ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම වන Alumex PLC විසින් Institute of Supply and Materials Management (ISMM) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් සැපයුම් දාම කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙත ළඟා වීම සඳහා ඔවුන් දක්වන කැපවීම නැවතත් සනාථ කරන ලදී. Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා, ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා ඇතුළු ප්‍රධාන කර්මාන්ත නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම (MoU) මඟින් පසුගියදා මෙම සහයෝගීතාවය වඩාත් සවිමත් කළහ.මෙරට සැපයුම් දාම කර්මාන්තයේ අභිවෘද්ධිය පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම අවස්ථාව සඳහා ISMM හි නායකත්ව කණ්ඩායම ඇතුළු හවුල්කාර සංවිධානවල නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
කාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය උදෙසා කාර්යක්ෂම සහ ඉහළ පහසුකම් සහිත සැපයුම් දාමයක් මඟින් සිදුකරන තීරණාත්මක කාර්යභාරය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස Alumex PLC මැනවින් හඳුනාගෙන ඇත. මෙම හවුල්කාරිත්වය ඔස්සේ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික විශේෂඥතාව අතර පවතින පරතරය අවම කරමින් කර්මාන්ත හා අධ්‍යයන ක්ෂේත්‍රයන් අතර පවත්නා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා Alumex PLC විසින් දක්වන අඛණ්ඩ වෑයම පිළිබිඹු කරයි.මෙය කර්මාන්ත හා අධ්‍යයන ක්ෂේත්‍රයන්හී පරිණාමය වන අවශ්‍යතාවන්ට ගැළපෙන තිරසාර හවුල්කාරිත්වයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි බෙහෙවින් ඉවහල් වනු ඇත.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ISMM ආයතනය විසින් Alumex PLC වෙත ආයතනික සාමාජිකත්වය ප්‍රදානය කරනු ලැබේ. ISMM සිසුන්ට සහ සාමාජිකයන් වෙත සමාගම ප්‍රමුඛතා ප්‍රවේශය ලබා දෙන අතර,Alumex PLC හි අති නවීන නිෂ්පාදන පහසුකම් තුළින් සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සඳහා දායකත්වය සපයමින් සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථාවන් මේ ඔස්සේ පිරිනමනු ඇත.මෙමඟින් දැරීය හැකි ගාස්තු යටතේ පුහුණු වැඩසටහන් පහසුකම් සලසන අතර සැපයුම් දාම වෘත්තිකයන් අති නවීන කර්මාන්ත දැනුමෙන් සවිබල ගැන්වේ.ISMM සිසුන් සඳහා Alumex හි නිෂ්පාදන සහ සැපයුම් දාම පහසුකම් පිළිබඳ ක්ෂේත්‍ර චාරිකාවල නිරත වීමේ අවස්ථාව ද උදාවන අතර එය කර්මාන්තය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් එකතු කරගනිමින්, හොඳම භාවිතයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට කදිම තෝතැන්නක් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශක්තිමත් මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවෙන් ඉහළ සැපයුම් දාමයක් නිෂ්පාදන අංශයේ සාර්ථකත්වය කෙරෙහි අත්‍යාවශ්‍ය බව Alumex PLC හි අපි විශ්වාස කරනවා. ISMM සමඟ ආරම්භ කළ හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සැපයුම් දාම කර්මාන්තයේ අනාගතය සඳහා මනා ආයෝජනයක් වන අතර ඒ ඔස්සේ ඊළඟ පරම්පරාවේ නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙහෙයවන වෘත්තිකයන් සවිබල ගැන්වීමට ද අපට අවස්ථාව ලැබෙනවා. අපගේ මෙහෙයුම් කටයුතුවලට අඛණ්ඩව දැනුම බෙදාගැනීම සහ කර්මාන්ත සමඟ සම්බන්ධ වීම ද සිදු කරන බැවින් මෙම හවුල්කාරිත්වය Alumex PLC වෙත වැදගත් සන්ධිස්ථානයක් වෙනවා.”
ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා මෙහිදී සිය අදහස් එකතු කළේ මෙසේය. “ජාත්‍යන්තර මට්ටමේ සැපයුම් දාම වෘත්තිකයන් සංවර්ධනය කිරීමේ අපගේ මෙහෙවර තුළ වැදගත් සන්ධිස්ථානයක් මෙම සහයෝගීතාවය ඔස්සේ සනිටුහන් කරන අතර මෙය ශ්‍රී ලංකාවේ සැපයුම් දාම අංශය ද ගෝලීය තරඟකාරිත්වය කරා රැගෙන යාම කෙරෙහි වැදගත් පියවරක් වෙනවා. කර්මාන්තය තුළ වෙනස් වන සහ වර්ධනය වන ඉල්ලුම සඳහා අපගේ සිසුන් සහ වෘත්තිකයන් මැනවින් සූදානම් කරවීම සහතික කිරීමට මෙවැනි ප්‍රමුඛ සැපයුම් දාම සහ නිෂ්පාදන සංවිධාන සමඟ එක්වීම අපට බෙහෙවින් වැදගත් වෙනවා.”
Alumex PLC කර්මාන්ත සහ අධ්‍යයන ක්ෂේත්‍රයන්හී සහයෝගීතාවය කෙරෙහි ක්‍රියාකාරී දායකත්වයක් සපයමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සිය ප්‍රමුඛස්ථානය තවදුරටත් සවිමත් කර තිබේ. එමෙන්ම මේ ඔස්සේ රටේ ආර්ථික හා කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය සහ අභිවෘද්ධිය කෙරෙහිද දැවැන්ත සහයක් ඔවුන් ලබාදෙයි.