ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු ලබන මෙම සුවිශේෂී රක්ෂණය හරහා විදෙස් ගත වන පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් විශ්වාසයද ඉහළ නංවයි. ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් සවිමත් ආයතනික සහයෝගීතාවයක් සහ නව්‍ය විසඳුම් හරහා පාරිභෝගිකයාට වඩාත් ගැළපෙන සහ පහසුවෙන් ලබා ගත හැකි රක්ෂණයක් පිරිනැමීම සඳහා දක්වන කැපවිම මෙම පියවර ඔස්සෙ මැනවින් පිළිබිඹු වේ.
රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දශක දෙකකට අධික අත්දැකීම් ඇති ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ සමාගම වේ. වාහන රක්ෂණ, ජීවිත රක්ෂණ සහ සංචාරක රක්ෂණවල සිට ආයතනික අවදානම් කළමනාකරණය දක්වා පුළුල් පරාසයක විහිදුණු රක්ෂණ සේවා රැසක් සමාගම මඟින් හඳුන්වා දී ඇති අතර එම රක්ෂණ සේවාවන් පුද්ගල සහ ව්‍යාපාර අවශ්‍යතාවන් අනුව සකසා ගැනීමට හැකි වීමද විශේෂත්වයකි.
ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH සන්නාමය CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධිත සමාගමකී. Fortune 500 ව්‍යාපාර ලැයිස්තුවට අයත් හොංකොං සමූහ ව්‍යාපාරයක් වන CKHH සන්නිවේදන ඇතුළු තවත් ක්ෂේත්‍ර 06ක් ඔස්සේ ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සිය ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර ඇති අතර 2023 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 60ක ආදායමක් වාර්තා කිරීමටද HUTCH සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 95%ක් පමණ HUTCH හි 4G ජාලය ඔස්සේ මේ වන විට බල ගන්වා ඇති අතර සමාගමේ 5G ජාලය හරහා මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ අපේක්ෂාවන්ට සිය දායකත්වය දැක්වීමටද සමාගම බලාපොරොත්තු වේ. දිවයිනම ආවරණය කරමින් දුරස්ථ ප්‍රදේශවල සන්නිවේදන, ව්‍යාපාරික සහ විනෝදාස්වාද කටයුතු සඳහාද අවශ්‍ය සන්නිවේද පහසුකම් සලසන HUTCH, පාරිභෝගිකයාට දැරිය හැකි මිල ගණන් සමඟ විශ්වසනීය සන්නිවේදන සබඳතාවක් පිරිනමමින් මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් ලෙස කටයුතු කරනු ලබයි.
ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමටඩ් කළමනාකාර අධ්‍යක්ෂ නිහාල් හඳුන්ගේ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “පාරිභෝගික ජනතාවගේ ජීවිතයට සැබෑ වටිනාකමක් එකතු කරන රක්ෂණ සේවාවක් පිරිනැමීමට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කටයුතු කරනවා. HUTCH සමඟ ආරම්භ කළ මෙම සහයෝගීතාවය සමඟින් අපට විශ්වසනීය සේවා සමාගම් ද්විත්වයක ශක්තීන් එකට මුසු කරමින් පාරිභෝගිකයා වෙත කිසිදු බාධාවකින් තොරව මනා ආරක්ෂාවක් ලබා දීමට අවස්ථාව උදා වෙනවා.”
සංචාරයේ කාලය මත පදනම් වූ පුළුල් රෝමිං පැකේජ පිරිනමමින් HUTCH වර්තමාන පරම්පරාවේ දිනෙන් දින වෙනස් වන සංචාරක අවශ්‍යතාවන් සපුරාලනු ලබයි. එම පැකේජ අතරින් වඩාත් ජනප්‍රිය පැකේජයක් වන 10GB සතිපතා රෝමිං සැලසුම් පැකේජ සඳහා ඇමරිකානු ඩොලර් 5,000ක නොමිලේ සංචාරක රක්ෂණ ආවරණයක් හිමි වන අතර සිය ගමන පුරාවට අසමසම වටිනාකමක් සහ ආරක්ෂාව මෙමඟින් පාරිභෝගිකයන්ට ලබාදෙයි.
මේ සම්බන්ධයෙන් HUTCH හි ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ ප්‍රධානී මුෂ්තාක් මුන්සූර්ඩීන් මහතා සිය අදහස් එක් කළේ මෙසේය. “ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විශ්වාසවන්ත රක්ෂණ තැරැව්කරුවන්ගෙන් එකක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම සංචාරක රක්ෂණය පිරිනැමීම තුළින් අපි එකට එක්ව අපගේ පාරිභෝගිකයින්ගේ රෝමිං අත්දැකීම වැඩිදියුණු කරන්නේ ඔවුන් ගමන් කරන ඕනෑම ස්ථානයක ඔවුන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය සහතික කරමින්.”
රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දශක දෙකකට අධික ප්‍රවීණත්වය හරහා දිනා ගත් අඛණ්ඩ විශ්වාසය සහ කීර්තිය සමඟ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් රක්ෂණ ක්ෂේත්‍රය වෙත මනා නායකත්වයක් ලබා දෙයි. පුද්ගල සහ ආයතනික වශයෙන් වූ සිය පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත 50කට අධික ශාඛා ජාලය හරහා සමාගම පිරිනමයි. මේ වන විටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතන රැසක් සඳහා රක්ෂණ සේවාවන් සපයන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඔස්සේ සිය ප්‍රවේශයන් පුළුල් කරමින් පාරිභෝගිකයා වෙත ඉහළම වටිනාකමක් ලබා දීමට කැපවී සිටියි.