ශ්‍රී ලංකාවේ වනජීවීන් කෙරෙහි සිය කැපවීම නැවතත් තහවුරු කරමින් Shangri-La විසින් ‘ එලා’ නමැති කුඩා අලි පැටවා ඔවුන් භාරයට ගනියි

Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත් වන ලෙසටත් යොදාගෙන තිබේ.

ශ්‍රී ලංකාව වන අලි 4000කට පමණ නිවහන වන අතර 20 වන සියවසේ මුල් භාගයේ මෙම අලි සංඛ්‍යාව 12,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පැවතුණි. අද, මෙම සතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වී ඇති අතර 2024 දී අලි 388කට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර 2025 මුල් මාස හත තුළ පමණක් අලි 44කට වැඩි පිරිසක් වෙඩි තැබීමෙන් මිය ගියහ. අලි මිනිස් ගැටුම්, දිනෙන් දින ප්‍රමාණයෙන් අඩු වන වාසස්ථාන සහ අලි ඇතුන් නිතර ගමන් කරන මාර්ගයන්  මෙයට මූලික හේතු වී ඇත.

මෙම සංඛ්‍යා ලේඛන පිටුපස, මව්වරුන් ඝාතනය කිරීමෙන් පසු තනි වී ඇති අනාථ පැටවුන්, රැළෙන් බිදී ගිය ඉදිරි ගමනක් නොමැති තරුණ අලි පිළිබඳව බොහෝ කතා පවතින අතර එලාගේ කතාව ද එයින් එකකි.

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ වනාන්තරයක උපත ලැබූ එලා, ඇගේ රැළෙන් වෙන් වී කෘෂිකාර්මික ළිඳකට වැටී තිබුණු අතර  ඇයව වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන ආරක්‍ෂිත Elephant Transit Home වෙත ගෙනවිත් තිබුණි.

1995 සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ETH, අලි බේරා ගැනීමෙහි සහ පුනරුත්ථාපනය කිරීමෙහි  පෙරමුණ ගෙන සිටියි. උඩවලව ජාතික වනෝද්‍යාන සීමාවේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය අනාථ අලි 300කට අධික සංඛ්‍යාවක් බේරාගෙන ඇති අතර 198කට අධික සංඛ්‍යාවක් සාර්ථකව නැවත වනයට මුදා හැර ඇත. සාම්ප්‍රදායික අභයභූමි වලට වඩා වෙනස්වන ETH හි අලින්ට මිනිස් ඇසුර අවම වන අතර තරුණ අලි, ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයේ පූර්ණ ස්වාධීන ජීවිතයක් සඳහා සූදානම් කරයි.

අවුරුදු පහක හදාවඩා ගැනීමේ ගිවිසුමක් මගින්, Shangri-La විසින් එලා රැක  බලාගැනීම  ,පුනුරුත්ථාපනය කිරීම සහ නැවත වනාන්තරයට නිදහස් කිරීම  සඳහා ඇමරිකානු ඩොලර් 10,000කට වැඩි අරමුදල් සපයනු ලබන අතර  මෙම දායකත්වය ඔස්සේ එක් ජීවිතයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියේ අනාගතය ද ආරක්ෂා කරයි. මේ සියල්ල තුළින්  අනාථ අලි පැටියෙකු ශක්තිමත්, නිදහසේ සැරිසරන අලියෙකු බවට පත්වීම දක්වා වූ ගමනේ කොටසක් බවට Shangri-La පත් වනු ඇත.

මෙම මුලපිරීම මගින් Shangri-La යනු නවාතැන් ස්ථානයකට වඩා වැඩි යමක් බව පිළිබිඹු වන අතර සන්නාමයේ ආචාර ධර්ම වල  මුල් බැස ඇති තිරසාරභාවය, ජෛව විවිධත්වය, ආගන්තුක සත්කාරය සහ සංස්කෘතිය, උරුමය සහ ප්‍රජාව කෙරෙහි ඇති  ගෞරවය අවධාරණය කෙරෙනු ඇත.

Shangri-La හි ගෝලීය අභයභූමි වැඩසටහන යටතේ, එලාගේ කතාව හරහා අපගේ අරමුණු වන වටිනා දේ ආරක්ෂා කිරීම, සොබාදහම සමඟ සමගියෙන් ජීවත් වීම, අමුත්තන් සඳහා අර්ථවත් සංචාරයන් සැපයීම සංකේතවත් කරයි.

Shangri-La Hambantota හි සාමාන්‍යාධිකාරී රෙෆාන් රාසීන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “එලා යනු සංරක්ෂණ ව්‍යාපෘතියකට වඩා වැඩි දෙයක්. ඇය නියෝජනය කරන්නේ අප නිවහන ලෙස හැඳින්වීමට ආඩම්බර වන මෙම දූපතේ භූමිය, ජනතාව සහ උරුමය කෙරෙහි අපගේ අඛණ්ඩ වගකීමයි. අපගේ නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ ස්වභාවික අලංකාරයෙන් වටවී තිබෙන බැවින් මෙම මුලපිරීම එම සුන්දරත්වය ආරක්ෂා කිරීමට අප සතු වගකීම පිළිබිඹු කිරීමක්.”

“Shangri-La හි අපි විශ්වාස කරන්නේ සැබෑ ආගන්තුක සත්කාරය සේවාවෙන් ඔබ්බට විහිදෙන බවත් එයට භාරකාරත්වය ද ඇතුළත්වන බවත්ය. එලාගේ ගමනට සහය වීම එම විශ්වාසය අනුව කටයුතු කිරීමක් වන අතර වනජීවීන් ගැන සැලකිලිමත් වීම අපේ අනාගතය ගැන සැලකිලිමත් වීමක් බව ද මම සිහිපත් කරන්න කැමතියි.” Shangri-La Colombo හි සාමාන්‍යාධිකාරී Hervé Duboscq මහතා මෙසේ පැවසීය.

Shangri-La වෙත පැමිණෙන අමුත්තන්ට සුවිශේෂී ලෙස සංවිධානය කරන ලද අත්දැකීම් බෙදා ගැනීම්, සංරක්ෂණ කථාන්දර සහ පරිසර හිතකාමී වෙළඳ භාණ්ඩ එකතුවක් සමඟින් එලාගේ ප්‍රගතිය දැක බල ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ස්වභාවධර්මයේ සමතුලිතතාවය වැඩි වැඩියෙන් බිඳවැටෙන ලෝකයක, Shangri-La විසින් ස්ථිර ලෙස එහි වටිනාකම ආරක්ෂා කිරීමේ භූමිකාවේ නිරතව සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *