Alumex PLC සහ Port City Colombo ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC වගකීම් සහිත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ රටේ වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීම සඳහා භාවිත කළ බීම ටින් (UBC) එකතු කිරීමේ බඳුන් Port City Colombo වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. භාවිත කළ බීම ටින් නිවැරදි ලෙස බැහැර කිරීමට දිරිගැන්වීම සඳහා, Marina Promenade සහ වෙරළ තීරය ඇතුළුව Port City හි පොදු ස්ථාන තුළ මෙම බඳුන් තබා ඇත. මෙම මුලපිරීම Alumex PLC හි ප්‍රමුඛතම තිරසාර වැඩසටහන වන ELEVATE හි තවත් එක් පියවරකි.

Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා සහ CHEC Port City Colombo Pvt Ltd හි ආයෝජන ප්‍රවර්ධන හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ටියන් ෂෙන්ග් මහතා අතර මෙම වටිනා හවුල්කාරිත්වය 2025 නොවැම්බර් 07 වන දින සිදුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් වලින් නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය (Special Economic Zone) සහ ප්‍රධාන සැලැස්මක් සහිත නගර සංවර්ධනයක් ලෙස, Port City Colombo ද මෙම මුලපිරීමට හවුල් වීමෙන් භාවිත කළ භාවිත කළ බීම ටින් අපද්‍රව්‍යවල චක්‍රීයභාවය ශක්තිමත් කිරීමට සිය කැපවීම තහවුරු කර ඇත.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මහතා මෙසේ පැවසීය. “රටේ ප්‍රමුඛතම ස්මාර්ට් නගර සංවර්ධනයක් ලෙස, පොදු අවධානය තුළ වගකීම් සහිත අපද්‍රව්‍ය කළමනාකරණ සහ චක්‍රීය ආර්ථික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට Port City බලවත් වේදිකාවක් සපයයි. මෙම සුවිශේෂී ස්ථානය පුරා භාවිත කළ භාවිත කළ බීම ටින් එකතු කිරීමේ බඳුන් ස්ථාපනය කිරීම මගින්, නවීන නාගරික අවකාශයන් සඳහා නව තිරසාර ප්‍රමිතියක් සැකසීමට Alumex උපකාරී වේ.”

CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ, ෂියොන්ග් හොන්ග්ෆෙන්ග් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Port City Colombo හි අපගේ දැක්ම අනුව, තිරසාරභාවය යනු අනාගතය සඳහා සූදානම් නගරයක් පිළිබඳ අපගේ මූලික පදනමටම ගොඩනැඟී ඇති දෙයකි. Alumex සමඟ ඇති මෙම හවුල්කාරිත්වය පරිසරය ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සුරැකීමට සෑම පුද්ගලයෙකුටම දායක වීමට පෙළඹවීමක් ලබා දෙන දැක්ම ක්‍රියාවට නැංවීමට අපට ඉඩ සලසයි. මෙම මුලපිරීම සාමූහික වගකීමකින් කල් පවතින වෙනසක් ඇති කළ හැකි ආකාරය සහ අප සියලු දෙනාම අපේක්ෂා කරන වඩා පිරිසිදු, හරිත අනාගතයක් ගොඩනැඟීමට උපකාරී වනු නොඅනුමානය.

Alumex PLC හි පාරිසරික වගකීම පිළිබඳව වඩාත් දැනුවත් වන විවිධ ජාත්‍යන්තර පාරිභෝගිකයින් සඳහා සේවා සපයයි. Alumex PLC යනු ජාත්‍යන්තර ඇලුමිනියම් ආයතනය (International Aluminium Institute) සහ ඇලුමිනියම් භාරකාරත්ව මුලපිරීම (Aluminium Stewardship Initiative – ASI) ඇතුළු ප්‍රමුඛතම ජාත්‍යන්තර තිරසාර රාමු වල ක්‍රියාකාරී සාමාජිකයෙකි.

මෙම ව්‍යාපෘතිය Alumex PLC හි ELEVATE ESG මාර්ග සිතියමේ කොටසකි. එය තිරසාරභාවය සහ පාර්ශ්වකරුවන්ගේ වටිනාකම් නිර්මාණය කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරයි. මෙය, තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ ගෝලීය මිනුම් ලකුණක් ලෙස Alumex PLC හි තත්ත්වය ශක්තිමත් කරන අතර, පාරිභෝගික තෘප්තිය 85% දක්වා ඉහළ නැංවීම සහ පාර්ශ්වකරුවන් එහි උපාය මාර්ගයේ හා මෙහෙයුම්වල මූලිකාංගය ලෙස තබා ගැනීම අරමුණු කරයි.

සමාගමේ තිරසාර මාර්ග සිතියම සදාචාරාත්මක හා තිරසාර පිළිවෙත් සහතික කිරීම සඳහා සිය සැපයුම් දාම හවුල්කරුවන්ගෙන් 50%ක් සඳහා සමාජීය හා පාරිසරික පරීක්‍ෂාවන් සිදු කිරීමේ ඉලක්කය සමඟ වගකිවයුතු සැපයුම් කෙරෙහි ද අවධාරණය කරයි. Alumex PLC සිය ජල පරිභෝජන තීව්‍රතාව 30%කින් අඩු කිරීමට පොරොන්දු වී ඇති අතර, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ වාසස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අඛණ්ඩව ප්‍රමුඛත්වය දෙයි. සමාගමේ සමාජ සේවා කටයුතු, සේවකයින්ට, ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට ශිෂ්‍යත්ව, අධ්‍යාපන ආධාර, සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ සහ ජීවනෝපාය අවස්ථා ලබා දීම දක්වා විහිදේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *