වාහන සහ ගොඩනැගිලි සඳහා මීළඟ පරම්පරාවේ තාක්ෂණය පිරිනමමින් KT Clean Star විසින් Nano Shine සහ Nano Maintenance හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකික සමාගමක් වන KT Clean Star  විසින් නැනෝ තාක්ෂණය Nano Shine සහ Nano Maintenance සන්නාමය යටතේ පසුගිය දා ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් හඳුන්වාදෙන ලදී. KT Clean Star සමාගම 1989 දී  ධර්මසිරි කාරියවසම් මහතා විසින් ආරම්භ කරන ලද සුප්‍රසිද්ධ KT සමූහයට අනුබද්ධිත සමාගමකී. ජපානයේ System Brain Corporation සමාගම මඟින් නිර්මාණය කරන ලද මෙම නවෝත්පාදනයන් මඟින් උසස්  නැනෝ තාක්ෂණ ආලේපනය සහ නඩත්තු  නිෂ්පාදනය, උසස් කල්පැවැත්ම, මනා දීප්තිය සමඟ නඩත්තු කිරීමේ පහසුව පිරිනමයි.මෙරට මෝටර් රථ මතුපිට සඳහා මනා රැකවරණයක් ලබාදීමට මෙන්ම  ගොඩනැගිලිවල බාහිර පිරිසිදු කිරීම් සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම කෙරෙහි මෙම තාක්ෂණය ඉවහල් වන අතර වීදුරු ,ගල්,වානේ හෝ දැව ආදී ඕනෑම මතුපිටක ආරක්ෂිත ප්‍රමිතීන් ඉහළ නංවයි.   වසර දෙකක් පුරාවට  විවිධ පර්යේෂණ ඔස්සේ සංවර්ධනය කරමින් මේ වන විටත් සිංගප්පූරුව, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් විසින් සිය කටයුතු සඳහා යොදා ගැනෙන මෙම අති නවීන නැනෝ තාක්‍ෂණය මඟින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ ගොඩනැගිලි සඳහා ද ගෝලීය මට්ටමේ නව්‍ය අත්දැකීමක් ලබා දීමට KT Clean Star සමාගම විසින් කටයුතු යොදා ඇත.

මෙහි සෑම නිෂ්පාදනයකම හරය වන්නේ විද්‍යාත්මකව සුවිශේෂී කාර්ය සාධනය සහ ප්‍රතිඵල සනාථ කරන ලද  නැනෝ-ඉංජිනේරු සූත්‍රගත කිරීමකි. මෝටර් රථ සඳහා හඳුන්වා දී ඇති Nano Shine ආලේපන තාක්ෂණය ඔස්සේ  UV කිරණ, දූවිලි සහ වැසිවලට ඔරොත්තු දෙන වාහන මතුපිටට දිගුකාලීන ආරක්ෂාවක් ලබා දෙයි.  ඕනෑම වාහනයක් සඳහා උසස් පෙනුමක් මේ ඔස්සේ එක් කරන අතර වාහනයේ දීප්තිමත් බව ආරක්ෂා කරමින්  සීරීම් සිදුවීම වළකයි. මෙහි ඇති hydrophobic ගුණාංගය තුළින් ජලයෙන් සිදුවිය හැකි හානි අවම කරමින් නඩත්තු කටයුතු  වඩාත් පහසු කරයි. මෙය සියලුම මෝටර් රථ හිමියන් සඳහා ප්‍රායෝගික මෙන්ම පරිසර හිතකාමී විසඳුමකී.

උස් ගොඩනැගිලි සහ අභ්‍යන්තර පරිසරය සඳහා ඉහළ ආරක්ෂාවක  Nano Maintenance මඟින් සපයන අතර දිගුකල් පැවත්මක් සහ මනා දීප්තියක් පවත්වා ගැනීමට උපකාරී වේ.ගොඩනැගිලි බාහිර සහ අභ්‍යන්තර නඩත්තුව මෙමඟින් සැලකිය යුතු ලෙස කාර්යක්ෂම කරමින් විවිධ පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙන නැවුම් මෙන්ම පිරිසිදු නිමාවක් සහතික කරයි.

පුළුල් රසායනාගාර අත්හදා බැලීම් සහ වෘත්තීය මෙන්ම විශේෂඥ පරික්ෂාවන් යටතේ මෙම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය තහවුරු කර ඇත. නව්‍යකරණයේ පුරෝගාමී පියවර සනිටුහන් කරමින්  KT Clean Star සමාගම විසින්  Nano Shine සහ Nano Maintenance සන්නාම යටතේ මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදීම ඔස්සේ මෝටර් රථ මෙන්ම ගොඩනැගිලි මතුපිට ආරක්ෂාව පිළිබඳ නව ප්‍රමිතියක් සනිටුහන් කරයි.එමෙන්ම මේ ඔස්සේ නවීන ජපන් තාක්ෂණයෙන් බලගැන්වෙන අද්විතීය දීප්තිය සහ කල්පැවැත්ම සමඟ සුවපහසු අත්දැකීමක් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත සමීප කරයි.

KT Clean Star සමාගම

1989 දී  ධර්මසිරි කාරියවසම් මහතා විසින් ආරම්භ කරන ලද සුප්‍රසිද්ධ KT සමූහයට අනුබද්ධිත සමාගමක් වන  KT Clean Star සමාගම ආරම්භයේ සිටම තම ව්‍යාපාරික ජාලය පුළුල් කරමින් ප්‍රමුඛ පෙළේ ජපන් සමාගම් රැසක් සමඟ විවිධ ව්‍යාපාරික ලෝකයේ සබඳතා ගොඩනංවා ගෙන ඇත. දීර්ඝ කාලීන අත්දැකීම් සහිත KT සමාගම් තම පාරිභෝගිකයන්ගේ  අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයක් වර්ධනය කර ගැනීමට සමාගම පසුගිය වසර අටක ව්‍යාපාරික  කාලය තුළදී සමත් වී ඇති අතර  පිරිසිදු කිරීම සම්බන්ධ වඩාත්ම අභියෝගාත්මක  කාර්යයන් කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා නව්‍ය ක්‍රමවේදයන් හා විසඳුම් රාශියක් ඉදිරිපත් කර තිබේ. සැමවිටම පාරිභෝගිකයන් ප්‍රමුඛ කරගත්  විශ්වසනීය සහ වෘත්තීය මට්ටමේ පිරිසිදු කිරීමේ  සේවාවක් ලෙස KT Clean Star සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාර ජාලය තුළ ප්‍රමුඛ ස්ථානයක් ගෙන කටයුතු කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *