
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සමඟ ඇතිකර ගත් සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරගනිමින් ‘Swisstek Perfect Spark Mentoring Camp’ නමින් රග්බි සංවර්ධන කඳවුරක් පසුගියදා මහියංගනය පොදු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.
Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම උදෙසා මනා කැපවීමකින් කටයුතු කරන අතර සිය සන්නාම පොරොන්දුව වන “For the Perfect Finish” තුළින් එය තවදුරටත් සනාථ කරයි. සිය සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් සේවා සපයන ප්‍රජාවෙහි සහයෝගය මත යන්න මැනවින් හඳුනාගෙන සිටින Swisstek, හැකි සෑම විටම ඔවුන් වටා සිටින ප්‍රජාවෙහි යහපත් උදෙසා කටයුතු කරනු ලබයි. පරිපූර්ණ ප්‍රජාවක් ගොඩනැඟිය හැක්කේ ඊළඟ පරම්පරාව පෝෂණය කිරීමෙන් බව Swisstek හි විශ්වාසයයි. ඔවුන්ගේ මෙම අරමුණ ඉටු කරගැනීමේ සුවිශේෂී අංගයක් ලෙස ක්‍රීඩාව හඳුනාගෙන සිටින Swisstek, ක්‍රීඩාව හරහා තරුණ පරපුර, නොසැලෙන ගුණයෙන් සහ විනයෙන් යුත් අනාගත නායකයන් බවට පත් කිරීමේ කර්තව්‍යයට සිය දායකත්වය ලබා දෙයි.
මෙම මුලපිරීමෙහි කොටසක් ලෙස, විද්‍යාර්ථ රග්බි කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟ එක්ව Swisstek විසින් බ/දෙහිගොල්ල මහා විද්‍යාලය, බ/මහියංගනය ජාතික පාසල, දඹරාව මහා විද්‍යාලය, හැඩත්තෑව ද්විතියික පාසල සහ ඔරුබැඳිවැව ද්විතියික පාසල යන කලාපීය පාසල් පහක සිසුන් සඳහා රග්බි පුහුණු කඳවුරක් පවත්වන ලදී. මෙහිදී ප්‍රවීණ පුහුණුකරුවකු වන නිල්ෆර් ඉබ්‍රාහිම් මහතා සහ විද්‍යාර්ථ විද්‍යාලයීය පුහුණුකරුවන් කණ්ඩායම මෙම සිසුන්ට උපදෙස් ලබා දුන්හ. විද්‍යාර්ථ ක්‍රීඩකයින් ද මෙම අවස්ථාවට ක්‍රියාකාරීව සහය වෙමින් සියයකට අධික තරුණ ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟ දැනුම හා අත්දැකීම් නොමසුරුව බෙදාහදා ගත්හ.
පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම මුලපිරීමේ කොටසක් වීමටත්, මහියංගණයේ සහ ඒ අවට ප්‍රදේශවල තරුණ ක්‍රීඩකයින් සමඟ අපගේ දැනුම බෙදා ගැනීමටත් ලැබීම පිළිබඳව අපි සැබවින්ම සතුටට පත්වෙනවා. එක දවසකට වුවත් මෙම සිසුන්ට පුහුණුව ලබා දීමට අප හට ලබා දුන් අවස්ථාව පිළිබඳව අප අපගේ කෘතඥතාවය පිරිනමනවා. අපි ඔවුන්ගේ ජීවිත වලට කුඩා නමුත් අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සමත් වුණා යැයි මම විශ්වාස කරනවා. ඔවුන්ගේ උද්යෝගය සහ ඉගෙනීමට ඇති උනන්දුව දැකීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක්.”
ක්‍රීඩා කටයුතු වලට අවශ්‍ය උපකරණ ලබා ගැනීමේදී පාසල් බොහෝ විට මුහුණ දෙන අභියෝග හඳුනාගත් Swisstek විසින් සහභාගී වූ පාසල්වලට අත්‍යවශ්‍ය රග්බි උපකරණ ලබා දෙනු ලැබූ අතර Swisstek සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පවතින මෙම සහයෝගීතාවය තුළින්, අර්ථවත් සමාජ බලපෑමක් ඇති කිරීමෙහිලා ඔවුන් සතු හවුල් දැක්ම පිළිබිඹු කරයි.
Swisstek Ceylon PLC හි ප්‍රධාන විධායක නිලධාරී දමින්ද පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ව්‍යාපෘතිය මගින් අනුග්‍රාහකයෙකුට පමණක් සීමා නොවෙමින් අප දක්වන කැපවීම පෙන්නුම් කරනු ලබනවා. අපේ ඉලක්කය වන්නේ විද්‍යාර්ථ විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ පමණක් නොවේ, සියලුම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිතවලට ද අර්ථවත් බලපෑමක් ඇති කිරීමයි. මෙවැනි වැඩසටහන් හරහා අපි විවිධ සහයෝගීතාවයන් තුළින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ අනාගතයේ යහපත උදෙසා කටයුතු කරනු ලබනවා. විද්‍යාර්ථ විද්‍යාලය සමඟ එක්ව රග්බි ක්‍රීඩාවට සහයෝගය දැක්වූ ආකාරයට ක්‍රිකට්, වොලිබෝල් සහ වෙනත් පාසල් ක්‍රීඩා සඳහා තවත් පාසල් වලට ද අපගේ සහයෝගය ලබාදීමට අපි සැදී පැහැදී සිටිනවා.”