Content Development Workshop හඳුන්වා දෙමින් KOICA’s Career Guidance Platform උසස් මානයකට පා තබයි

KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත. KOICA’s Career Guidance Platform හි මූලික අරමුණ වනුයේ පුහුණුවන්නන් ඔවුන්ගේ වෘත්තීය මාර්ගයන්හි ඵලදායී ලෙස ගමන් කිරීමට අත්‍යවශ්‍ය දැනුම් සහ හැකියාවන් ගෙන් පෝෂණය කිරීමයි. මේ සඳහා රැකියා සහ ආයතන තොරතුරු වෙත ප්‍රවේශය මෙන්ම තමන්ට ගැළපෙන රැකියාව සොයා ගැනීමට අවශ්‍ය සහයද ඔවුන් වෙත ලබාදී ඇත.

මීට අමතරව,  කර්මාන්තයේ අවශ්‍යතා සහ දක්ෂ වෘත්තිකයන් අතර වූ දුරස්ථභාවය අවම කරමින්, ආයතන වලට ඔවුන්ගේ ආයතන සඳහා ගැළපෙන සුදුසුකම් ලත් සේවකයින් තෝරා ගැනීමට මෙමඟින් අවස්ථාව හිමි වේ. තවද Content Development Workshop, TVET අභ්‍යාසලාභීන්ට ඉතා අගනා වැඩමුළුවක් වන අතර එය ශක්තිමත් රැකියා ආධාරක අන්තර්ගතයන්ගෙන් සහ රැකියා පිළිබඳ මෙන්ම ආයතන පිළිබඳ ද තොරතුරු සපයමින් පුහුණුලාභීන්ගේ අවශ්‍යතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. සමන්ති සේනානායක මෙනවිය ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් වෘත්තීය මාර්ගෝපදේශන වේදිකාවක් නොමැතිකම පිළිබඳව මෙන්ම මෙවැනි මුලපිරීමක ඇති දැවැන්ත වටිනාකම අවධාරණය කරන ලදී. සිසුන්ට ඔවුන්ගේ කුසලතා හඳුනා ගැනීමට සහ නිසි දැනුමක් සහිතව වෘත්තීය තේරීම් කිරීම සඳහා මෙහි ඇති වැදගත්කම පිළිබඳ ඇය අවධාරණය කළ අතර, සිය පූර්ණ සහයෝගය මේ සඳහා ලබා දීමට සූදානම් බවත්, මෙම ප්‍රයත්නය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහය ද ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටින ලදී.

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.ලලිතධීර මහතා, වෘත්තීය අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධන පිළිබඳව දැනුම සහ අත්දැකීම් පැමිණ සිටින ප්‍රවීණයන් අතර හුවමාරු කර ගැනීම සඳහා විශිෂ්ට වේදිකාවක් ලෙස මෙම රැස්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

අවසාන වශයෙන්, KOICA ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, Kim Yong Whan මහතා, වැඩමුළුවේ වැදගත්කම සහ එහි අනාගත බලපෑම්  පිළිබඳවත්, වෘත්තීය අධ්‍යාපනයේ සහයෝගී ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සහ ඒ ආශ්‍රිත මුලපිරීම් ඉදිරියට ගෙන යාම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගීතාවය සහ කැපවීම අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා තෘතියික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ගෞරවනීය විශේෂඥයින් සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සහභාගී වූහ. වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා තොරතුරු සැපයීම සඳහා කැප වූ, NVQ මට්ටම් 5 සිට 7 දක්වා පරාසය තුළ ක්‍රියාත්මක වන වෘත්තීය අභ්‍යාසලාභීන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද පළමු වැඩසටහන මෙය බවට ඔවුහු ප්‍රශංසා කළහ.

මෙම අවස්ථාව KOICA’s Career Guidance Platform හි ගමන්මඟ තීරණය කරන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, සාර්ථක වෘත්තීය ප්‍රගතියක් සඳහා අවශ්‍ය දැනුම සහ සම්පත්වලින් පුද්ගලයන් සවිබල ගැන්වීමේ කැපවීමද සනිටුහන් කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *