන්ම Macro, Rossmann, dm-drogerie, Costco වැනි ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ ජාලයන් ඔස්සේ ද මෙම නිෂ්පාදන ලබා ගත හැකි අතර, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වෙතින් ද මගීන් වෙත සපයනු ලබයි. එහි පවතින ගුණාත්මකභාවය හේතුවෙන් පුළුල් පිළිගැනීමකට ලක්ව ඇති ලින්ක් සමහන්, ප්‍රමුඛ පෙළේ ගෝලීය ප්‍රකාශන සහ ජාත්‍යන්තර මාධ්‍ය වේදිකාවල ද විශේෂ අවධානයට ලක්ව ඇත. මෙය ශ්‍රී ලාංකේය ශාකසාර නිෂ්පාදනවල ගෝලීය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරයි.
ලින්ක් නැචුරල් හි ප්‍රධාන විධායක නිළධාරි, අෂාන් රන්සිලිගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින්, “මෙම ඇගයීම, ශ්‍රී ලංකාවේ ශාකසාර සහ ආයුර්වේද ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයට සාක්ෂි දරනවා. එය අපගේ ආයතනයේ කණ්ඩායම්වල කැපවීම, අප පාරිභෝගිකයින්ගේ විශ්වාසය සහ අපගේ දිගුකාලීන ගෝලීය හවුල්කරුවන්ගේ සහයෝගීතාවයේ ශක්තිය සනාථ කරන්නක්. නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමටත්, ලොව පුරා සිටින පාරිභෝගිකයින්ට 100%ක් ශ්‍රී ලාංකේය, ආරක්ෂිත සහ ඵලදායී සුවතා නිෂ්පාදන ලබා දීමටත් අප සැම විටම කැප වී සිටිනවා” යනුවෙන් පැවසීය.
ලින්ක් නැචුරල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී චමරි වික්‍රමතිලක මෙනෙවිය, “තිරසාර අමුද්‍රව්‍ය සපයා ගැනීම, විද්‍යාත්මකව තහවුරු කිරීම සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉතා සියුම් ප්‍රවේශයක් මත ලින්ක් නැචුරල් සමාගමේ සාර්ථකත්වය ගොඩ නැගී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොහොසත් ශාකසාර උරුමය ආරක්ෂා කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා වූ අපගේ මෙහෙවර, මෙම සම්මානය මගින් ශක්තිමත් කරනවා. ජාත්‍යන්තරය තුළ අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් පාරිභෝගිකයින්ට සහ සමාජයට අර්ථවත් වටිනාකමක් ලබා දීම සඳහා අපි පර්යේෂණ, තාක්ෂණය සහ වගකීම් සහගත සැපයුම් ක්‍රමවේදයන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.
ලින්ක් නැචුරල් සමාගම තමන් වෙත ලබා දුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් එහි සේවකයින්ට, ජාත්‍යන්තර බෙදාහැරීමේ පාර්ශවකරුවන්ට සහ දෙස් විදෙස් පාරිභෝගිකයින්ට සිය කෘතඥතාව පළ කරයි. ඉදිරි වසරවල දී ද ගුණාත්මකබව සහ ආරක්‍ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ශ්‍රී ලාංකේය ශාකසාර නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙන යමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ දියුණුව කෙරෙහි සිය අඛණ්ඩ දායකත්වය දැක්වීමට ලින්ක් නැචුරල් සමාගම අපේක්ෂා කරයි.
Photo Caption :
BMICH හි පැවැති 2025 ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, ‘ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන’ අංශයේ හොඳම අපනයනකරු සම්මානය ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී චමරි වික්‍රමතිලක මෙනෙවිය විසින් ලබා ගත් අවස්ථාව.