හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා, ප්‍රථම වරට පවත්වන ලද 2025 CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා (MLE) සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන හතරකින් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, “දූරදර්ශීභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය” (vision, resilience and excellence in management practices) විදහා දැක්වූ ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන නායකයන් ඇගයීම වෙනුවෙන් පැවැත්වේ.
මෙහිදී, ප්‍රේමතිලක මහතා විධායක අධ්‍යක්ෂක කාණ්ඩයේ විශිෂ්ටතම සම්මාන කිහිපයක් දිනාගනිමින් බලශක්ති (පුනර්ජනනීය), ඉදිකිරීම්, නිවාස සංකීර්ණ (Condominium) හා දේපළ වෙළඳාම් සහ ව්‍යාපෘති හා ඉංජිනේරු සේවා යන කාණ්ඩවල ජයග්‍රාහකයා බවට පත් විය. තවද, ඔහු තිරසාරභාවය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ විශේෂ කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගනිමින්, නවෝත්පාදනය, වගකීම සහ අනාගතය කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික භාවිතයන් මෙහෙයවීමේ ඔහුගේ නායකත්වය අවධාරණය කළේය.
ආයතන රැසක වසර 20 කට අධික ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් සහිත ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනික නායකයෙකු වන ප්‍රේමතිලක මහතා, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) සහ එහි අනුබද්ධිත ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතර ඔහු ව්‍යාපාර අංශ රැසක් පිළිබඳ හසල දැනුමක් සහ උපායමාර්ගික දැක්මක් ඇති නායකයෙකුද වෙයි.
මෙම කීර්තිමත් සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය. “CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන, ශ්‍රී ලංකාවේ කර්මාන්තවල අනාගතය හැඩගැස්වීමේදී ශක්තිමත්, තිරසාර සහ දූරදර්ශී නායකත්වයේ වැදගත්කම ඉස්මතු කරන්නක්. මෙම ඇගයීම මා හට ඉතාමත් ගෞරවයක්. ඒ වගේම අපගේ ආයතනයට පමණක් නොව පුළුල් සමාජීය අභියෝගවලට ද, නවෝත්පාදන සහ තිරසාර විසඳුම් ලබාදීම සඳහා අපගේ කණ්ඩායම් සවිබල ගැන්වීමට මම තවදුරටත් කැපවී සිටිනවා. ශක්තිමත් පාලනයක්, පරිසර හිතකාමී විසඳුම් පෙළක් සහ තිරසාර ව්‍යාපාර භාවිතයන් වෙනුවෙන් කැපවෙන වෙළඳපොල ප්රමුඛයෙකු වන හේලීස් ෆෙන්ටන්ස් මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කදිම වේදිකාවක්.”
ප්‍රේමතිලක මහතා හේලීස් ෆෙන්ටන්ස් සමාගම විශාල පරිවර්තනයක් කරා මෙහෙයවූ අතර 2019 වසරේදී රුපියල් මිලියන 600 ක අලාභයකින් සහ රුපියල් බිලියන 1.4 ක සෘණ කොටස් අගයකින් පාඩු ලැබූ ෆෙන්ටන්ස් ආයතනය ඔහුගේ දූරදර්ශී නායකත්වය යටතේ මෙහෙයවමින් රුපියල් බිලියන 3 කට වඩා ලාභයක් අත්කර ගැනීමට සහ රුපියල් බිලියන 5 ඉක්මවන කොටස් පදනමක් ගොඩනඟා ගැනීමට සමත් විය. එසේම ඔහුගේ නායකත්වය යටතේ, හේලීස් ෆෙන්ටන්ස් ආයතනය, හේලීස් සමූහයේ ඉහළම කාර්ය සාධනයක් පෙන්නුම් කරන ආයතන පහ අතරටද පැමිණියේය.
එසේම 2019 වසරේදී එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව, 2020 වසරේදී මුහුණ දීමට සිදු වූ කොරෝනා ගෝලීය වසංගත තත්වය සහ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම් හරහා නොසැලී හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ගමන් මඟ ශක්තිමත් කිරීම ද ප්‍රේමතිලක මහතාගේ නායකත්වය ඔස්සේ සිදු වූයේය. ඒ ඔස්සේ ආයතනයෙහි මෙහෙයුම් විධිමත් කිරීම, මුදල් ප්‍රවාහය වැඩි දියුණු කිරීම,කාර්ය මණ්ඩල කුසලතා සංවර්ධනය ශක්තිමත් කිරීම සහ ශක්තිමත් මූල්‍ය භාරකාරත්වය තුළින් ඕනෑම අර්බුදකාරී අවස්ථාවකට අනුවර්තනය වීමේ හැකියාව ද සහතික කළ අතර, ආයතනයෙහි ලාභදායීතාවය සහතික කරන කඩිනම් උපාය මාර්ග ඔස්සේ කටයුතු කරමින් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ස්ථාවරත්වය සහතික කිරීමටද නොපිරිහෙලා කටයුතු කරන ලදි.
හසිත් ප්‍රේමතිලක මහතාගේ තිරසාරභාවය මුල් කරගත් දැක්ම යටතේ හේලීස් ෆෙන්ටන්ස් ආයතනය වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ පුනර්ජනනීය බලශක්ති සේවා ක්ෂේත්රයන්හි ප්රමුඛයෙකු බවට පත්ව ඇත. වර්තමාන වෙළඳපොලේ පුරෝගාමියා මෙන්ම ආයතනයේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා, භූමි ඵලදායීතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන භාවිතයන්ට සරිලන සූර්ය බලශක්ති සහ නව්‍ය පුනර්ජනනීය බලශක්ති විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින්, 2025 වසර අවසාන වන විට මෙගාවොට් 500 කට අධික ස්ථාපිත ධාරිතාවයක් ලබා ගන්නා පළමු දේශීය සමාගම බවට පත්වීමටද නියමිතය.තවද, ශ්‍රී ලංකාවේ විශාලතම සුළං බලාගාරය සඳහා සාර්ථක ලංසුව තැබීමට, කලාපීය මෙහෙයුම් වර්ධනය කිරීමට, තාක්ෂණයෙන් අනූන වූ බැටරි විසඳුම් හඳුන්වාදීමට සහ විවිධ උපායමාර්ගික හවුල්කාරීත්වයන් සහ මූල්‍යකරණ සැලැසුම් හරහා නොයෙක් බලශක්ති විසඳුම් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත හඳුන්වා දීමට ඔහු නායකත්වය ලබා දෙන ලදී.
හේලීස් ෆෙන්ටන්ස් හි ඉදිරි ගමන පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමතිලක මහතා තවදුරටත් සඳහන් කර සිටියේ, “හේලීස් ෆෙන්ටන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) ආයතනයක්ව සිට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ විශාලතම ආයෝජකයා බවට පත් වීම හේලීස් ෆෙන්ටන්ස් අප ආයතනයේ ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටද සමත් විය. එසේම හේලීස් පීඑල්සී හි සභාපතිතුමාගේත්, අධ්‍යක්ෂක මණ්ඩලයේත්, විශේෂයෙන්ම අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීමත්, දිරිගැන්වීමත් ඔස්සේ මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට මෙන්ම මෙම ජයග්රහණයන් ලබා ගැනීමට හැකියාව ලැබුණි.”යනුවෙනි.
ඡයාරූප විස්තරය – හසිත් ප්‍රේමතිලක – විදුලිබල හා බලශක්ති (පුනර්ජනනීය) අංශයේ විධායක අධ්‍යක්ෂක මට්ටමේ ජයග්‍රාහකයා; ඉදිකිරීම්, නිවාස සංකීර්ණ සහ දේපළ වෙළඳාම්; ව්‍යාපෘති සහ ඉංජිනේරු; සහ තිරසාරභාවය සහ චක්‍රලේඛ ආර්ථිකයේ අනුශූරයා.