
ශ්‍රී ලංකාවේ සුවතා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා Doc Talk – Experts Insights for Wellness නවතම YouTube නාලිකාව එළිදැක්වුණු අතර ජනතාව වෙත නිරවද්‍ය, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය තොරතුරු සැපයීම එහි මූලික අරමුණයි. Doc Talk (Pvt) Ltd. ස්ථාපිත කිරීම ද මෙම දියත් කිරීමට සමගාමීව සිදු කෙරුණු අතර එමඟින් YouTube නාලිකාවේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් සවිමත් කෙරේ.
මෙම YouTube නාලිකාව එළිදැක්වීමේ අවස්ථාවට වෛද්‍ය සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුරන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් රැසක් එක් වී සිටියහ. Doc Talk නාලිකාව සඳහා තිබෙන ශක්තිමත් ආයතනික සහ වෘත්තීය සහයෝගය ඔවුන්ගේ පැමිණීම ඔස්සේ මැනවින් සංකේතවත් වූ අතර නාලිකාවේ විශ්වසනීය බව තවදුරටත් තහවුරු විය.
Doc Talk ස්ථාපිත කිරීම ඔස්සේ මහජනතාව සහ විශේෂඥ වෛද්‍ය දැනුම අතර පවතින පරතරය අවම කරමින් සෞඛ්‍ය අධ්‍යාපනය වඩාත් ආකර්ශනීයව තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා තිබෙන සත්කාරයන්, පෝෂණය, මානසික සෞඛ්‍යය සහ නව වෛද්‍ය ප්‍රවණතා ඇතුළු සෞඛ්‍ය සහ සුවතා මාතෘකා රැසක් පිළිබඳ ප්‍රායෝගික මග පෙන්වීමක් මේ ඔස්සේ ලබා දෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Doc Talk (Pvt) Ltdහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා නදීෂා පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. “අපගේ මෙහෙවර වන්නේ විශේෂඥයන් විසින් ලබාදෙන නිවැරදි සෞඛ්‍ය තොරතුරු මහජනයා වෙත නොමිලේ ලබා දීමයි. අපි ජීවත් වන්නේ නිවැරදි සෞඛ්‍ය තොරතුරුවලට වඩා වේගයෙන් සාවද්‍ය තොරතුරු පැතිරී යා හැකි යුගයකයි. මහජනයාට තේරුම් ගැනීමට පහසු නිවැරදි මෙන්ම විශ්වසනීය වෛද්‍ය උපදෙස් විශේෂඥයන්ගෙන් සෘජුවම ලබාගැනීමට ජනතාව වෙත අවස්ථාව ලබාදීම සහ ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ ආදරණීයන්ගේ ජීවිතවල යහපැවැත්ම සඳහා දැනුවත් තීරණ ගැනීමට මහජනතාව සවිබල ගැන්වීම අපගේ පරමාර්ථයයි.”
මෙම වේදිකාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය උපදෙස් පමණක් නොව, සැබෑ සාර්ථකත්වය පිළිබඳ තොරතුරු, විශේෂඥ සම්මුඛ සාකච්ඡා සහ විවිධ විශේෂාංග ඇතුළු බොහෝ මාතෘකා ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සඳහා මග පෙන්වනු ඇත.වෛද්‍ය දැනුම හුදෙක් වෛද්‍ය වෘත්තිකයන් සඳහා පමණක් බවට පවතින සමාජ මතය අභියෝගයට ලක්කරමින්, සරලව තේරුම්ගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීමෙන් එය ජනතාවගේ දෛනික ජීවිතයට බෙහෙවිල් ඉවහල් විය හැකි බව අවධාරණය කිරීමට Doc Talk කටයුතු කරයි.
Doc Talk YouTube නාලිකාව සමඟ එක් වී සෞඛ්‍ය දැනුම පුළුල් කර ගැනීමට සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන සියලුම පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට Doc Talk ආරාධනා කරයි. දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ තොරතුරු ද මහජනයා වෙත සමීප කරන එකම ඩිජිටල් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන Doc Talk, විශේෂඥතාව, අඛණ්ඩතාව සහ ප්‍රජා අවධානය යන සවිමත් පදනම මත ගොඩනගා ඇත.