‘මැණික් දිවයින’ වෙත නව යුගයක් සනිටුහන් කරන ‘FACETS Sri Lanka 2026’ සඳහා දින ගණන් කිරීම ආරම්භ වේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLJGA) සහ  ජාතික ස්වර්ණාභරණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2026 සඳහා ඇත්තේ තවත් මාස තුනක් පමණි.

33 වැනි වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 2026 ජනවාරි 03 වැනි දා සිට 2026 ජනවාරි 05 වැන දා දක්වා Cinnamon Life – The City of Dreams හිදී පැවැත්වීමට නියමිතය.මෙරට අද්විතීය මැණික් උරුමය සහ විචිත්‍රවත් ස්වර්ණාභරණ කලාව මෙම ප්‍රදර්ශනය ඔස්සේ ඉදිරිපත් කෙරෙන අතර සැබෑ ‘මැණික් දිවයින’ ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය නැවත තහවුරු කරමින් දෙමහල් ප්‍රදර්ශනාගාරයක් මෙහිදී හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් අපනයනකරුවන් සහ ස්වර්ණාභරණකරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත Sapphire කණ්ඩායමේ අනුග්‍රාහකත්වය පිළිබඳ නිවේදනය කිරීම ප්‍රදර්ශනයට පෙර සිදු වූ වැදගත් සිදුවීමකී. Colombo Jewellery Stores, Domico Gems, Ellawala Exports (Pvt) Ltd, Gem Paradise, Mushan International, Regal Gems, RnR Fine Gems, Ruwanpura Gems (Pvt) Ltd, Subash Gems, Trust Gems සහ Zam Gems ආදීය මෙම කණ්ඩායමට ඇතුළත් වේ. මැණික් හා ස්වර්ණාභරණ කලාව සඳහා මෙරට ප්‍රධාන වේදිකාව ලෙස FACETS නාමය ඉහළ නැංවීම කෙරෙහි ඔවුන්ගේ සහයෝගීතාවය ඔස්සේ ලබා දෙන කැපවීම මෙමඟින් පසක් වේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA) සභාපති අක්‍රම් කාසිම් මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය. “අපගේ කර්මාන්තයේ සහයෝගය සා සවිමත් බව Sapphire අනුග්‍රාහකත්ව කණ්ඩායම මඟින් මැන්වින් ඉස්මතු කරනවා.එමෙන්ම FACETS 2026 වෙත ඉහළ වටිනාකමක් එක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් අපනයනකරුවන් සහ ස්වර්ණාභරණකරුවන් රාශියක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඔවුන්ගේ සහයෝගය, මෙරට මැණික් හා ශිල්පීය හැකියාවන් ගෝලීය වේදිකාවක ප්‍රදර්ශනය කිරීමේ අපගේ සාමුහික දැක්ම සඳහා  ප්‍රබල දිරි ගැන්වීමක්.FACETS යනු තවත් එක්  ප්‍රදර්ශනයක් පමණක් නොව එමඟින් අපගේ අභිමානවත් උරුමය ද සමරනු ලබනවා.එපමණක් නොව ,නවෝත්පාදනය සමඟ  ශ්‍රී ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කිරීමේ වේදිකාවක් ද එමඟින් සපයනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් FACETS 2026 හි සභාපති ආර්මිල් සමූන් මහතා  මෙසේ ප්‍රකාශ කළේය. “දශක තුනකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකවේ මැණික් පිළිබඳ තොරතුර ලෝකය වෙත රැගෙන යාමට FACETS සමත් වී තිබෙනවා. 1991 වසරේ දී ආරම්භ කළ  මෙම ප්‍රදර්ශනය මේ වන විට ජාත්‍යන්තර  ගෞරවය ද දිනා ගත් වේදිකාවක් දක්වා වර්ධනය වී ඇති අතර එමඟින් අපගේ පොහොසත් නිල් මැණික් උරුම‍ය මෙන්ම දිවයිනෙන් සොයාගත් අද්විතීය  මැණික්  50කට අධික සංඛ්‍යාවක  විවිධත්වය ඉස්මතු කරනවා.අපගේ අපනයන කටයුතු ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැබෑ ‘මැණික් දිවයිනක් ‘ ලෙස ශ්‍රී ලාංකික නාමය ඔසවා තැබීමට ද මනා සවියක් මෙම සෑම ප්‍රදර්ශනයනයක් හරහාම පිරිනමා තිබෙනවා.  FACETS 2026 ගොඩනැංවෙන්නේ අපගේ අතීතය හෙට දවසේ අවස්ථාවන් සමඟ සම්බන්ධ කරන නිර්භීත මෙන්ම අනාගතයට ගැළපෙන දැක්මක් සහිතවයි.”

විශ්ව සංචාරක කාර්යාංශය (UTB) FACETS 2026 හි  නිල සංචාරක සහකරු ලෙස ගිවිසුමකට එළැඹී  ඇත. ඒ අනුව UTB නියෝජිතයන් සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද  පූර්ව ප්‍රදර්ශන සහ පසු ප්‍රදර්ශන අත්දැකීම් රාශියක් පිරිනැමීමට අපේක්ෂිත අතර  ශ්‍රී ලංකාව සමඟ ගැඹුරින් සම්බන්ධ වෙමින්  අත්දැකීම් බෙදාගැනීමට අවකාශය සලසයි. සුවිශේෂී මැණික් පතල් චාරිකා ද මීට ඇතුළත් වන අතර සියවස් ගණනාවක් පුරා පැවති පතල් සම්ප්‍රදායන් සහ මැණික් කර්මාන්තයේ  තිරසාර භාවිතයන් පිළිබඳ ඉතා විරල දැනුම සහ  අවබෝධය මේ ඔස්සේ  ලබා දෙනු ඇත. FACETS 2026 හුදෙක් වෙළෙඳ ප්‍රදර්ශනයකින් ඔබ්බට විහිදුණු  උරුමය, ආගන්තුක සත්කාර සහ ගවේෂණයන් මුසු වූ  සංස්කෘතික දොරටුවක් බවට මෙම සහයෝගීතාවය ඔස්සේ පරිවර්තනය වේ.

මෙවර FACETS 2026 Cinnamon Life – The City of Dreams හි දී පැවැත්වීම මඟින් ප්‍රදර්ශනය සඳහා නව්‍ය මෙන්ම සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කරයි. සම්ප්‍රදාය සහ නවෝත්පාදනය එකට මුසු කරමින් මහල් ද්විත්වයක් තුළ ප්‍රදර්ශනය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.මෙහිදී පතලේ සිට වෙළෙඳපල  දක්වා මැණික් පිළිබඳ ගමන සවිස්තරාත්මකව දක්වන  ප්‍රදර්ශන කුටි රාශියක් දැකබලා ගැනීමට සහභාගිවන්නන්ට  අවස්ථාව හිමි වේ. තම වෙළෙඳ සන්නාම පිළිබඳ් තොරතුරු බෙදා ගන්නා ‘Story Corner’ සහ ශ්‍රී ලංකාවේ මැණික් සම්භවය පිළිබඳ අවබෝධයක් ලබා දෙන VR ප්‍රදර්ශන ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

වසර 2500ක් ඉපැරැණි ශ්‍රී ලාංකීය මැණික් උරුමය පමණක් නොව, තිරසාරභාවය , සදාචාරාත්මක මූලාශ්‍ර සහ අති නවීන නිර්මාණයන් ද ඉස්මතු කරමින් අනාගත ගෝලීය වෙළෙඳ හා පාරිභෝගික අපේක්ෂාවන් සමඟ ඇති ගැළපීම FACET Sri Lanka 2026 ප්‍රදර්ශනය මඟින් සහතික කරයි. ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ දින දර්ශනය තුළ වැඩි දෙනෙකු අපේක්ෂාවෙන් සිටින ගෞරවණීය ප්‍රදර්ශනයක් බව FACETS වසර 30ක දිගු ඉතිහාසය තුළ පරිණාමය වී ඇත.  cornflower blue සිට දුර්ලභ පද්මරාග (padparadscha ) සහ නවීන ටීල් (Teal) දක්වා ඉහළ වටිනාකමකින් යුත් නිල් මැණික් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.දිගු කලක සිට ලෝකයේ වඩාත් කිර්තිමත් ස්ථානයන් ශ්‍රී ලංකාවේ මැණික් මඟින් අලංකාර කර තිබේ.

මෙම උරුමයන් වෙත ගෞරවය පිරිනමමින් සහ එය ඉහළින්ම සමරමින් මෙවර FACETS ප්‍රදර්ශනය දියත්  කෙරේ.අනාගතය පිළිබඳ නැවත සිතා බලමින් අමතක නොවන ප්‍රදර්ශන අත්දැකීමක් ගැනුම්කරුවන්ට, වෙළෙඳුන්ට සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලුදෙනා වෙත පිරිනැමීමට අපේක්ෂා කරයි. Sapphire අනුග්‍රාහකත්වය සහ  UTC  හවුල්කාරිත්වය සමඟ  සවිබල ගැන්වුණු FACETS Sri Lanka 2026   වඩාත් වෙනස් සහ ආකර්ශනීය ප්‍රදර්ශනයක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  http://www.facetssrilanka.com/ වෙබ් අඩවිය වෙත  පිවිසීමෙන් ලබා ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *