Evolution Auto විසින් සුඛෝපභෝගී විද්‍යුත් වාහන ප්‍රවාහනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Avatr 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Avatr සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම පසුගිය දා, පෑලියගොඩ පිහිටි Evolution Auto Multi-Brand Aftersales සංකීර්ණයේ දී (මෙම ස්ථානය සුප්‍රසිද්ධ Porsche ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ පිහිටා ඇත.) ප්‍රථම Avatr 11 වාහන පෙළ පාරිභෝගිකයන්ට භාර දීමත් සමඟින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රය විද්‍යුත්කරණය කිරීම සඳහා Sino Lanka සහ Atman කණ්ඩායම් අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Evolution Auto, ප්‍රසිද්ධ ව්‍යවසායකයින් සහ ක්‍රීඩා නායකයින්ගේ මාර්ගෝපදේශනය යටතේ ක්‍රියාත්මක වේ.

Changan Automobile, CATL සහ Huawei අතර ක්‍රමෝපායික සහයෝගීතාව මගින් ඊළඟ පරම්පරාවේ උසස් විද්‍යුත් වාහන සන්නාමය වන Avatr බිහිවිය.  මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව, බලශක්ති නවෝත්පාදනය සහ උසස් තාක්ෂණයේ සම්මිශ්‍රනය Avatr විසින් නියෝජනය කරයි.

Avatr 11, උසස් කාර්ය සාධනය සහ අනාගතයට ගැලපෙන නවීන නිර්මාණ මුසු කරන සුඛෝපභෝගී විද්‍යුත් SUV රථයක් වන අතර සුවපහසු රිය පැදවීමක් යන්නට එය නව අරුතක් එක් කරයි. අසමසම විද්‍යුත් ප්‍රවාහන අත්දැකීමක් ලබා දෙන Avatr 11 හි තත්පර 7.4කින් පැයට කිලෝමීටර 0 සිට  පැයට කිලෝමීටර 100  දක්වා ධාවන වේගය වැඩි කළ හැකිය. CATL සමාගමේ අතිශය වේගවත් ආරෝපණ තාක්ෂණය සහ 90kWh හෝ 116.8kWh බැටරි ඇසුරුම් මඟින් එක් ආරෝපණයකින් කිලෝමීටර 680ක්  දක්වා ගමන් කළ හැකි බැවින් දිගු දුර ගමන් වඩාත් පහසු කරවයි. Nappa leather seating, zero-gravity seats, a panoramic sunroof, සහ මිහිරි ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දෙන Meridian™ 25-ස්පීකර් ශබ්ද පද්ධතිය ඇතුළත් අභ්‍යන්තර විශේෂාංගයන් අසමසම සුවපහසුව සහ සුඛෝපභෝගීත්වය ලබා දෙයි. උසස් සංවේදක සහ LiDAR නවීන රියදුරු සහාය සහ ස්වයංක්‍රීය විශේෂාංග සපයන අතර, Huawei හි HarmonyOS cockpit ආරක්ෂිත, ස්මාර්ට් සහ පිරිපහදු කළ රිය පැදවීමේ අත්දැකීමක් සඳහා intelligent multi-screen displays and AI-driven connectivity ලබා දෙයි.

Avatr 11 යනු හුදෙක් මෝටර් රථයක් පමණක් නොව, කාර්ය සාධනය, තාක්‍ෂණය සහ නිර්මාණය ඒකාබද්ධ කරන නවීන සුඛෝපභෝගීත්වයේ සංකේතයකි. 

නිල බෙදාහැරීමේ උත්සවයත් සමඟ ශ්‍රී ලංකාව තුළ එහි ගමන්මඟ ආරම්භ වූ  අතර, එහි දී Evolution Auto හි විශේෂඥ විකුණුම් සහ අලෙවියෙන් පසු කණ්ඩායම විසින් පාරිභෝගිකයින්ට Avatr 11 මෝටර් රථ පිළිබඳව පෞද්ගලික උපදේශනයන් ලබා දෙන ලදී.

Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා, “අපගේ ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට Avatr 11 භාර දීම අපට මහත් ගෞරවයක්.  නව වාහනයක් හඳුන්වා දීම පමණක් නොව, උසස්, සුඛෝපභෝගී ප්‍රවාහනය සමඟින්  අපේ රට ඉදිරියට යන ගමනට මින් ඇති කරන යහපත් බලපෑම මෙහි දී සුවිශේෂී වෙනවා.  අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ ප්‍රථම Avatr 11 ගනුදෙනුකරුවන්ට  අපි ස්තූතිවන්ත වෙනවා.  ශ්‍රී ලංකාව විද්‍යුත්කරණය වූ අනාගතයක් කරා ගෙන යාම වෙනුවෙන් අපි එක්ව කටයුතු කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Evolution Auto හි සභාපති Sino Lanka හි සභාපති බොබ් කුන්දන්මල් මහතා, “Evolution Auto සමාගම ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් ගමනාගමන සේවාවක් ශ්‍රී ලංකාව වෙත ගෙන එන ගමනේ පෙරමුණ ගනිමින් කටයුතු කිරීම සතුටට කරුණක්. මෙම අවස්ථාව තිරසාර සුඛෝපභෝගී අනාගතයක් වෙනුවෙන් Evolution Auto හි අඛණ්ඩ කැපවීම  හා උනන්දුව පිළිබිඹු කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Evolution Auto යනු හුදෙක් මෝටර් රථ අලෙවිය පමණක් නොව, ශ්‍රී ලාංකිකයින් සඳහා තිරසාර විද්‍යුත් වාහන පද්ධතියක් නිර්මාණය කරමින් සුඛෝපභෝගී රිය ධාවනයට නව අරුතක් එක් කරන සමාගමකි.  Avatr 11 පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාව සුඛෝපභෝගි  ප්‍රවාහනයේ නව යුගයකට  පිවිසෙනු ඇත.

Avatr 11 පිළිබඳ වැඩි විස්තර සඳහා www.avatr.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න හෝ 0777 553 355 අංකය අමතන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *