ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා විවෘත වී ඇත. දැඩි පරීක්ෂාවකට ලක් කර පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ. ගුණාත්මකභාවය, විශ්වාසය සහ කල්පැවැත්ම යන ටොයොටා සන්නාමයේ විශිෂ්ටත්වය පාරිභෝගිකයාට සමීප කිරීම ‘Toyota SURE’ හි මූලික අරමුණයි. ශ්‍රී ලංකාවේ නවතම ටොයොටා රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා ලෙස, දිවයින පුරා සිටින පාරිභෝගිකයන් හට වඩාත් විනිවිදභාවයකින් යුතු සහ වගකීමක් සහිත වාහන හිමිකාරිත්වයක් ලබාදීමට ටොයොටා ලංකා ආයතනය මෙලෙස කැපවී සිටී.
මෙම ව්‍යාපෘතියේ තෙවන අදියර ලෙස, මහනුවර අඹතැන්න ප්‍රදේශයේ පිහිටි ටොයොටා ලංකා ශාඛාව තුළ ‘Toyota SURE’ සේවාවන් ආරම්භ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යම පළාතේ සිටින පාරිභෝගිකයන්ට, ජපානයේ දේශීය වෙළෙඳපොළ සඳහා නිපදවන ලද උසස් තත්වයේ ටොයොටා රථවාහන, තමන් පදිංචි ප්‍රදේශයටම සමීපව වඩාත් පහසුවෙන් සහ විශ්වාසදායක ලෙස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමයි.


ටොයොටා ලංකා හඳුන්වා දෙන ‘Toyotsu Auto RUSH’ යනු ටොයොටා නොවන වෙනත් සන්නාමවලට අයත් රථවාහන අලෙවි කරන ප්‍රධානතම සේවාවයි. උසස් තත්ත්වයේ විවිධ සන්නාමයන්ගේ වාහන සොයන පාරිභෝගිකයන් වෙනුවෙන් මෙය නිර්මාණය කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ වෙනත් සන්නාමයක වාහනයක් මිලදී ගත්තද, ඒ සඳහා ටොයොටා ලංකා සමුහය මගින් පිරිනමනු ලබන වගකීම සහ නොමිලේ අලෙවියෙන් පසු සේවාවන් ඒ අයුරින්ම හිමි වීමයි.
අද වන විට ටොයොටා ලංකා සමාගම මෙම සුවිශේෂී සේවා අංශ දෙකම එකම ස්ථානයකට ගෙන එමින් පාරිභෝගිකයාට වඩාත් පුළුල් අත්දැකීමක් ලබා දෙයි. මේ හරහා ටොයොටා ලංකා සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ‘Toyotsu Lanka’ මගින් මෙහෙයවන ‘Toyotsu Auto RUSH’ සේවාව යටතේ, ඉතා දැඩි ගුණාත්මක පරීක්ෂාවන්ට ලක් කළ විවිධ සන්නාමවල රථවාහන රැසක් දැන් එකම වහලක් යටදී තෝරාගත හැකිය. මෙම සියලු රථවාහන සඳහා අවශ්‍ය අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් Toyotsu Lanka ආයතනය මගින් ලබාගත හැකි බැවින්, පාරිභෝගිකයාට ඉහළ විශ්වාසයකින් සහ පහසුවකින් යුතුව තමන්ට වඩාත් ඔබින වාහනය මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම මධ්‍යස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන සෑම වාහනයක්ම අලෙවි කිරීමට පෙර ඉතා සූක්ෂ්ම පරීක්ෂාවන්ට ලක් කරනු ලබයි. මෙහිදී වාහනයක් පාරිභෝගිකයාට භාරදීමට පෙර සිදුකරන විශේෂ පරීක්ෂාවට (PDI) අමතරව, එහි ධාවනය කර ඇති සැබෑ දුර ප්‍රමාණය සහතික කිරීම සහ වාහනය කිසිඳු අනතුරකට හෝ ගංවතුරකට හසුවී නොමැති බව තහවුරු කිරීම ද සිදු කෙරේ. එසේම, රජයට ගෙවිය යුතු සියලුම බදු ගෙවා නිවැරදි තක්සේරුකරණයකින් පසුව වෙළෙඳපොළට නිකුත් කරන බැවින් පාරිභෝගිකයාට කිසිදු බියකින් තොරව වාහනයක් මිලදී ගත හැකිය.
