

දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිලිණ කළ, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI) විශිෂ්ටයෙකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ගේ සහ ජනතාවගේ වෙනස් වන අවශ්‍යතා මැනවින් ඉටු කිරීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරන ලදී.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “අපගේ 44 වන සංවත්සරය සැමරීම, ජනශක්ති ෆිනෑන්ස් හි අප සැමට ඉමහත් ආඩම්බරයක්. මෙම දශක හතර පුරා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ සියලු වෙනස්කම් අපි අත්දැක්කා සහ ඒ අනුව වෙනස් වුනු සියලු පාරිභෝගික අවශ්‍යතා අඛණ්ඩව සපුරාලන්න අපි කටයුතු කළා. මෙම සන්ධිස්ථානය වසර කීයක් ගතවී ඇත්ද යන්න පමණක් නොව, වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට උපකාර කිරීමට, නව අදහස් ගෙන ඒමට සහ වගකිවයුතු ආකාරයකින් වර්ධනය වීමට අප කෙතරම් දැඩි ලෙස කැපවී සිටිනවාද යන්න පෙන්නුම් කරයි. පුරෝගාමීන් විසින් ගොඩනැඟූ ශක්තිමත් පදනම සහ ජනශක්ති සමූහයේ (JXG) අඛණ්ඩ සහයෝගය තුළින් අප ආරම්භයේ සිට අද දක්වා සම්ප්‍රදාය නවීනත්වය සමඟ මුසු කරන ඉදිරි දැක්මක් සහිත ආයතනයක් බවට සාර්ථකව පරිවර්තනය වී ඇත. අපගේ ගමන අප සමූහයේ මූලික වටිනාකම් මඟින් හැඩගස්වා ඇති අතර, එම වටිනාකම් අප කරන සෑම කාර්යක් තුළම ගැබ්ව පවතී.” යනුවෙනි.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් මහතා මෙසේ පැවසීය. “අපගේ 44 වන සංවත්සරය සමරන මේ මොහොතේ, සේවාව, ශක්තිය සහ විශ්වාසය මත ගොඩනැගුණු අපගේ ගමන්මග අපිට ආඩම්බරයෙන් මෙනෙහි කරන්න පුළුවනි. ජනශක්ති සමූහයට (JXG) සම්බන්ධ වූ දා සිට අලුත් ප්‍රතිරූපයකින් වඩාත් නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සමාගමක් ලෙස වර්ධනය වීමට අපි පියවර ගෙන ඇත්තෙමු. මෙය අපි කොතරම් දුර පැමිණ ඇත්ද යන්න පෙන්නුම් කරනවා පමණක් නොව, නව අදහස් භාවිත කරමින් වැඩි පිරිසකට මූල්‍ය සේවා ලබා දීම තුළින් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම යන අපගේ අරමුණ නැවත තහවුරු කරයි. අපගේ ගමනට අඛණ්ඩව සහයෝගය සහ විශ්වාසය ලබා දුන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට සහ පාර්ශ්වකරුවන්ට සමස්ත නායකත්ව කණ්ඩායම වෙනුවෙන් මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමි.”
ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින් වූ සමාගම ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ලෙස මෑතකදී සිදුකරන ලද උපායමාර්ගික සන්නාමකරණය සමාගමේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් විය. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය හා නැඟී එන මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන ජනශක්ති සමූහය (JXG) සමඟ එක්ව ශක්තිමත්ව වර්ධනය වීමේ අරමුණින් මෙම වෙනස සිදු කරන ලදී. එමඟින් ජනශක්ති සමූහයේ කීර්තිනාමය සහ පාරිභෝගික කේන්ද්‍රීය උරුමය සමඟින් මුසු වීමට සමාගමට හැකිවිය.

නව සන්නාමය යටතේ ද, ගනුදෙනුකරුවන්ට මුල් තැන දීම කෙරෙහි සමාගමේ අවධානය තව දුරටත් යොමු වී ඇත. එබැවින් සැබෑ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන ඉතා විශ්වසනීය, එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන්ට සරිලන, නව්‍ය සහ වගකීම් සහගත මූල්‍ය විසඳුම් අඛණ්ඩව ලබා දීමට ජනශක්ති ෆිනෑන්ස් කටයුතු කරනු ඇත. ජනශක්ති ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය මෑතකදී නවීන පරිශ්‍රයකට ගෙන යාමත් සමඟ මෙම කැපවීම තවදුරටත් ශක්තිමත් විය. එය සමාගමේ මෙහෙයුම් කටයුතු පහසු කරමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවන සහ සමාගමේ ඉදිරි දැක්ම පිළිබිඹු කරන වැදගත් පියවරකි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතන පහෙන් එකක් (NBFI) බවට පත්වීමේ පැහැදිලි පස් අවුරුදු ඉලක්කයක් සමාගම සතුව ඇත. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඩිජිටල් තාක්ෂණය භාවිතය වැඩි කිරීමට, වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් සැපයීමට සහ ව්‍යාපාරයට සම්බන්ධ සෑම කෙනෙකුටම දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම සැලසුම් කරයි. ඉදිරිය දෙස බලන විට, ජනශක්ති ෆිනෑන්ස් සමාගම නව ජවයකින් සහ පැහැදිලි අරමුණකින් ඉදිරියට ගමන් කරයි. ජනශක්ති සමූහයේ (JXG) සහයෝගය සහ පැහැදිලි සැලසුම් තුළින්, වැඩි පිරිසකට මූල්‍ය පහසුකම් ලබා දෙමින්, නවෝත්පාදනයන්ට සහ පාරිභෝගික විශ්වාසයට සෑමවිටම මුල් තැන දීම කෙරෙහි අවධානය යොමු කරන අනාගතයක් ගොඩනැගීමට සමාගම සූදානමින් සිටී.

අවසන්.
ජනශක්ති ෆිනෑන්ස් (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සමාගම පිළිබඳව :
ස්ථාවරත්වය, ශක්තිය, විශ්වසනීයත්වය සහ විශේෂඥතාව සමඟින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 44කට අධික කාලයක් පුරා සේවා ලබා දෙන ජනශක්ති ෆිනෑන්ස් සමාගම, ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා තැන්පතු, ඉතුරුම් ගිණුම්, ලීසිං, රන් ණය, විකල්ප මූල්‍ය විසඳුම්, ආයතනික මූල්‍යකරණය ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් හඳුන්වා දී ඇත. නිරන්තරයෙන් නව්‍යකරණයට ප්‍රමුඛත්වය ලබා දෙන ජනශක්ති ෆිනෑන්ස් සමාගම, ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා කේන්ද්‍ර කර ගත් මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස ජනාදරයට පාත්‍ර වී ඇත. කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන, LRA මගින් BB+ (Positive Outlook) ශ්‍රේණිගත කිරීම ලබා ඇති සමාගමකි.