ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ ප්රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම් සමරනු ලැබීය. මෙම රැලිය ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ JAC T9 රථයට හිමිව ඇති අතිමහත් ජනප්‍රියත්වය සහ එහි වේගවත් වර්ධනය සනිටුහන් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.
JAC T9 රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වීමත් සමඟ, සමාන රුචිකත්වයන් සහ වික්‍රමාන්විත ගවේෂණයන්ට ලැදි පාරිභෝගිකයන් එකිනෙකා සම්බන්ධ කළ හැකි වේදිකාවක අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව, පාරිභෝගිකයන් අතර සබඳතාව ශක්තිමත් කරමින් අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා Euro Motors විසින් ‘T9 Hunters Club’ නිල වශයෙන් ස්ථාපනය කරන ලදී.



මේ පිළිබඳව අදහස් දැක්වූ Euro Motors සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ JAC T9 රථයට ලැබෙන ප්‍රතිචාරය ඉතා දිරිගන්වන සුළු බවයි. ‘T9 Hunters Club’ නිර්මාණය වූයේ පාරිභෝගිකයන් අතර වාහනය සමඟ පමණක් නොව, එකිනෙකා අතර ද පවතින ශක්තිමත් බැඳීම නිසා බවත්, Euro Motors නිරන්තරයෙන් විශ්වාස කරන්නේ වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයන් සමඟ දීර්ඝකාලීන සබඳතා සහ අත්දැකීම්වලින් සපිරි ප්‍රජාවක් ගොඩනැගීමට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කොළඹ පිහිටි Euro Motors ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් ආරම්භ වූ මෙම රැලිය සඳහා JAC T9 රථ විශාල සංඛ්‍යාවක් සහභාගී විය. මැරීන් ඩ්‍රයිව්, ගාලු මුවදොර, නෙළුම් කුළුණ සහ ඓතිහාසික නිදහස් චතුරශ්‍රය වැනි කොළඹ නගරයේ සුවිශේෂී සලකුණු පසුකරමින් ගමන් කළ මෙම රථ පෙළපාලිය වෝටර්ස් එජ් පරිශ්‍රයෙන් අවසන් විය. එහිදී සහභාගී වූවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, තරඟ සහ විනෝදාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එය හිමිකරුවන් අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් විය.
මෙහිදී දක්ෂතා දැක්වූ හිමිකරුවන් ඇගයීම සඳහා සම්මාන ප්‍රදානයක් ද පැවැත්විණි. නිර්මාණශීලීත්වය උදෙසා පිරිනැමූ ‘Best Modification’ සම්මානය සහ රියදුරු කුසලතාවය හා නිරවද්‍යතාවය උදෙසා පිරිනැමූ ‘Best Timing Challenge’ සම්මානය හිමිකරුවන් අතර විශාල උද්යෝගයක් ඇති කිරීමට සමත් විය. ඉදිරියේදී ‘T9 Hunters Club’ සිය සාමාජිකයන් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානය ඉලක්ක කරගත් ගවේෂණාත්මක චාරිකාවක් සහ විශේෂ 4×4 ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් මාලාවක් ලබා දීමට සැලසුම් කර ඇති අතර, එමගින් පාරිභෝගිකයන්ට තම වාහනයේ උපරිම ක්‍රියාකාරීත්වය අත්විඳීමට අවස්ථාව සැලසේ.
Euro Motors යනු දශක ගණනාවක සිට මෙරට මෝටර් රථ වෙළඳපොළ තුළ විශ්වාසය දිනාගත් නාමයකි. වසර 60කට අධික ගෝලීය නිෂ්පාදන පළපුරුද්දක් ඇති JAC සන්නාමය, ශ්‍රී ලංකාව තුළ ද වසර 22ක අඛණ්ඩ විශ්වාසයක් ගොඩනගා ගැනීමට සමත්ව ඇත. එය මෙරට ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික පාරිභෝගිකයන් අතර ද ඉහළම පිළිගැනීමක් සහිත චීන වාහන සන්නාමයකි.
නව පාරිභෝගිකයන්ට ද මෙම ප්‍රජාවට එක්වීමේ අවස්ථාව සලසමින් Euro Motors විසින් JAC T9 රථය සඳහා සුවිශේෂී මිල සහන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 17.95ක් වූ පෙර මිල දැන් රුපියල් මිලියන 16.95 දක්වා අඩු කර ඇති අතර, බලපත්‍ර හිමිකරුවන් සඳහා රුපියල් 14,950,000ක විශේෂ මිලක් පිරිනමනු ලැබේ. මෙම අවස්ථාව මගින් JAC T9 හි අසමසම බලය සහ සුවපහසුව අත්විඳීමට මෙන්ම ශීඝ්‍රයෙන් වර්ධනය වන ‘T9 Hunters’ ප්‍රජාවේ සාමාජිකයෙකු වීමට ද ඔබට හැකි වනු ඇත.