‘Diva පවුලේ වාසනාව’ තරගයේ මුල් මාස ද්විත්වයේ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගනියි

මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහ අත්දැකීමක් සහිත Hemas Consumer Brands හි රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ඉහළම පාරිභෝගික විශ්වාසය සමරමින් ඔවුන් වෙත තවත්  ඉහළ ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින්  ‘Diva පවුලේ වාසනාව’ තරගය දියත් කරන ලදී.මින් පෙර සංවිධානය කළ ‘Diva ඉඩමේ වාසනාව’ තරගය සඳහා හිමි වූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ඉදිරිපත් කළ මෙම තරගය යටතේ මාසිකව වටිනා ත්‍යාග දිනා ගැනීමට මෙන්ම අවසන් මහා ත්‍යාගය ලෙස  Toyota WiGO රථයක් හිමි කර ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

මෙම තරගයේ පළමු මාස ​ද්විත්වයට නියමිත දිනුම් ඇදීම් මේ වන විට ඉතා සාර්ථකව අවසන් කරමින් පාරිභෝගිකයන් රැසක් වෙත ත්‍යාග පිරිනැමීමට Diva කටයුතු කර ඇත. මෙහි පළමු මාසයේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත්වෙමින් වැල්ලව – කැළුම් චන්දන සහ මතුගම – පුෂ්පා සඳමාලි යන ජයග්‍රාහකයන් රෙදි සෝදන යන්ත්‍ර දෙකක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම මාවනැල්ල- වෝල්ටර් බක්මීදෙනිය සහ රිකිල්ලගස්කඩ – කාන්ති රත්නායක ද  රූපවාහිනී යන්ත්‍ර ජයග්‍රහණය කළ  අතර, පළමු මාසයේ ලැප්ටොප් පරිගණක ජයග්‍රහණය කරනු ලැබුවේ වත්තල – එම්. මිෆ්තා සහ පානදුර – එච්. ඒ. චන්ද්‍රසේකර යන ජයග්‍රාහකයන් විසිනි.

මෙහි දෙවන මාසයේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ රාගම – මෙලිසා කුරේ සහ කුලියාපිටිය – එච්.එම්. කපිල ජයවිලාල් වෙත  රෙදි සෝදන යන්ත්‍ර  පිරිනැමුණු අතර එප්පාවල – ඩී.කේ. මහේෂ් චතුරංග දිසානායක සහ පානදුර – අනුෂ්කා මනුරි ලැප්ටොප් පරිගණක ජයග්‍රහණය කළහ. දෙවන මස ජයග්‍රාහණයන් අතරට එක්වෙමින්  කොට්ටාව – ටී.සී. ගීගනගේ සහ අනුරාධපුරය – ඩී.ඩී. නිලන්ති පෙරේරා ද රූපවාහිනී යන්ත්‍ර දිනා ගැනීමට සමත් විය.

මෙම තරගය ඔස්සේ ත්‍යාග පිරිනැමීම පමණක් නොව වසර 20කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට Diva සන්නාමය කෙරෙහි තැබූ විශ්වාසය, ගෞරවය සහ පාරිභෝගික පක්ෂපාතීත්වයට ඉහළ ඇගයුමක් සහ වටිනාකමක් ද පිරිනමනු ලැබේ. Diva සිය සන්නාමය පාරිභෝගිකයා වෙත රැගෙන යාමේදී ගුණාත්මකභාවය මත ගොඩනගා ගත් උරුමය මෙම තරගය කෙරෙහි ලැබුණු අසීමිත පාරිභෝගික ප්‍රතිචාරය ඔස්සේ මැනවින් පසක් වේ.

ගෝලීය වශයෙන්  ඉහළ කීර්තියක් හා ගෞරවයක් දිනා ගත් මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota සමඟ සහයෝගීතාවයක් ඇරඹීම ඔස්සේ ‘Diva පවුලේ වාසනාව’ තරගයේ පාරිභෝගික ප්‍රවර්ධනය තවදුරටත් සවිමත් කිරීමට මෙන්ම සිය පාරිභෝගික ජනතාව වෙත ඉහළ වටිනාකමක් පිරිනැමීමට ද හැකියාව ලැබී ඇත. මෙහි අවසාන මහා ත්‍යාගය වන Toyota WiGo රථය දිනා ගැනීමට බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටින අතර එය මෙම තරගයට සැලකිය යුතු උද්‍යෝගයක් එකතු කරමින් ‘Diva පවුලේ වාසනාව’ අමතක නොවන අත්දැකීමක් බවට පත් කරනු ඇත.

 සියලුම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට මෙම තරගය සමඟ සම්බන්ධ වෙමින් මෙම ආකර්ශනීය ත්‍යාග දිනා ගැනීමට Diva ඇරයුම් කරයි. රෙදි සේදුම් සන්නාමයකින් ඔබ්බට ගමන් කරමින් දිවයින පුරා නිවාස සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ඉහළ පාරිභෝගික විශිෂ්ටත්වයක්, නවෝත්පාදනයක් සහ රැකවරණයක් පිරිනැමීමට Diva නිරන්තරයෙන් කැප වී සිටියි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *