ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය.

මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද සුවිශේෂී හරිත ණය පහසුකම් හඳුන්වා දීම සිදු කෙරෙන අතර, දිවයින ම ආවරණයවන පරිදි ස්ථාපිත ශාඛා ජාලයහරහා සම්පත් බැංකුවේ මූල්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සහ ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශේෂඥතාව සංයෝජනයෙන් ගොඩනැගුණු මෙම සහයෝගිතාව හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය  බලශක්ති වෙත යොමු වීම වේගවත්  කරයි.

ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි සහ සම්පත් බැංකුව අතර මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සම්පත් බැංකුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ) දීපාල් ද සිල්වා, ප්‍රධාන කළමනාකරු (ශාඛා බැංකුකරණ) කේෂාන් දාබරේ, කළමනාකරු (ණය) දිලුම් ඉලේපෙරුම සහ සහකාර කළමනාකරු (ණය) සඳරුවන් කෝදාගොඩ යන මහත්වරු සහභාගී වූ අතර,ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජනය කරමින්, එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රත්නායක, විධායක අධ්‍යක්ෂ සමන්ත සිල්වා, සාමාන්‍යාධිකාරී (මූල්‍ය, උපාය මාර්ග හා මෙහෙයුම්) ළහිරු විතාරණ, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ප්‍රසන්න දිසානායක සහ සහකාර කළමනාකරු (විදුලි ඉංජිනේරු) රිසිල් රාජසිංහ යන මහත්වරු  සහභාගි වූහ.

සූර්ය බලශක්ති පද්ධති සියයට සියයක් පරිසර හිතකාමී වන අතර නිවාස සහ ව්‍යාපාරවල අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට නිකුත් කිරීම හරහා අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාවද මෙමඟින් හිමිවේ. එමෙන්ම නිවැරදි සූර්ය බල පද්ධතියක් සවි කර ගැනීම තුළින් ගනුදෙනුකරුවන්ට ඕනෑම විදුලි උපාංගයක් භාවිත කළ හැකි අතර විශ්වසනීය අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ලැබීම විශේෂත්වයකි.ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ සම්පත් බැංකුව අතර ඇති කර ගත් මෙම කාලෝචිත සහයෝගිතාව තිරසාර පුනර්ජනනීය බලශක්ති පද්ධතිවලට අනුවර්තනය වීමට හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන නිවාස හිමියන්, ව්‍යවසායකයින්, ආයතන, කර්මාන්තශාලා සහ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම  ඵලදායි ප්‍රතිලාභයක් ලෙස හඳුන්වා දිය හැකි ය.

අත්සන් තැබූ ගිවිසුම යටතේ සම්පත් බැංකුව ආකර්ෂණීය හරිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන අතර, එහි දී වසරකට 10.5% ක ස්ථාවර පොලී අනුපාතයකට රුපියල් මිලියන 5 ක් දක්වා ණය ලබා ගත හැකිය.ඊට අමතර ව රුපියල් මිලියන 5 ට වැඩි මුදල් වාර්ෂිකව 11% ක අනුපාතයකින් ලබා ගත හැකි වන අතර,සූර්ය බල පද්ධතියද ඇතුළත්ව නිවාස ණය ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට 0.25% ක අමතර පොලී අඩු කිරීමක් ලබා දීම විශේෂිතය. එමෙන්ම ප්‍රතිමූල්‍යකරණය සඳහා සුදුසුකම් ලබන සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායන් වෙත වසරකට 6.5% ක සුවිශේෂී සහනදායී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10ක් සහ ධාරිතාවකිලෝ වොට් 50 දක්වා ව්‍යාපෘති සඳහා විශේෂ ණය ලබා දීමටද සම්පත් බැංකුව කටයුතු කරයි. කිලෝ වොට් 5 දක්වා සූර්ය පද්ධති ස්ථාපනය කරන අයට ඇපකරයක් නොමැතිව රුපියල් මිලියන 1.25ක් දක්වා ණය ලබා ගත හැකි වීමද විශේෂිතය.

පාරිභෝගික අත්දැකීම් සහ පද්ධතිවල ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අගය එකතු කළ සේවා ඇතුළත් පුළුල් පැකේජයක් සමඟ ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්, සම්පත් බැංකුව සමඟ එක්ව ලබා දෙන මෙම හරිත මූල්‍ය විකල්පයන්ට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම සමග සම්බන්ධීකරණ කටයුතු සහ සූර්ය බලශක්ති පද්ධතිය සදහා පළමු වසරේ රක්ෂණයද නොමිලේ ඩේවිඩ් පීරිස් සෝලා වෙතින් පාරිභෝගිකයාට පිරිනැමේ. ඊට අමතරව පාරිභෝගිකයින්ට පළමු වසර තුළ නොමිලේ නඩත්තු සේවා දෙකක් හිමි වන අතර, ඉන් ඉදිරියට සිදු කෙරෙන නඩත්තු කටයුතු සඳහා 25% ක වට්ටමක් ලබා දෙයි. එමෙන්ම ඩේවිඩ් පීරිස් සෝලා සූර්ය බලශක්ති පද්ධති සඳහා  වසර 12ක නිෂ්පාදන වගකීමක්, වසර 30ක කාර්ය සාධන වගකීමක් මෙන්මවසර 10ක workmanship වගකීමක් ලබා දෙන අතර,ඉන්වර්ටරය සඳහා ද වසර 10 ක වගකීමක් ද හිමිවේ.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි සහකාර සාමාන්‍යාධිකාරී  (විකුණුම් හා අලෙවි) ප්‍රසන්න දිසානායක මහතා මෙසේ පැවසුවේය, “ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දශක හතරකට අධික විශිෂ්ටත්වය, පළපුරුද්ද හා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තුළින් අද්විතීය මෙන් ම ගුණාත්මක හා පුළුල් ක්ෂේත්‍රයක විහිදුණු සේවාවක් ලබා දීමට ඩේවිඩ් පීරිස් සෝලා එනජි නිරන්තරයෙන් කටයුතු කරනවා. අපගේ නිෂ්පාදන හා සේවාවල උසස් තත්ත්වය වගේම දිගු කාලීන වගකීම, නොමිලේ ලබාදෙන සේවා සහ සහයෝගය හරහා අප ලබා දෙන වටිනාකම් මිල කළ නොහැකියි. දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් ඇති සම්පත් බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීම, වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් වෙත අපගේ මෙම ගුණාත්මක සේවා ව්‍යාප්ත කිරීමේ හැකියාව ලබා දෙන අතර, එහි දී හරිත අනාගතයක් ගොඩ නංවමින් ශ්‍රී ලාංකේය ජාතිය බලශක්තිය අතින් සුරක්ෂිත අනාගතයක් කරා ගෙන යාමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

http://www.dpre.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 4700440 (මිලදී ගැනීම්) හා 011 4700444 (තාක්ෂණික සහාය) යන දුරකථන අංක ඇමතීමෙන් ඩේවිඩ් පීරිස් සෝලා පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *