BABY CHERAMY සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශ කෘතියක් එළිදක්වයි

දරුවන් වෙනුවෙන්  වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ  මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයසමඟ එක්ව  දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තහවුරු  කරමින්  අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණු අතර  එහිදී ළමා රෝග පිළිබඳව මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචිත මාපිය මාර්ගෝපදේශ කෘතිය එළිදැක්වීම ද සිදුවිය. ළමා මනසට ගැළපෙන  සිත් ඇදගන්නා භාෂාවකින් රචනා කර ඇති  මෙම කෘතියේ ඉතා වැදගත් කරුණු රැසක් මෙන්ම කවි සහ චිත්‍ර ආදී රසවත් බොහෝ දේ අන්තර්ගත වන අතර ඒ සඳහා ජාතික ළමා ලේකම් කාර්යාලය – කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ  අනුමැතිය ද හිමි වී තිබේ.

ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මෙරට ළමා සෞඛ්‍ය සේවාවට සම්බන්ධ  ප්‍රමුඛතම වෘත්තීය සහ අධ්‍යයන ආයතනය මෙන්ම ප්‍රශස්ත ළමා සෞඛ්‍ය සේවය  පිළිබඳවප්‍රමුඛතම හඬය. එමෙන්ම  ශ්‍රී ලංකාවේ ළමා සෞඛ්‍ය සුරක්ෂිතතාවය වර්ධනය කිරීම වෙනුවෙන්  දැනුවත් කිරිමේ කාර්යන්හි අඛණ්ඩව නිරත වී සිටින Baby Cheramy දිවයිනේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමිකරගත්  ළදරු සන්නාමය වේ. “අපේ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ” උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්  Baby Cheramy විසින් දරුවන් අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය දැනුමෙන් දෙමාපියන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින්  ළමා ආරක්ෂණය පිළිබඳව දැනුවත්භාවය සහතික කිරීමට මෙම වැඩසහන් ඔස්සේ කටයුතු කරයි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්‍ෂ ශියාන් ජයවීර මහතා මෙසේ පැවසුවේය.  මෙරට ප්‍රමුඛතම ළදරු සන්නාමය ලෙස Baby Cheramy අපට ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව කටයුතු කිරිමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් අපගේ පණිවිඩය වැඩි පිරිසක් අතරට ගෙනයාමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ තුළින් අපේ රටේ අනාගතය  කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකරමින් දරුවන් සුරක්ෂිතව තබා ගැනීමේ Baby Cheramy හි මූලික අරමුණ සාර්ථක කර ගැනීමට ද හැකියාව ලැබෙනවා. “

සෑම වසරකම ශ්‍රී ලංකාවේ ළමුන් 269,000ක් පමණ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වේ.  මෙම අනතුරුවලින් බහුතරයක් නිවෙස් ආශ්‍රිතව  සිදු වන අතර  ඒවා නිවැරදි ආරක්ෂණ පියවර අනුගමනය කිරීමෙන්  වළක්වා ගත හැකිය. එහෙත් ඇතැම් විට එවැනි ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව නොදැනුවත්භාවය නිසාම වළක්වාගත හැකි ළමා අනතුරුවලින් පවා දරුවන් තුවාල ලැබීම මෙන්ම අවාසනාවන්ත ලෙස මරණයට පත් වීම ද සිදුවේ.

මෙහිදී සිය කෘතිය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය කල්‍යාණි ගුරුගේ මෙසේ සඳහන් කළේය. “නිවස යනු අනතුරුවලින් සහ ප්‍රචණ්ඩත්වයෙන් වලින් දරුවන් ආරක්ෂා කරන බලකොටුව බවට ජනප්‍රිය කියමනක් තිබෙනවා. අනතුරු පිළිබඳව ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, කුඩා දරුවන් වැඩිපුරම අනතුරට ලක්වන සුලභ ස්ථානය වන්නේ නිවසයි. අලුත් අලුත් දේ ගවේශනය කරන විට, විවිධ වික්‍රමාන්විත කටයුතුවල යෙදෙන විට මෙන්ම ක්‍රීඩා කරන විට දරුවන් අනතුරට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.එම නිසාම Hemas සමූහ ව්‍යාපාරයේ  Baby Cheramy විසින් නිවසේදී දරුවන්ට සිදුවන අනතුරු පිළිබඳව පොතක් ලියන්නට මට ආරාධනා කළ විට මම එය සතුටින් භාර ගත්තා. කිවිඳියක් ලෙස මහාචාර්ය මනෝරි ගමගේව මා හඳුනාගෙන සිටි නිසා ඇයට ද මේ පොත රචනා කිරීම වෙනුවෙන් මං ඇරයුම් කළා. මේ පොත ලියවුණේ රෝහල්වල දී අනතුරුවලට මුහුණ දුන් දරුවන් වෙත ප්‍රතිකාර කිරීමේදී අප ලැබූ අත්දැකීම්ද පදනම් කරගෙනයි. ඇත්තෙන්ම තත්පර කිහිපයක නොසැලකිල්ල විශාල විපතකට හේතු විය හැකියි. නිවසේදී අනතුරක් සිදුවිය හැකි ආකාරය පූර්ව වශයෙන් හඳුනා ගැනීම එය වළක්වා ගැනීමට හොඳම ක්‍රමයයි. මේ කෘතිය දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට  අනතුරුවලින් තොරව සතුටින් ජීවත් වීමට උපකාරයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.”

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, චන්දන විජේවර්ධන මහතා මෙම කෘතිය  පිළිබඳව ඇගේ අදහස මෙසේ ප්‍රකාශ කළාය. “මේ පොත රචනා වී ඇත්තේ දරුවන්ට  සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා හොඳම පිළිවෙත් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම සහ නිවස තුළ දරුවාට ආරක්ෂාකාරී ළමා මිතුරු පරිසරයක් නිර්මාණය කිරීම තුළින් දරුවන් අනතුරුවලින් වළක්වා ගැනීම අරමුණු කරගෙනයි.  එම කටයුත්ත  සඳහා සම්පත් දායකත්වය සැපයූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයටත්, මෙම කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කළ Hemas සමූහ ව්‍යාපාරයටත්  මාගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මෙම කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ වීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයට ද අවස්ථාව ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.”

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස, මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව ඉදිරි මාස 12 ඇතුළත මෙම කෘතියේ පිටපත් 100,000ක් පමණ නිවෙස්වලට බෙදාහැරීමට Baby Cheramy අපේක්ෂා කරන අතර එහි E-පිටපත් Baby Cheramy වෙබ් අඩවිය සහ Facebook පිටුව ඇතුළු මාධ්‍ය කිහිපයක් ඔස්සේ මෙන්ම Baby Cheramy ඇසුරුම්වල මුද්‍රණය කෙරෙන QR කේතයක් හරහාද බෙදා ගැනීමට අපේක්ෂා කරයි. ඒ අනුව දෙමව්පියන්ට පහසුවෙන්ම ඇසුරුම්වල මුද්‍රිත QR කේතය scan කිරීමෙන් සහ download කිරිමෙන් එම කෘතිය පරිහරණය කළ හැකිය.

ගැබිනි මව්වරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරිම, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තොරතුරු සහිත මාපිය මාර්ගෝපදේශ පොත්  නිර්මාණය කිරීම සහ බෙදා හැරීම මෙන්ම ඩිජිටල් මාධ්‍ය වේදිකා හරහා විශේෂඥවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර වැඩසටහන් දියත් කිරිම ආදී නිරන්තරයෙන් සිදු කරන ව්‍යාපෘති තුළින් ළදරුවන් සඳහා සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා Baby Cheramy දක්වන කැපවීම මැනවින්  පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය ලෙස Baby Cheramy වසර 60කට අධික දිගු  කාල පරාසයක්  පුරාවට දරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිය දායකත්වය අඛණ්ඩව  පවත්වාගෙන යයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *