රොසෙල්හි නවතම ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත විවෘත වූ වගයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය 73 වන ප්‍රදර්ශනාගාරය අංක 137, කොළඹ පාර, ගම්පහ යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විශිෂ්ට නිර්මාණ රැසක් පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීම වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත.

වර්ග අඩි 6,500 කට අධික ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප ප්‍රදර්ශනාගාරය, විවිධ නිර්මාණ සොයන්නන්ට කදිම තෝතැන්නකි. නවීන 80cmx80cm, 80cmx120cm, සහ , 100cmx100cm ප්‍රමාණ ඇතුළු විවිධ ප්‍රමාණයන්ගෙන් සහ සංකල්පයන්ගෙන් සමන්විත ටයිල් 700කට අධික ප්‍රමාණයක් සහ  Hansgrohe සන්නාමයේ නිෂ්පාදන ඇතුළු තවත් 70කට අධික සනීපාරක්ෂක උපාංග මෙහි ප්‍රදර්ශනය කර ඇත.

රොසෙල් හි අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය පැවසුවේ, “ගම්පහදී විවෘත කළ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය රොසෙල් හි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අපගේ පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා. ඒ වගේම මෙම නව ප්‍රදර්ශනාගාරය තුළින්, පාරිභෝගික අපේක්ෂාවන් ඉටු කිරීමටත් අලංකාර ජීවන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමටත් අපි දරන උත්සාහය මනාව පිළිඹිබු වෙනවා.” යනුවෙනි.

රොසෙල්, ලොව අග්‍රගන්‍ය තාක්ෂණ කණ්ඩායම් සමඟ එක්ව ගුණාත්මක බවින් ඉහළ නිර්මාණ පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. මෙම සංකල්ප ප්‍රදර්ශනාගාරය එම කැපවීම තවදුරටත් තහවුරු කරන අතර පාරිභෝගිකයින්ට අවශ්‍ය නිෂ්පාදන පමණක් නොව ඔවුන් සිහින මැවූ නානකාමරද  සියැසින් දැකබලා ගැනීමට අවස්ථාව උදා කර දෙයි. තවද මෙහි නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා ඇත්තේ නිර්මාණශීලිත්ව සහ පරිකල්පන හැකියාවන් වැඩිදියුණු  කරන අයුරින් වීම සුවිශේෂී කරුණකි.

රොසෙල්, වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිර්මාණකරණයේ ප්‍රමුඛයා වේ. ගුණාත්මකබව සහ නවෝත්පාදනයන් කෙරෙහි වූ අපමණ කැපවීම නිසා ටයිල් සහ බාත්වෙයා උපාංග වෙළඳපොල ප්‍රමුඛයා වීමට ඔවුන්ට හැකිවී තිබේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *