AMW සහ Yamaha OBM විසින් හලාවත ශාන්ත රෝගුස් විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

Associated Motorways සමාගම, Yamaha Outboard Motors (OBM) සමඟ එක්ව හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් විද්‍යාලය වෙත පුද්ගලික පරිගණක 10ක් පරිත්‍යාග කර ඇත. අධ්‍යාපනය වෙනුවෙන් සහය ලබා දීම මෙන්ම වසර ගණනාවක සිට ඔවුනට සහය වූ ප්‍රජාවන් හට පෙරලා කෘතගුණ දැක්වීම සඳහා AMW හි කැපවීම  මෙමඟින් අවධාරණය කරයි. 

Yamaha බෝට්ටු එන්ජින් පිළිබඳව සිදුවන කතිකාවක දී අඹකඳවිල ප්‍රජාව වැදගත් වන අතර, දිවයින පුරා ඇති අනෙකුත් පාසල් කිහිපයක් හොඳින් සළකා බැලීමෙන් අනතුරුව මෙම මුලපිරීම වෙනුවෙන් ශාන්ත රෝගුස් විද්‍යාලය තෝරා ගෙන ඇත. මෙම පරිත්‍යාග කිරීමට අමතරව පරිගණක විද්‍යාගාරයේ ඇති අදාළ අංගෝපාංග  අලුත්වැඩියා කිරීම හා වයර් සහ කේබල් සවි කිරීමේ කටයුතු සිදු කරමින් එය නිසි පරිදි ක්‍රියාත්මක වන බව AMW විසින් තහවුරු කරන ලදී. පරිත්‍යාග කළ පරිගණක, පාසලේ අධ්‍යාපන අවශ්‍යතාවයන්ට අවශ්‍ය වන සියලුම මෘදුකාංගවලින් සමන්විත වන අතර, එය සිසුන්ගේ අධ්‍යාපනය හා පර්යේෂණ යනාදිය සඳහා පහසු ප්‍රවේශයක් ලබා දීමට ඇති හැකියාව  ඉහළ නැංවීමට උපකාර කරයි.

මෙම පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනට AMW හි Yamaha ශ්‍රී ලංකා ප්‍රධානී Shusaku Sato මහතා, Yamaha OBM හි විකුණුම් ප්‍රධානී ජේසුමනී තමෙල් මහතා, AMW හි තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරී ලිලාන් දිසානායක හා AMW හි මානව සම්පත් ප්‍රධානී හර්ෂනී රණසිංහ මහත්මිය ඇතුලු ශාන්ත රෝගුස් පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් සහභාගි විය.

දේශීය මෝටර් රථ කර්මාන්තය තුළ, AMWහි 75 වසරකට වැඩි ඉතිහාසය සමඟින්, සිය ජනතාවට සහය දැක්වීමට සහ අධ්‍යාපනික සංවර්ධනය ඉහළ නැංවීමට ඔවුන් නිරතුරුවම කටයුතු කරයි.  ප්‍රජා සහභාගීත්වය සහ සහයෝගය පිළිබිඹු කරන මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහන AMWහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙවැනි තවත් මුලපිරීම්  අනාගතයේ දී සිදු කිරීමට AMW බලාපොරොත්තු වන අතර, ඒ ඔස්සේ ධනාත්මක බලපෑමක් සිදු කිරීම AMW සිය මෙහෙවර සේ සළකමින් ඒ සඳහා කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *