අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

අති නවීන Hettich උපාංගවලින් සවිකර ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ සුවිශේෂී  අත්දැකීමක් Hettich Experience Centre ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය.

අන්තර්ජාතික වෙළෙඳපල තුළ ගෘහ උපකරණ  නිෂ්පාදනය පිළිබඳ  ප්‍රමුඛතම සන්නාමයක් වන Hettich හි මෙරට ප්‍රථම අත්දැකීම් මධ්‍යස්ථානය ( Experience Centre ) පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා Hettich India නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන් සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාමාජිකයන් රැසක් සහභාගී වී සිටියහ. Hettichහි අද්විතීය ගෘහ නිර්මාණ විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙමඟින් සනිටුහන් කරයි.

වර්ග අඩි 3,500කට වඩා වැඩි පුළුල් භූමියක ඉදිකර ඇති  මෙම අත්දැකීම් මධ්‍යස්ථානය ඔස්සේ  Hettichහි සුවිශේෂී ගෘහ භාණ්ඩ සවිකිරීම පිළිබඳ මෙන්ම වාස්තු විද්‍යාත්මක දොර දෘඩාංග , ගෘහ භාණ්ඩ ආලෝකකරණය ආදීය පිළිබඳ පාරිභෝගිකයන් වෙත නව්‍ය අත්දැකීමක් පිරිනමයි.ගෘහ නිර්මාණ ශිල්පීන්ට, ගෘහ අභ්‍යන්තර  නිර්මාණකරුවන්ට , ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන්ට සහ පාරිභෝගික ජනතාවට  සියුම් සෞන්දර්යාත්මක නිර්මාණකරණයේ සිට අන්තර්ක්‍රියාකාරී සංදර්ශක දක්වා සෑම තොරතුරක්ම සවිස්තරාත්මකව පැහැදිලි කර ගත හැකි පරිසරයක් මෙහි නිර්මාණය කර ඇත.

Hettich India, Middle East, Africa & SAARC හි කළමනාකාර අධ්‍යක්ෂ ආන්ද්‍රේ එක්හෝල්ට් (Andre Eckholt) මහතාගේ සහ Vallibel One සහ Delmege සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දිනූෂා බාස්කරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම Hettich’s Experience Centre විවෘත කරන ලදී. එමෙන්ම මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා සහභාගි වූවේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආන්ද්‍රේ එක්හෝල්ට් (Andre Eckholt) මහතා මෙසේ සඳහන් කළේය. “වේගයෙන් වෙනස් වන මෙන්ම වර්ධනය වන වෙළෙඳපල තුළ අපගේ සන්නාමයේ ස්ථාවරත්වය තවදුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව තුළ  පළමු Hettich Experience Centre විවෘත කිරීමට හැකිවීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. පාරිභෝගික ජනතාව වෙත Hettich නිෂ්පාදන පිළිබඳ සැබෑ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෙම මධ්‍යස්ථානය ඔස්සේ අප සන්නාමය මඟින් නිමවන අද්විතීය  ගෘහ නිර්මාණ විසඳුම් ස්පර්ශ කිරීමට, දැක ගැනීමට මෙන්ම ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමට අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම සවිමත් දේශීය පැවැත්මක් සහිත විශ්වසනීය සන්නාමයක්  වන Delmege සමඟ හවුල්කාරිත්වයක් ගොඩනාඟා ගැනීම තුළින් අපගේ

සේවාවන් පුළුල් කිරීමට සහ ශ්‍රී ලාංකික නිවාස සහ අවකාශයන් තවදුරටත් දිරි ගැන්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”

දිනූෂා බාස්කරන් මහත්මිය මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය.“ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන නිෂ්පාදන සහ අත්දැකීම් Delmege සන්නාමය ඔස්සේ හඳුන්වාදීමට අපි නිරන්තරයෙන් උත්සහ කරනවා. Hettich Experience Centre විවෘත කිරීම හුදෙක් ව්‍යාපාරික අවස්ථාවක් නොවේ, එය ඉන් ඔබ්බට විහිදෙනවා. එමඟින් නිර්මාණකරණය මූලික කරගත් ජීවන රටාව පිළිබඳ අපගේ විශ්වාසය මෙන්ම ගෝලීය පිළිගැනීම ලැබූ ප්‍රකට නවෝත්පාදනයන් ශ්‍රී ලාංකික නිවාස වෙත සමීප කිරීම සඳහා අප දක්වන කැපවීම ද මැනවින් පිළිබිඹු වෙනවා.”

අංක 101, ධර්මපාල මාවත, කොළඹ 7 යන ලිපිනයේ පිහිටි නවතම Hettich Experience Centre ඔස්සේ Hettich සන්නාමයේ සුවිශේෂී දීමනාවන් සහ නිෂ්පාදන පිළිබඳ පුළුල් අත්දැකීමක් ලබා ගැනීම සඳහා පාරිභෝගික ජනතාවට මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් වෙත Hettich ගෞරවයෙන් ඇරයුම් කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *