Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම නව්‍ය ගෝලීය වෙළෙඳ වේදිකාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගම වන Asia Securities, ලෝකයේ පුළුල් ලෙස භාවිත කෙරෙන මාර්ගගත වෙළඳ සහ විශ්ලේෂණ මෙන්ම සමාජ වේදිකාවක් වන TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද මෙරට ප්‍රථම සහ එකම කොටස් වෙළෙඳ වේදිකාව වන ‘Athena’ හඳුන්වා දී ඇත. මෙය රටවල් 200කට අධික සංඛ්‍යාවක ආයෝජකයන් මිලියන 100කට නොඅඩු සංඛ්‍යාවක් විසින් භාවිතා කරනු ලැබේ.

Asia Securities සතු පර්යේෂණ සහ වෙළඳපොළ දැනුම භාවිතයෙන් නිර්මාණය කරන ලද Athena වේදිකාව, නවීන සහ භාවිතයට සරල අතුරු මුහුණතකින් යුක්ත වන අතර ආයෝජකයින්ට අවශ්‍ය සවිස්තරාත්මක ප්‍රස්ථාර, ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව භාවිතයට ගත හැකි විශ්ලේෂණ උපකරණ සහ ක්ෂණික මිලදී ගැනීමේ සහ විකිණීමේ පහසුකම් වලින් සමන්විත වේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ආයෝජකයින්ට අසමසම පාලනයක්, නම්‍යශීලී බවක් සහ ජාත්‍යන්තර තලයේ මෙවලම් සඳහා ප්‍රවේශයත් යන සියල්ල එකම වේදිකාවක් මගින් ලබා දෙයි.

මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ Asia Securities හි සභාපති, දුමිත් ප්‍රනාන්දු මහතා මෙම වේදිකාව සංවර්ධනය කිරීම පිටුපස ඇති දැක්ම ඉස්මතු කළ අතර ඔහු සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. “මෙවැනි නවීන වෙළඳ වේදිකාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පළමු ආයෝජන සමාගම Asia Securities වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. Athena නිර්මාණය කර ඇත්තේ තීක්ෂණ බුද්ධිය සහ නවෝත්පාදනය යන අපගේ මූලික වටිනාකම් ද්විත්වයම අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමේ පරමාර්ථයෙන්. මෙම වේදිකාව අපගේ වර්ධනය වන ඔන්ලයින් ආයෝජකයින් සවිබල ගන්වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඩිජිටල්කරණයට සහාය වෙමින්, ඒවා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කරවයි. දේශීය ආයෝජකයන් විසින් පසුගිය වසර 05 තුළ සජීවී කොටස් වෙළඳපොළක් නිර්මාණය කිරීම කෙරෙහි සුවිශේෂී  කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.අපි නිරන්තරයෙන්  දේශීය ආයෝජකයන්ගේ එම අද්විතීය  කාර්යභාරය ඇඟයීමට කටයුතු කර තිබෙන අතර  ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ ඔවුන්ගේ ගමන සඳහා වඩාත් ප්‍රයෝජනවත් ලෙස ඔවුන්ට දායකයත්වය ලබාදීමට  අපි බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරුවන් වෙත ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතු සේවාවක් සපයමින්, අඛණ්ඩතාව සහ නවෝත්පාදනයන් සඳහා ආයෝජනයන් කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඉදිරියට රැගෙන යාමට අපි කැපවී සිටිනවා. Athena මඟින් එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කරනවා. ”

ස්වාධීන වෙළඳුන්ට මීට පෙර විශ්ලේෂණ කටයුතු සිදු කිරීමට සහ අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට ඉතා සංකීර්ණ මෙවලම් රාශියක් භාවිත කිරීමට සිදු විය. Athena එයට විසඳුමක් ලෙස ජංගම සහ වෙබ් වෙළඳාම, අවශ්‍ය ඕනෑම වර්ගයක ඇණවුමක් කිරීමේ හැකියාව, අවශ්‍යතාව අනුව ලබාගත හැකි නිරීක්ෂණ ලැයිස්තු, අවශ්‍ය ඕනෑම වේලාවක ආයෝජන කළඹ නිරීක්ෂණය කිරීමේ හැකියාව, වෙළඳපොළ ගැඹුර පිළිබඳ අදහස් සහ පුද්ගලීකරණය කළ ඇලර්ට්ස් සේවාවන් යන සියල්ල එකම ස්ථානයක ලබා දීමෙන් වෙළඳාම් ක්‍රියාවලිය සරල කර ඇත. මෙම වේදිකාව හඳුන්වාදීම තුළින් Asia Securities නැවත වරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය ආයෝජන සමාගම බවට පත්වෙමින් රටේ ප්‍රාග්ධන වෙළඳපොළ නවීකරණය කිරීමේ සහ ආයෝජකයින්ගේ අපේක්ෂාවන් ඉහළ නැංවීමේ සිය මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.

මෙම හඳුන්වාදීම සිදුවන්නේ Asia Securities සඳහා ඉතා සාර්ථක වසරක් අවසානයේ ය. සමාගම අඛණ්ඩව පසුගිය වසර කිහිපය තුළ සමාන ජයග්‍රාහණ ලබාගනිමින් කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳපොළ පිරිවැටුමේ කොටස අනුව, ශ්‍රී ලංකාවේ අංක එකේ කොටස් තැරැව්කාර සමාගම බවට පත්විය. තවද Finance Asia Awards 2025 සම්මාන උළෙලේදී “ශ්‍රී ලංකාවේ හොඳම කොටස් තැරැව්කරු” ලෙස  සමාගම 06 වැනි වරටත් සම්මානයට පාත්‍ර වූ අතර, සමාගමේ පර්යේෂණ කණ්ඩායම CFA Society of Sri Lanka Capital Market Awards 2025 සම්මාන උළෙලේ දී “හොඳම කොටස් තැරැව්කාර පර්යේෂණ කණ්ඩායම” ලෙස ද සම්මානයට පාත්‍ර විය. කර්මාන්තය තුළ සමාගමේ දිගුකාලීන නායකත්වය ඉස්මතු කරමින් මෙම සියලු සාර්ථකත්වයන් සමාගම සිය 35 වසරක අභිමානවත් සංවත්සරය සැමරූ වසරේදීම සිදුවීම සුවිශේෂී කරුණකි.

Athena වේදිකාව දැන් asecathena.asiasecurities.lk හි සජීවීව ක්‍රියාත්මක වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *