ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය වීමද සුවිශේෂීත්වයකි.
බණ්ඩාරගම පිහිටි, මීටර් 1,217 කින් යුත් මෙම අති නවීන ස්පීඩ්බේ ධාවන පථය මෝටර් රේසිං ක්‍රීඩාවේ නියැළී සිටින වෘත්තිකයන්ට හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගත් වැදගත් ස්ථානයක් බවට පත් වී ඇත. එමෙන්ම එය මෙරට තුළ වේගයෙන් වර්ධනය වන මෝටර් රේසිං ක්‍රීඩා සහ විනෝදාස්වාද කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. 2018 වසරේදී X30 ආසියානු කුසලානය වැනි කීර්තිමත් ජාත්‍යන්තර ඉසව් සඳහා ස්පීඩ්බේ විසින් සත්කාරකත්වය දරා ඇත. එමෙන්ම Asia Pacific Motorsports Championship 2025 තරඟාවලියද මෙම ස්ථානයේදී පැවැත්වූ අතර රටවල් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සහභාගීවූ තරඟකරුවන් 210 දෙනෙකු සඳහා මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම්, කාර්මික ශිල්පීන්, පවුලේ සාමාජිකයන් සහ දිරිගන්වන කණ්ඩායම් ඇතුළු අති විශාල පිරිසක් වෙත මෙහිදි පහසුකම් සපයන ලදී. ගෝලීය ධාවන සිතියම මත ශ්‍රී ලාංකික නාමය සනිටුහන් කිරීම කෙරෙහි එම සුවිශේෂී සන්ධිස්ථානය බෙහෙවිල් ඉවහල් විය.

මෙරට මෝටර් ධාවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දායකයත්වය සපයමින් සෑම වසරකදීම වෘත්තීය කාර්ටින් ධාවන ශූරතා තරඟාවලිය සඳහා ස්පීඩ්බේ සිය සත්කාරකත්වය පිරිනමයි. මෙම ධාවන පථය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ස්පීඩ්බේ විසින් 2025 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ධාවකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනා ගනිමින්, IAME Series Sri Lanka සහ Sodi World Series (SWS) නමින් ජාත්‍යන්තර තරඟාවලි ද්විත්වයක් දියත් කරන ලදී. මේ ඔස්සේ ශ්‍රී ලාංකික ධාවකයන්ට ලෝක ශූරතාවයේ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබීමට හා ජාත්‍යන්තර වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටද අවස්ථාව හිමිවිය.
ස්පීඩ්බේ හරහා ධාවකයින්ට, BirelART වෘත්තීය රේසිං කාර්ට්, IAME එන්ජින් සහ OMP රේසිං උපකරණ ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා මඟින්ම මිලදී ගැනීමේ හැකියාවද හිමිවේ. ධාවකයන්ගේ කාර්ට් රථ ගබඩා කිරීමට සහ නඩත්තු කිරීමට පහසුකම් මේ ඔස්සේ සලසන අතර පරිපූර්ණ සේවාවක් සමඟින් අලුත්වැඩියා කිරීම් සහ නඩත්තු සහායද ලබා දෙයි. ස්පීඩ්බේ උපදේශකවරුන් විසින් මෙහෙයවනු ලබන පුහුණු වැඩසටහන් මඟින් ධාවකයන්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට සහ ක්‍රීඩාවේ ඉදිරියට ගමන් කිරීමට උපකාරී වන මෝටර් ධාවන ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කරනු ලබයි.
ස්පීඩ්බේ සිය සමස්ත කාර්ට් රථ සමූහයම ලෝක මට්ටමේ Sodi Kart වෙත මාරු කරමින් ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩාව සඳහා ඉදිරි පියවරක් තබා ඇත. ප්‍රංශයෙන් ආනයනය කරන ලද මෙම සන්නාමය ඉහළ ජාත්‍යන්තර කීර්තියක් දිනාගෙන ඇති අතර තරඟකාරී කාර්ට් ධාවනයේ ලොව පුරා ප්‍රමුඛයා වේ.
මෙම පියවර සමඟ සෑම ධාවකයෙකු වෙතම මෝටර් ධාවන ක්‍රීඩා සඳහා අවශ්‍ය ඇඳුම් සහ ආරක්ෂිත උපකරණ හිමි වන අතර සෑම මොහොතකදීම ජාත්‍යන්තර ධාවන ප්‍රමිතීන් සහ වඩාත් සජීවී ධාවන අත්දැකීමක් ලබා දීම සහතික කරයි. ඩේවිඩ් පීරිස් සමූහයේ මෙම පියවර ශ්‍රී ලංකාවට ගෝලීය මට්ටමේ මෝටර් රථ ක්‍රීඩා අත්දැකීම් ගෙන ඒම සඳහා වන ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය කරනු ඇත.
යුරෝපීය සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුව ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල උද්‍යානයට යාබදව ස්පීඩ්බේ ධාවන පථය පිහිටා ඇත. ඒ අනුව වේගය, උද්යෝගය සහ විනෝදාස්වාදය පිළිබඳ අද්විතීය සම්මිශ්‍රණයක් මේ හරහා නිර්මාණය කරයි. එපමණක් නොව බණ්ඩාරගම ප්‍රදේශයෙන් ඔබ්බට ව්‍යාප්ත වෙමින්, කොළඹ පෝර්ට් සිටි පරිශ්‍රයේ පිහිටි මීටර් 600ක කාර්ටින් ධාවන පථයක්ද ස්පීඩ්බේ විසින් ආරම්භ කර තිබේ. එමඟින් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විනෝදජනක කාර්ට් ධාවන අත්දැකීමක් ජනතාව වෙත කොළඹ නගරය තුළදී ලබා ගැනීමට අවකාශය උදා කර ඇත.
වසර 40කට අධික ඩේවිඩ් පීරිස් සමූහයේ විශ්වාසය, නවෝත්පාදනය සහ නායකත්වය මත පදනම් වූ ස්පීඩ්බේ යනු හුදෙක් ධාවන පථයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර ධාවන වේදිකාවද වේ. මෙරට මෝටර් ධාවන ක්‍රීඩා අභිලාෂයන් ස්පීඩ්බේ ඔස්සේ මෙහෙයවන අතර සංචාරක ව්‍යාපාරයටද නව දිරිගැන්වීමක් මේ හරහා ලබා දෙයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 422 6000 ඇමතීමෙන් ලබා ගත හැකිය.