වරුන් බෙවෙරේජස්  සමාගමේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට නව හවුල්කාරිත්වයක්

Varun Beverages Lanka (Pvt) Ltd සමාගම Cleantech Pvt Ltd Recyclers හා Neptune Recyclers සමඟ මූලික හවුල් සබඳතා ස්ථාපිත කරමින්, ශ්‍රී ලංකාවේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ රට පුරා විශාල පරිමාණ චක්‍රීය ආර්ථිකයක දියුණුව ඉක්මවා ගෙන යාමට දායක වෙයි. Cleantech Pvt Ltd Recyclers සමඟ ක්‍රියාත්මක වන මෙම හවුල්කාරිත්වය තුළින්, Varun Beverages Lanka සමාගම යන්ත්‍රෝපකරණ ආයෝජන හරහා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ධාරිතාව වර්ධනයට දායක වන අතර, පසු භාවිත PET බෝතල් වැඩි කාර්යක්ෂමතාවයකින්, වර්ග කිරීම හා සැකසීම සිදුකර උසස් තත්ත්වයේ ප්‍රතිචක්‍රීකරණ අමුද්‍රව්‍යයක් ලබා ගැනීමේ හැකියාව සවිමත් කරයි.

ඒ සමගාමීව, Neptune Recyclers සමඟ Varun Beverages Lanka සමාගම PET බෝතල් ප්‍රතිසාධන සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා ප්ලාස්ටික්  ප්‍රතිචක්‍රීකරණ  මධ්‍යස්ථානය (MRF) ස්ථාපිත කොට ඒ ඔස්සේ සහයෝගී වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙයින්, ප්‍රජා මට්ටමේ සිට PET බෝතල් එකතු කරමින්,PET සඳහා විශ්වාසදායක සහ තිරසාර සැපයුම් මාර්ගයක් පිහිටු වීමට දායකත්වයක් සපයයි. මෙම සමස්ත හවුල් සම්බන්ධතා මගින් Varun Beverages Lanka සමාඟමේ වගකීම්සහිත ප්ලාස්ටික් කළමනාකරණයේ දිගුකාලීන කැපවීම තවදුරටත් තහවුරු කරමින් සමාගමේ අරමුණු සවිබල ගන්වයි. Cleantech Pvt Ltd Recyclers සහ Neptune Recyclers සමඟ ඇති මෙම පෞද්ගලික අංශ හවුල්කාරිත්වයන්, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන දැක්මට, පරිසර හිතකාමී සම්පත් කළමනාකරණයට සහ සමාගම් වගකීම් ඇතුළත් Extended Producer Responsibility (EPR) වගකීම් ඉටු කිරීමට විශිෂ්ට දායකත්වයක් සපයන ආදර්ශයක් ලෙස පෙන්වා දිය හැක.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *