ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය දා දියත් කරන ලදී. බෞද්ධ සම්ප්‍රදාය තුළ සියළුම ජීවින් සමාන ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ දුක් වේදනා සමානව වැදගත් ලෙස සැලකෙයි. මෙයින් අදහස් කරන්නේ, පාරිසරික විනාශය තුළින් සතුන්ට සහ ශාකවලට සිදුවන දුක් වේදනා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන අනුකම්පාවෙන් අපගේ පරිසර පද්ධතිය ආරක්ෂා කළ යුතු බවයි. බුදුන්වහන්සේ වනාන්තරය විස්තර කළේ ජීවන ක්‍රියාවලියේ දී පරිත්‍යාගශිලීන් ලෙස තම නිෂ්පාදන ලබා දෙන සහ ජීවින්ට ආරක්ෂාව සපයන ස්ථානයක් ලෙසයි. මෙම උතුම් දැක්මට අනුව යමින්, ස්වදේශී ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනයේ ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය වන ස්වදේශී කොහොඹ සන්නාමය, මිහිතලය රැක ගැනීමේ සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් සිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” වැඩසටහනේ දෙවන අදියරේ පළමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ පසුගිය පොහෝ දින කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වන ලද කොහොඹ පැළ රෝපණය කිරීමේ වැඩසටහන සමගිනි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, ”කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය මඟින් ස්වදේශී කර්මාන්තායතනය බලාපොරොත්තු වන්නේ බුදු දහමේ ඉගැන්වීම්වලට අනුව, මතු පරපුර වෙනුවෙන් මෙම මිහිතලය ආරක්ෂා කර ගනිමින් ස්වදේශී කොහොඹ සත්කාරය මුලු රටටම ලබා දීමයි.” යනුවෙන් සිය අදහස් දැක්වීය.
සොබා දහමේ දායාදයක් වන කොහොඹ, එහි ඇති විශිෂ්ට ශාකසාර ගුණය, ඖෂධීය වටිනාකම් සහ ස්වභාවිකව වායුගෝලය පිරිසිදු කිරීමේ හැකියාව නිසා ඇගයීමට පාත්‍ර වේ. ස්වදේශී ආයතනයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී කොහොඹ ඔරිජිනල් හර්බල් හි ස්වභාවික කොහොඹ තෙල් අඩංගු වන බැවින්, සමාගමේ උරුමය තුළ විශේෂ ස්ථානයක් දිනා ගනියි.
ස්වදේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය”, වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ බේබි මාතෘ සත්කාරය” ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී කර්මාන්තායතනයක් ලෙස අපි අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලංකීය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ , රාණි සඳුන් , ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි.” මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍යයමත්බව හා පාරිසරික බලපෑම සලකා ඇති අතර, එයට ප්‍රමුඛත්වය ලබා දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි. ශ්‍රී ලාංකික සමාගමක් වන ස්වදේශී, පසුගිය දශක 08 තුළ කර්මාන්ත ප්‍රමුඛතා ගණනාවක් අත්කර ගෙන ඇත.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය 1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳපලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සදුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුලත් වේ. එසේම ස්වදේශී විසින්, සොබා දහමෙන් ඔබ වෙනුවෙන්ම, ස්වදේශී කොහොඹ සහ රුව දිදුලන රාණි සදුන් නිෂ්පාදනය සහ අලෙවිය සිදු කරයි.
සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් නියාමන අධිකාරිය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.
Photo Caption:
ස්වදේශී කර්මාන්තායතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිළධාරීන් සහ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාකොළ මංගල හිමි “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” හි දෙවන අදියර දියත් කරමින්.