
ජපානයේ Belluna Co. Ltd සමාගමේ පූර්ණ අනුබද්ධිත ශ්‍රී ලංකා සමාගම වන Belluna Lanka හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo, සිය සාමාන්‍යාධිකාරී ලෙස ෂෙහාන් සෆ්රාස් මහතා පත් කර ඇති බව සතුටින් නිවේදනය කරයි. පුද්ගලයෙකුගේ දක්ෂතා හඳුනාගෙන, වර්ධනය වීමට අවශ්‍ය සහයෝගය ලබා දුන්විට ඔවුන්ට බොහෝ දේ අත්කර ගතහැකි බව Belluna Lanka මෙමඟින් ලොවට පෙන්වා දෙයි. ෂෙහාන් මහතා Granbell Hotel ආරම්භයේ සිටම එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ අතර, පූර්ව ආරම්භක සහ මෙහෙයුම් කටයුතුවල දී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. කාමර අංශ කළමනාකරුගේ සිට සාමාන්‍යාධිකාරී දක්වා ක්‍රමයෙන් ප්‍රගතියක් ලබා ඇති ඔහුගේ ගමන්මඟ, Belluna Lanka හි, සමාගම තුළින්ම නායකයින් බිහි කිරීමේ දිගුකාලීන දර්ශනය පිළිබිඹු කරයි.
මැදපෙරදිග ප්‍රමුඛ පෙළේ හෝටල් රැසක් සමඟ වැඩ කිරීමෙන් ලද වසර 20කට වැඩි අත්දැකීම් නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම හෝටල් මෙහෙයුම් කටයුතු සුමටව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මනා දැනුමක් ද ඔහු සතුව ඇත. ඔහුගේ නායකත්වය යටතේ, Granbell Hotel තවදුරටත් ශක්තිමත් වෙමින් 2024 වසරේ ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී අදාළ කාණ්ඩයේ Best City Hotel ලෙස ගෞරවාදරයට පාත්‍ර විය. මෙම සම්මානය, කණ්ඩායමේ විශිෂ්ටත්වය සහ ගුණාත්මක ආගන්තුක සේවාවක් ලබාදීමට ඔවුන් තුළ වූ කැපවීම පෙන්නුම් කරයි.
නොපසුබට උත්සාහය, විනය සහ වගකීම් හා වටිනාකම් පිළිබඳ වූ හැඟීම වැනි ගුණාංග තුළින් ඔහු ලඟා කරගත් අඛණ්ඩ දියුණුව, ඔහුගේ වර්තමාන නායකත්ව ශෛලිය තුළින් ද මනාව පිළිඹිබු වේ. “මුල් අවධියේ දී වගකීම් භාර ගැනීමෙන් මා ඉගෙන ගත්තේ නායකත්වය යනු පුද්ගලික සාර්ථකත්වය පමණක් නොවන බවයි. එය ඔබේ කණ්ඩායම වෙනුවෙන්, ඔබේ අමුත්තන් වෙනුවෙන්, දිගුකාලීන අරමුණු වෙනුවෙන් නිරන්තරයෙන් කරන කැපවීමයි.” යන්න ඔහුගේ අදහස විය.
Belluna Lanka හි නායකත්ව විලාසය පිළිබඳ අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ රෙහාන් මොරිස් මහතා පැවසුවේ මෙවැන්නකි. “දිගුකාලීන සාර්ථකත්වයේ වැදගත්ම කොටස ජනතාව බව අපි විශ්වාස කරනවා. එයට අපගේ අමුත්තන් සහ අපගේ සේවකයින් යන දෙපිරිසම ඇතුළත්. ෂෙහාන් පත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ අපගේම කණ්ඩායම් සාමාජිකයින්ට සහාය වීමට සහ ඔවුන් ඇතුළතින් වර්ධනය වීමට උපකාර කිරීමට අපි සැබවින්ම කැපවී සිටින බවයි. මිනිසුන්ට දියුණු විය හැකි වැඩ පරිසරයන් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. අප වගකීමෙන් යුතුව සහ අරමුණකින් යුතුව වර්ධනය වන්නේ එලෙසිනි.”
මෙම මානව හිතවාදී ප්‍රවේශය ෂෙහාන්ගේ නායකත්ව ශෛලිය තුළ පැහැදිලිව දැකගත හැකි අතර ඔහු පවසන පරිදි, “අමුත්තෙකු පිළිගැනීමේ අවස්ථාවේ සිට අවසානය දක්වා සිදුවන ලොකු කුඩා සියලුම කාර්යන් සුමටව සිදුවන බවට වග බලා ගැනීම අතිශයින්ම වැදගත් වේ. අමුත්තන් සහ කාර්ය මණ්ඩලය ගැන එක හා සමානව සැලකිලිමත් වන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම Granbell හි අනන්‍යතාවය ගොඩනැංවීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.”
Belluna Lanka මෙලෙස සුවිශේෂී නායකත්වයක් පිරිනැමීම සිය පැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යාමට සිදුකරන ලද කාර්යක් නොව ඉන් ඔබ්බට ගිය අරමුණක් බව පැහැදිලි වේ. සමාගම අභ්‍යන්තරයෙන් නායකයින් බිහිකරමින්, ශක්තිමත්, විශ්වාසදායක කණ්ඩායම් නිර්මාණය කරමින් දිගුකාලීන සාර්ථකත්වයක් සඳහා සූදානම් වන බව එයින් පෙන්නුම් කෙරේ. මෙම පත්වීම Belluna හි නායකත්වය සරලව ලබා නොදෙන්නක් බවත් එය වෙහෙස මහන්සි වී වැඩ කරමින්, අත්දැකීම් ලබමින් සහ සමාගමේ අරමුණු සමඟ එක්ව කටයුතු කරමින් උපයා ගත යුත්තක් බව අවධාරණය කරයි. ෂෙහාන්ගේ මෙම ගමන්මඟ Belluna Lanka සිය ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින්, ඇතුළතින් ශක්තිය ගොඩනඟමින්, සිය අනාගතය හැඩගස්වන ආකාරය පෙන්වා දෙයි.
ඡායාරූප විස්තරය
Granbell Hotel Colombo හි නව සාමාන්‍යාධිකාරී ෂෙහාන් සෆ්රාස් මහතා