ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදී. මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්රය තුළ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ.
මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව සමාගම දේශීය ගමනාන්ත හරහා සාර්ථකව පෞද්ගලික සහ විශේෂ ගුවන් ගමන් (charter flight) ක්‍රියාත්මක කර ඇති අතර නව්‍ය, සුවපහසු මෙන්ම විශ්වසනීය දේශීය ගුවන් අත්දැකීමක් ඒ ඔස්සේ පිරිනමයි.
මෙම සහතික හිමි කර ගැනීමත් සමඟ මෙතෙක් තෙවන පාර්ශවයක් හරහා ගුවන් ගමන් මෙහෙයවන ලද ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමාගම සම්පූර්ණ බලපත්‍රලාභී දේශීය ගුවන් සේවාවක් ලෙස විධිමත්ව සිය මෙහෙයුම් ආරම්භ කළේය.
සුවපහසු බව සහ ඉහළ කාර්යසාධනයක් සහිත නවීන මෙන්ම විශ්වසනීය ගුවන් යානයක් වන Cessna Grand Caravan යානය සමඟින් ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමාගම සිය ගුවන් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර තිබේ. නම්‍යශීලී බව, පෞද්ගලිකත්වය සහ කාර්යක්ෂම බව සහිත පෞද්ගලික සහ විශේෂ ගුවන් සේවාවන් සඳහා ව්‍යාපාරිකයින්, සංචාරකයන් සහ පවුල් අතර දිනෙන් දින ඉහළ යන ඉල්ලුම මැනවින් අවබෝධ කරගනිමින් ඒ සඳහා විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගම කැපවී සිටියි.
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් යටතේ යාපනය (පලාලි), කටුනායක, මත්තල, වීරවිල, ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය, ඉරණමඩු, කොග්ගල, කටුකුරුන්ද (කළුතර), අම්පාර, අනුරාධපුරය සහ හිඟුරක්ගොඩ යන ශ්‍රි ලංකාව පුරා විහිදුණු ගමනාන්ත 13ක් සඳහා ගුවන් ගමන් වෙන් කරවා ගත හැකිය. මහා මාර්ග ගමනාගමන කටයුතුවලදී සිදුවිය හැකි ප්‍රමාදයන් සහ අභියෝගයන් මඟහරිමින් සුවපහසුවෙන් සිය ගමනාන්තයන් වෙත ගමන් කිරීමට මේ ඔස්සේ ආයතනික මෙන්ම සංචාරක මගීන්ටද අවස්ථාව සලසා දෙයි.

ගුවන් සේවාවක් වෙන් කරවා ගැනීමේ සිට ගමනාන්තය වෙත ළඟාවීම දක්වාවූ ක්‍රියාවලිය බාධාවකින් තොර සුවපහසු අත්දැකීමක් බවට පත් කිරීම කෙරෙහි සමාගම දක්වන මනා කැපවීම දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයන් තුළ දිනා ගෙන ඇති ඉහළ කීර්තිය ඔස්සේ ප්‍රදර්ශනය වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සභාපති කපිතාන් යොහාන් පීරිස් මහතා මෙසේ පැවසුවේය. “ඉක්මන්, ආරක්ෂිත සහ සුවපහසු ගමනක් ඔස්සේ දේශීය සම්බන්ධතාව අර්ථ ගැන්වීම යන දැක්ම මත පදනම්ව සමාගමේ මෙහෙයුම් කටයුතු දියත් කර තිබෙනවා. සමූහයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබඳ ඔවුන් සතු ශක්තිමත් උරුමය සමඟින්, අඛණ්ඩව ගුවන් සේවයේ ප්‍රාදේශීය ප්රවේශයන් වැඩි දියුණු කිරීමට අපේක්ෂිත කරන අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට සහ නව ආර්ථික අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා මනා දායකයත්වයක් ලබා දෙනවා.”
නුදුරු අනාගයතේදී දේශීය ජාලය තවදුරටත් පුළුල් කරමින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමාගම බලාපොරොත්තු වේ. වේගවත්, ආරක්ෂිත සහ වඩාත් සුවපහසු ගුවන් සේවා අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළදී පිරිනැමීමේ මෙහෙවර කෙරෙහි සමාගම අවධානය යොමු කර ඇති අතර එමඟින් ඉහළ වෘත්තීයභාවයකින් සහ රැකවරණකින් ප්‍රජාවන් සහ ගමනාන්ත එකට සම්බන්ධ කරයි.
0770555444 ඇමතීමෙන් හෝ www.dpaviation.lk වෙත පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමසීම් සහ වෙන්කරවා ගැනීම් සිදු කරගත හැකිය.