ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උත්සවය (NSA) පසුගිය දා පැවැත්විණි. මෙම තරඟාවලියේ අවසන් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කාර්ය සාධනය හඳුනාගනිමින් ඒවා ඇගයීම සිදුකෙරිණි. මෙම වසරේ මෙහි තේමාව වන්නේ “අලෙවි තානාපතිවරු” යන්නයි. “සංඛ්‍යා පිටුපස ඇති බලවේගයන්” යන තේමා පාඨය යටතේ විකුණුම් යනු වාර්තාගත සංඛ්‍යා ජනනය කිරීම පමණක් ම නොව මෙහිදී විශිෂ්ටත්වය, වෘත්තීයභාවය මෙන්ම නායකත්වය ද ඇගයීමට ලක්වන බව පෙන්වා දී ඇත.
මේ පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපට ලැබුණු අයදුම්පත් 1,200 අතර ඉහළ කාන්තා සහභාගීත්වය දක්නට ලැබීම සතුටට කරුණක්. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් හා රාජකාරීවල නියුතු සගයන්ගෙන් ඔබ්බට ගමන් කරමින් විවිධත්වයෙන් යුතු අලෙවි වෘත්තිකයන් අතර සබඳතාව වැඩිදියුණු කරන ඉතා ගෞරවනීය වේදිකාවක් ලෙස මෙම අලෙවි සම්මානය හැඳින්විය හැකියි.”
අවස්ථා සහ තිරසාරභාවය පිළිබඳ උප සභාපති ඉනොක් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් එක් කරමින් සඳහන් කළේ, “මෙම අලෙවිකරණ සම්මාන උළෙල තවත් එක් උත්සවයක් පමණක් නොව, එය දැනට මෙම ක්ෂේත්‍රයේ සිටින සහ මෙම ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අලෙවි වෘත්තිකයන් සියලුදෙනාටම සහභාගී වී තම වෘත්තීය පිළිබඳ අදහස් වර්ධවය කර ගැනීමට ඉවහල් වන දිරිගැන්වීමක්.” බවය.
අධ්‍යාපන හා පර්යේෂණ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා මෙම උත්සවයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් මෙසේ ප්‍රකාශ කළේය.” මෙය ජාතික වශයෙන් වැදගත්කමක් ඇති අවස්ථාවක් වගේම මෙමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම, ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම, ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන කිරීම හා උපායමාර්ග රාමුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ දායකත්වය ද උපරිමයෙන්ම පිරිනමනවා. එබැවින් SLIM ජාතික විකුණුම් සම්මාන සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශටය් නිල අනුමැතිය ද හිමි වවී තිබෙනවා”
එමෙන්ම ව්‍යාපෘති සභාපති චන්න ජයසිංහ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “SLIM විසින් පවත්වන ලද ජාතික විකුණුම් සම්මාන උළෙලේ විනිවිදභාවය, මෙම වසර පුරා අලෙවි වෘත්තිකයන්ගේ වෘත්තීය වර්ධනය ශක්තිමත් කිරීමට වටිනා අවස්ථාවක් වී තිබෙනවා. මෙම වසරේ NSA හි විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අයදුම්පත් 1,200කට අධික සංඛ්‍යාවක් අප වෙත ලැබීම ඔස්සේ එය තවදුරටත් තහවුරු වෙනවා.”
. ශ්‍රී ලංකාවේ අලෙවි අංශය තුළ ඉහළ කැපවීමක් සහ අව්‍යාජ සේවයක් සිදුකළ වෘත්තිකයන් හඳුනා ගනු ලබන අලෙවිකරණයේ ප්‍රමුඛතම ආයතනය ලෙස SLIM හි කැපවීම තවත් ශක්තිමත් කරමින්, කීර්තිමත් කර්මාන්ත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ විනිශ්චය කටයුතු ඉතා සුපරික්ෂාකාරීව සිදු කර තිබීම මෙහි සුවිශේෂීත්වයකි.
“සැබෑ විකුණුම් විශිෂ්ටත්වය යනු, සදාචාරාත්මක භාවිතයන් පවත්වා ගනිමින් මෙන්ම කල් පවතින ආයතනික හවුල්කාරිත්වයන් වර්ධනය කරමින්, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ගනුදෙනුකරුවන්ට අර්ථවත් වටිනාකමක් නිර්මාණය කිරීමයි.” යනුවෙන් NSA 2025 හි ජූරි ප්‍රධානි අනිල් කුමාර මීගහගේ මහතා තවදුරටත් පැවසීය.
[KJ1] මේ පිළිබඳව වැඩිදුරටත් අවධාරණය කළ ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා විසින් මෙසේ සඳහන් කරන ලදී. “SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල වෘත්තීය කටයුතු පිළිබඳ නිර්වචනයක් පමණක් නොවේ. එය අලෙවි වෘත්තිකයන් අතර මෙන්ම මානව සම්පත් සහ නායකත්ව කණ්ඩායම් ඇතුළු අලෙවිකරණ සහ ව්‍යාපාරික ප්‍රජාවන් අතර ද විශිෂ්ටත්වය අගයන කීර්තිමත් වේදිකාවක් බවට පත්වී තිබෙනවා.”
අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන SLIM හි මෙම සම්මාන උළෙල කර්මාන්තයේ නායකයන් විසින් මෙහෙයවනු ලබන විනිවිදභාවයක් සහිත ව්‍යුහගත විනිශ්චය ක්‍රියාවලියක් යටතේ සිදුවන අතර වසර 20කට අධික දිගු ඉතිහාසයක් තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.slim.lk/ විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ Facebook, LinkedIn සහ Instagram සමාජ මාධ්‍ය ජාලා හරහා ලබා ගත හැකිය.
විමසීම් සඳහා-
ගංගානි – 070 326 6988 හෝ අවිෂ්කා – 071 841 7591