Toyota SURE වාහන යනු ටොයොටා සමාගමේ අනුබද්ධිත ආයතනයකින්ම ඉතා සැලකිලිමත්ව තෝරාගත් රථවාහන වේ. මෙම වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නවතම ටොයොටා වාහන බෙදාහරින්නා මගින් පිරිනමනු ලබන විශේෂ වගකීම් සහතිකයක් මෙන්ම නිෂ්පාදකයාගේ ‘Recall’ සේවාවන් සඳහා අවශ්‍ය පහසුකම් ද සලසා දී ඇත. මේ නිසා වාහනය හිමිකරගත් දවසේ සිටම පාරිභෝගිකයාට පූර්ණ විශ්වාසයකින් යුතුව එය ධාවනය කිරීමට අවස්ථාව සැලසේ.


මෙම විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ටොයොටා ලංකාහි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරාල මහතා මෙසේ පැවසීය. “වාහනයක් මිලදී ගැනීමේ සිට එය භාවිත කරන සෑම පියවරකදීම පාරිභෝගිකයාට විශ්වාසය සහ ගුණාත්මකභාවය සහතික කිරීම අපගේ මූලික වගකීමයි. අපගේ ගෝලීය දැක්ම වන ‘Mobility for all’ යන්න යථාර්ථයක් කරමින්, ‘Toyota SURE’ සහ ‘Toyotsu Auto RUSH’ හරහා ටොයොටා මෙන්ම අනෙකුත් සන්නාමවල වාහන විකල්ප රැසක් දැන් අපගේ පාරිභෝගිකයන් වෙත සමීප කර තිබෙනවා. දිවයින පුරා විහිදුණු අපගේ 20කට අධික ටොයොටා ශාඛා ජාලය සහ ‘Pit & Drive’ වැනි අලෙවියෙන් පසු සේවා පහසුකම් හරහා උපරිම විශ්වාසයකින් යුතුව වාහනයක් භාවිත කිරීමට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දීමට අප සැදී පැහැදී සිටිනවා.”
අතුකෝරාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, “ටොයොටා ලංකා සමූහය ගන්නා සෑම තීරණයක්ම සහ පාරිභෝගික සබඳතාවක්ම ‘Toyota LIFE’ මත පදනම්ව හදවතින්ම, අවංකව, සාධාරණව සහ යහපත්ව (Loyalty, Inyegrity, Faireness, Ethics) සිදු කරන බවයි. අපගේ අරමුණ වන්නේ වාහනයක් අලෙවි කිරීම වැනි කෙටිකාලීන ගනුදෙනුවකට වඩා, පාරිභෝගිකයාට ජීවිත කාලය පුරාම අවශ්‍ය සහයෝගය ලබා දෙමින් විශ්වාසය සහ විනිවිදභාවය මත පදනම් වූ දීර්ඝකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමයි.”
මෙම ප්රදර්ශනාගාර විවෘත කිරීමේ උත්සව සඳහා Toyota Tsusho Asia Pacific ආයතනයේ සාමාන්‍යාධිකාරී හිරෝෂි යොෂිහාෂි මහතා, එහි සමූහ නායක ජෙරිකෝ නෝර්ඩන් මහතා සහ ටොයොටා ලංකා ආයතනයේ නාඕටකා ටකේඩා මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් සහභාගී වූහ. ටොයොටා ලංකා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සහ ව්‍යාපාරික හවුල්කරුවන් ද සහභාගී වූ මෙම උත්සවයන්හිදී, පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන නවීන ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා වූ ඔවුන්ගේ පොදු දැක්ම මැනවින් පිළිඹිබු විය.
රත්මලාන සහ මහනුවර ප්‍රදේශවල මෙම නව ප්රදර්ශනාගාර විවෘත කිරීම හුදෙක් ව්‍යාපාරික ව්‍යාප්තියක් පමණක් නොව, එය සමස්ත දිවයින පුරා සිටින පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරික ආයතන වෙත වඩාත් විශ්වාසදායක රථවාහන විසඳුම් පහසුවෙන් ලබා දීම සඳහා ටොයොටා ලංකා සමූහය සතු නොසැලෙන කැපවීම පෙන්නුම් කරන්නකි.